(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අනුර දිසානායක මහතාට රට හදන්නට හැකිනම් තමා ඉවත් වී එතුමාට අග්‍රාමාත්‍ය ධුරයේ දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ඇමැති මණ්ඩලයත් ඉවත්වී අනුර දිසානායක මහතා අගමැති ධුරයට පත්කරන ලෙස මා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.පාරට බැහැලා පෙළපාළි යන්නට වුවමනා නැහැ .කිසිම පෙළපාලියක් උවමනා වන්නේ නැහැ.අපට කරන්නට තිබෙන්නේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පාර්ලිමේන්තුව රැස්වී අපි මේ වැඩසටහන වාද විවාද කිරීමයි."යනුවෙන් ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුරට නෙමෙ මෙ ආන්ඩුව කාට දුන්නත් මිනිස්සු සල්ලි එවන්නෙ නැහැ. ඩොලර් නැතුව අනුර කියල මොනව කරන්නද. අනිවර්යෙන් ජන්දදයක් ඔනෙමයි. අලුත් ජනපති කෙනෙක් අලුත් ආන්ඩුවක් යට් මිසක් මිනිස්සු සල්ලි එවන්නෙ නැහැ. කිසිම රටක් නය දෙන්නෙනෑ, ආයතනයක් නය දෙන්නෙත් නැහැ. එක නිසා අනුරට කියන්න තියෙන්නෙ නිකන් මහ දවල් වලේ වැටෙන්න නම් එා.
ඔන්න තැන් තැන් වල කියව කියව ඉන්නෙ නැතුව බාර අරන් කරන්න අවස්තාවක්. බලමු බාර ගනීද කියලා..
අගමැතිතුමා පරණ යාලුවව අමාරැවෙ දාන්න යන්නෙ ඕන නැති යෝජන ගෙනල්ල.
මෙච්චර එක මන්ත්‍රී ආසනයක් දිනන්න බැරි වෙන්න රජ ගෙදරින් පන්නලත් ලැජ්ජ නැති තරම...යකෝ මේ රට පාලනය කරන්න කොච්චර තරුණ උගත් කෝල්ලො ඉන්නවද? දැන් හොඳටම ඇති හොර නාකි ටික රට කෑව...තොලොන්චි වෙලා යන එකයි ඇත්තෙ
ඉතා හොඳ අදහසක් .... බොරු කයිවාරු නවත්තල වැඩ පෙන්නන්න.
ඔන්න දැන් මුහුනුපොතේන් රට පාලනය නොකොට රට බාරගෙන අප මේ අමාරුවෙන් බේරාගනු මැනවි
කතාව සහතික ඇත්ත... ඔය රැවුල් කට්ටිය දන්න දේකුත් නෑ. කාටවත් වැඩක් කරන්න දන්නෙත් නෑ. අර දැක්කේ නැද්ද මෙච්චර ප්‍රශ්න තියෙද්දී විපක්ෂයේ අය කෑ ගහගෙන නටන විදිහ.
ඉස්සෙල්ලා ගෝඨාට ගෙදර යන්න දෙන්න... ඊට පස්සේ ඔහු වගකීම ගනීවි.
අනුරට නෙවෙයි... ඕන කෙනෙකුට රට කරන්න පුළුවන්... නන්දසේන සහ නඩය අයින්වෙලා ගියොත්... අලුත් ජනාධිපති සහ අලුත් ආණ්ඩුවක් ආවොත් අනිවාර්යයෙන්ම පිටරට ඉන්න අය නියම ක්‍රමයට සල්ලි එවන්න ලෑස්තියි.
ඔන්න වෙලාව. කෝඳුරු තෙල් හත්පට්ටයක් ඉල්ලන්නේ නැතිව වැඩ පෙන්නන්න බාරගන්න අගමැතිකම. ආයේ එන්නේ නැහැ ඔය අවස්ථාවක්. බලමු කරයි ද කියලා කතාව වගේ වඩාත්. වැඩක් නොකෙරුවත් බාරගත්තත් ඇති මේ වෙලාවේ. රට තියෙන තත්වයෙන් වෙනසක් වෙන්න.
අගමැති මාරු කර කර හිටියා කියලා මේ ප්‍රශ්නය විසදෙන්නේ නෑ. ජනාධිපති අගමැති ඇතුළු මුළු පාර්ලිමේන්තුවම ගෙදර යන්න ඕන. ඊට පස්සේ මැතිවරණයකින් ආණ්ඩුවක් පිහිටුවන්න ඕන. හැබැයි ඒ ආණ්ඩුවත් රනිල් රාජපක්ෂලා නැති ආණ්ඩුවක් වෙන්න ඕන.
අගමැති තුමනි ඔබට බැරි බව ඔබේ කතාවෙන් පැහැදිලියි. කාලය නාස්ති නොකර ජනතාවට අවශ්‍ය නායකයන් පත්කරගන්න අවස්ථාව සලස්වන්න. එවිට ජාත්‍යන්තර සහය ලැබේවි.
අනුරට පුළුවන් නම් අයින් වෙනවා කියයි නෙමෙයි, මට බැරිනම් පොල් ගගා ඉන්නේ නැතිව අයින් වෙනවා කියලා අයින් වෙන්න. දැන් බලාගෙන ගියාම මහජන මුදලින් පින්පඩි ගෙවනවා වගේ වැඩක්නේ මෙතන වෙන්නේ..?
මෙ වෙලාවෙ අනුර රට ගොඩ දැම්මත් ක්‍රෙරෙඩිට් එක යන්නෙ ගොටාබයට. චන්දෙ වෙලාවකදි අනිව මේක ප්‍රොමෝට් කරනව පොහොට්ටුවෙ සෙට් එක. එතකොට ඊලග පාරත් ජනාදිපති රාජපක්ෂ කෙනෙක්. JVP එක හැමදාම විපක්ශෙ. අනුර ඔය උගුලට අහු වෙන්න එපා ප්ලීීස්
මහා ලොකුවට කරන්න පුළුවන් කියල නේද ආවේ. දැන් මොනවටද අනුරට අභියෝග කරන්නේ?
ආයෙමත් රනිල් කපටිකමින් රට අන්දන්න හදන්නෙ ඛොරැවට අනුරට රට බාරගන්න කියල.මෙයා හැමදාම කලේ බොරැ වංගුවක් ගහල රටම ඉල්ලන ජනාධිපතිවරයාට යන්න කියන එක මගහරින්න. මන්ත්‍රීවරුන් 50ස් ගනනක් ඉන්න සජිත්ට නොදී මන්ත්‍රීවරුන් 3ක් ඉන්න අනුරට ආන්ඩුව කරන්න කියන්නෙ තනිකරම ගේමකට සජිත් එක්ක.ලංකා දේශපාලනයේ බිහිවන කැතම කෙනෙක් තමයි රනිල්.
ඔයා රටේ අගමැති නේද? පැනලා බාරගෙන දැන් අනිත් අයට ගන්න කියන්නේ? මුළු අරගලයම පාවා දීලා, ගෝඨාව බේරා ගත්තා. අරහෙන් මෙහෙන් බිලියන ගණන් ගේනවා කිව්වා. සත පහක් නෑ. කයිවල ඉවරයක් නෑ.
මේ රටේ හිටපු වාරිමාර්ග කෘෂිකර්ම හා ඉඩම් ඇමැතිවරයෙකුටද මේ අගමැති කම හිමිවන්න යන්නේ
සත්‍ය වශයෙන්ම,අනුර කුමාර දිසානායක මහතා මේ රට බාරගෙන කරන්නකෝ මේ බාරදෙන්න කැමති වෙලාවේ ...
දැන් අනුර කියයි ගෝටා ඉන්නකම් බෑ කියලා. යම් විදියකින් ගෝටා අයින් උනොත් කියයි දැන් බෑ පොලව ඇදයි කියලා
අනුරගෙ පක්ෂයේ මංත්‍රී වරිය විශ්ව විද්‍යාලයක ආචාර්ය වරියක්.ඇය වැඩකරන විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු කෙරෙන්නේ ඉබි ගමනටත් වඩා හෙමින් අනෙක් විශ්ව විද්‍යාල වලත් අනධ්‍යන කාර්‍ය මණ්ඩල වැඩ වැරුවා.කොරෝනා නිසා වහලා තිබුනා නමුත් අනෙක් සියලු විශ්ව විද්‍යාල වල ඔන් ලයින් උගන්වා විභාග තියලා උපාධි දුන්නා ඇය සිටින විශ්ව විද්‍යාලයේ එහෙම නැහැ ඉතින් පේනවා නේද ඒ ගොල්ලො කොහොම කරයිද කියලා රැවටෙන්න නම් එපා
මුළු ලංකාවම යූනියන් කෙනෙක් කරලා ඉවරයි. කුමාරත් මේවට වගකියන්න ඕනේ...!
ගොබ්බ නන්දසේනයාත්,මේ හොරුන් ඉන්න,පාර්ලිමේන්තුවත් සමග රට,බාර ගන්නඑකා බූරුවෙක් වෙය යුතුයි.මුන් ඉන්නකං කිසිදු රටක් හෝ විදේස වල ඉන්න ලාංකිකයෙක් රටය උදව් කරන්නේ නෑ.
ඔන්න පුළුවන් නම් කයිවාරු කොන්දේසි නවත්තල අරන් කරන එකයි ඇත්තේ. කොහෙද ඉතින් ගිනිතියන්නයි කොම්පැනි වල ස්ත්රයික් කරලා කප්පම් ගන්නයි පුළුවන් වුනාට වැඩක් කරන්න පුළුවන් මිනිහෙක්ද.
හිතෙන හිතෙන එකාට අගමති කම බෙදන්න එක කාගෙවත් බුදලයද? එ අයිතිය තියෙන්නෙ ජනතාවට පමනයි. වහාම මතිවරණයක් පවත්වනු, ජනතාව තිරනෙ කරයි කවුද අගමති වෙන්නෙ කියලා, එක නරියන්ගෙ, කපුටන්ගෙ , මයිනනගෙ ැඩක් නෙමෙයි.
මේ ජනාධිපති යටතේ කිසිම දෙයක් බාරගන්න එපා... ලංකාවේ මිනිස්සුන්ට ඕනෑම දෙයක් මතක ටික කාලයයි. ඒ නිසා කරන දෙයක් අලුත් ආණ්ඩුවක් යටතේ කරන්න. නැතිනම් ඔයාලා මේක හැදුවත් පොඩි ප්‍රශ්න කීපයක් ගෙනැල්ලා ඔයාලාව එළවලා ටික කාලෙකින් ආයේ වෙන මොකක්හරි පත්කරගනී. භාණ්ඩාගාරයේ සල්ලි ඔක්කොම ටික අතුරුදන් කරවලා දාන්න..
ගන්න අනුර... අපි කරමු..
JVP යට සහ පෙරටුගාමීන්ට කරන්ඩ පුළුවන් විරෝධතාවනුයි රට අස්ථාවර කරන එක විතරයි.
එදා යහපාලානේ කාලේ නඩුදාළ අගමැතිකම බේරලා දුන්නට කාලගුණ සලකන්න වගේ හදන්නේ.එක වැල්ලේ පොල් ඔය දෙන්නම.
අනිවාර්යෙන්ම ජනාධිපති ඇතුලු හොර තක්කඩි ටික අයින් කරලා දාන්න ඕනේ ඉස්සෙල්ලාම
අනේ AKD මහත්තයෝ... මිනිස්සු ගැන හිත අරගන්න රටේ මේ වෙලාවේ... අනිත් අයට වඩා දශමයකින් හරි ඔයාලා හොඳට වැඩේ කරනවා කියලා මිනිස්සු දන්නවා.
අපිට අනුර වැඩකුත් නැහැ, රනිල් වැඩකුත් නැහැ. අපිට අවශ්‍ය සාලිය පීරිස් මහත්තයා යටතේ අන්තර්වාර පාලනයක් ගෙනැල්ලා.., ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ මහ මැතිවරණයකට යන්න...
අනුර ජනාධිපති වුණත් උණ්ඩියල් දෙන ගාණ වැඩි නම් රටේ ඉන්න මිනිස්සු ඩිරෙක්ට් සල්ලි එවන්නේ නැහැ. රුපියල පා කරලා රටේ ඉන්න මිනිස්සුන්ට සහන දෙන්නම වෙනවා. රටේ ඉන්න ගොඩාක් දෙනෙක් අඩුගාණට සල්ලි මාරු කරන්නේ නැහැ...
මේ පාර්ලිමේන්තු සංයුතිය ඇතුළේ නිවැරැදි ජනමතය නියෝජනය වෙන්නේ නැහැ... ජනතාව කලකිරිලා ඉන්නේ. ඡන්දයක් අවශ්‍යයි. නැතුව රට තවත් වලපල්ලටම යනවා ගොඩගන්න බැරි තත්වයටම... දැනටත් පරක්කු වැඩියි..
අන්න දෙන්න රනිල් මහත්තයෝ. මෙයත් කෝඳුරු තෙල් හත්පට්ටයකුත් තව ටිකක් ඉල්ලාවිද? බලමු කරන විදිහ. නැතිනම් අන්දරේ වගේ වැටුන ආර්ථිකය උස්සලා මගේ කරින් තියන්න මම ගොඩට දාන්නම් කියාවිද? එහෙම කිව්වොත් පස්සට පා පහරක් දෙන්න. මේ ඉන්න 225 නා ගෙන් කැබිනට්ටුවක් හදන්නම් කියලා නේද කියන්නේ? බලමු කරන විදිහ. රට ගොඩගන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. මීයෝ අල්ලනවානම් මොකා උනත් කමක් නැහැ. හැබැයි බැරි උනොත් හොඳ කඹයකුත් ලැහැස්තිපිට තියා ගන්න ජයවේවා.
අනුරට කරන්න පුලුවන්ද නැත්ද කියන එක මිනිස්සු බලාගනීවි , රනිල් තුමා ට තියෙන්නේ තමගේ අසාර්ථකත්වය පිළිඅරගෙන ,ඒවා ගැන හොයන්නේ නැතිව අස්වෙලා යන්න , සැලැස්ම වල ගැන සාකච්චා කරන්න එයාට තිබෙන අයිතිය කුමක්ද ?
ජනාධිපති නන්දසේන අයින්වෙන්න,රනිල් අයින් වෙන්න,රාජපක්ෂලා අයින්වෙන්න ඉස්සෙල්ලාම.මේ ගොබ්බ සෙට් එක බලයේ සිටින තුරු මේ රට බාර අරගෙන කරන්න බෑ.මේ රට ගොඩගන්න පුළුවන්.ලංකාවට ඩොලර් එවන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා.
ඊළඟට වෙන දේ තේරෙන්නේ නෑ තාම කාටවත්, අගමැතිතුමා එහෙමත් දෙයිද වෙන අදහසක් තියෙන්නේ හිතේ...!
මට ලොකු ප්‍රශ්නයක් තියනවා. රනිල් ප්‍රමුඛ ආණ්ඩුවට විරුද්ධව කවුරු හරි අදහසක් දැමුවොත් මෙතන මාර විදියට ඩිස්ලයික් වැටෙනවා. මෙතැන තියෙන්නේ මහ පොළවේ යතාර්ථය නෙමෙයිද? කෘතිම මවා පෑමක්ද? මහ පොළවේ යථාර්ථය බැලුවොත් නම් මෙතැන තියෙන්නේ අමුතුම එකක්...
මේක අච්චාරු හැලියක් කරන්න එපා. ඔබලා මේ කරන්නේ රටේ ජනතාව ටික ටික මරන්න. නියම ක්‍රමය නම් ජනමත විචාරණයක් තුළින් අසමත් පාලකයන් ඉවත් වී පිළිගත් ඡන්දයක් පැවත්වීම නොවේද?
විවිධාකාර අදහස්වලට, පාඨකයින් දමා ඇති ප්‍රතිචාරවලින් හිතාගන්න පුළුවන් ජවිපෙ, අනුර කුමාර ගැන රටේ ජනතාව දකින විදිහ. මේ ටික තේරුම් අරගෙන ජවිපය තමන්ට හිමි 3% ආරක්ෂා කරගත්තොත් හොඳයි.
රනිල්ගේ බූදලයක් කියලද මෙයා හිතාගෙන ඉන්නේ..?
Anura Kumara gave a correct answer and emphasized his inability to do so !
අගමැතිකම අරගෙන මාස 6න් රට ගොඩදා පෙන්වන්න. බැරි වුණොත් සහෝදර මචන්ට කටේ නරිවාදම රෙද්ද පල්ලේ පෙරපෙර දුවන්න පාරේ ඉඩහදලා දෙමු...!
අනුර / ජේ වී පී රට බාර ගත්තොත් චීනයෙන් රුසියාවෙන් උපරිම සහයෝගය ලැබෙන එක නම් ස්තිරයි.
මෙතැන හැමෝම පුවත හරියට දැනගෙන නොවේ අදහස් දමන්නේ. ජනපති අස් වුනොත් අගමැතිකම අරගෙන මාස 6 න් වර්තමාන අර්බුද තත්වය ඉන්ධන, විදුලිය කරලා ඉන්පස්සේ මැතිවරණයක් තියලා රජයක් පිහිටුවා ගන්න ඉඩ දෙනවා කිව්වේ... හොඳට ඒ සංවාද අන්තර්ජාලයෙන් ගන්න... කොහොමටත් අවුරුදු 10ක් අපිට විඳවන්න වෙනවාම තමයි...
මොකෙක් ආවත් සිංහල බවුද්ධයෙක් එන්නෙ මුහුන විතරයි වෙනසට තියෙන්නෙ ජාතිවාදයෙන් අගම්වාදයෙන් පිරුණු රටක් (මෙ ශ්‍රී ලංකන්) මහජාතිය/සුලුජාතිය විතරයි, බෞද්ධ පාසල් /හින්දු පාසල් හැමදෙයින්ම බේදකරල තියෙන්නෙ සෑම දෙයක්ම තීරණය වෙන්නෙ තමන්ගෙ ආගම සහ ජාතිය අනුවයි. රටක් හැටියට ඉදිරියට යන්න පුලුවන්ද? සින්ගප්පුරුව වගෙ වෙන එක සිහිනයක් විතරයි. තෙරුවන් සරණයි.
අනුර ඔය කතාවට ලස්සන උත්තරයක් දුන්නා. මේ පත්තරේ නමත් එක්කම කිව්වා. හොයාගෙන බලන්න
අනිල් කොහොමද අනුර කුමාරට අගමැතිකම දෙන්නේ? ශ්‍රී ලාංකික මහජනතාව ප්‍රතික්ෂේප කරන ලද හොරෙන් පින් අගමැති බවට පත්වූ රනිල් වික්‍රමසිංහට කාවවත් අගමැති කරන්න බෑ. අගමැති පුටුවේ ඔහුට වාඩිවෙන්න පුළුවන් කමක් නොමැත. ඔබලාගේ පත්තර ශ්‍රී ලාංකිකයන් අන්දවන ආකාරය ලිපි ලියනවා ඔවැනි දේවල් නොකරන්න සම්පූර්ණයෙන් අනුර කළ කතාව අවංකව පත්තරේ දාන්න. මහජනතාව එතකොට තේරුම් ගනියි කවුද ශ්‍රී ලංකාවේ නායකත්වයට සුදුසු පුද්ගලයා බව... ශ්‍රී ලංකා ඔවැනි තත්ත්වයට පැමිණීමට ප්‍රධානම හේතුවක් තමයි ඔය බැංකු හොරුන්. රනිල් වික්‍රමසිංහට අනුර සමඟ හැරෙන්න වත් බැහැ.
රනිල් 6 වෙනි වතාවටත් පෙන්වනවා එයාලට බැහැ කියලා... මහින්දට කොහොමත් බැහැ. ගෝඨාභය මුලින් ඉඳන්ම ගොම නාගත්තා.. මේතරම් කුහකයින් ලොවෙත් නැතිව ඇති. ඉතින් මේ රටට කෙළ වෙන එක අහන්නත් දෙයක්ද? අර බමුණෙක් ඉන්නවා.. අඳින්නෙම සීතාම්බර සළු...
හැමෝම ආසයි... අගමැතිලා, ජනාධිපතිලා වෙන්න ඒ හීන තමන්ගේ ළඟම තියන් ඉන්න ආයේ අමාරුවේ නොදා කයිවාරු ගහන්න තරම් රටක් හදන එක පහසු නෑ. මේ කාටවත් බෑ සමස්තයම මේ විනාශයට වගකිව යුතුයි..
අන්න අනුර ඉල්ලනවා දැන් ඉතින් දීල ගියානම් හරි පප්පෙ. කිව්ව වගේ දැන් බෑ නොකියා.
හැමෝම ආසයි බයයි...!
අනුර මේ අවස්ථාවේදී ජනාධිපති ඉවත් වුණත් කීයටවත් අගමැතිකම බාරගන්නේ නෑ. මොකද අතීතයේ ඉඳන් අත්දැකීම් තියනවනේ? කෑගැහිල්ල විතරයි වගකීම් භාර ගන්නේ නැහැ. රට අගාධයට වැටිච්ච මේ අවස්ථාවේදී ප්‍රේමදාස කාලයේ නම් ගත්තු ණය චන්ද්‍රිකා මහින්ද රනිල් මෛත්‍රී ගෝඨා ගනිපු ණයවල වාරික ගෙවන්න තියෙනවා. රටේ කිසිම ආදායමක් නෑ. පොහොරත් නෑ. කෘෂිකර්මාන්තයත් ඉවරයි. ඉතිං අනුර ඩොලර් හොයන්නේ කොහොමද? ගෑස්, ඩීසල්, පෙට්‍රල්, ආයතන වලටත් ණය ගෙවන්න තියෙනවා. ඉතිං, ගෑස්, ඩීසල්, පෙට්‍රල් නොකඩවා ජනතාවට ලබා දෙන්නේ කොහොමද? ලෝක වෙළෙඳ පළේ පොහොර ගණන් ගිහිල්ලා. පොහොර ආයතන වලටත් සල්ලි දෙන්න තියෙනවා. යුක්රේන රුසියා අර්බුදය නිසා සමහර රටවල් පොහොර දෙන්නේ නෑ. ඉතිං අනුර කොහොමද? ගොවියාට අඩුමිලට නොකඩවා පොහොර ලබා දෙන්නේ? රටේ විශාල විදුලි අර්බුදයක් තියෙනවා. විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ගබඩා කරන ලද ජලය අපතේ යවා, ජෙනරේටර් කඩලා තමන්ගේ මඩිය තරකර ගන්නා ඉංජිනේරුවන්ට මොකද කරන්නේ? මෙවැනි තත්ත්වයක් තිබියදී ලාංකික ජනතාවට නොකඩවා විදුලිය ලබා දෙන්නේ කෙසේද? පොහොරත් නෑ හාලුත් නෑ. ඩඩ්ලිගේ හාල් මාෆියාව විදුලිබල මණ්ඩලයේ ඛනිජ තෙල් සංස්ථාවේ, වරායේ විශාල සේවක අතිරික්තයක් තියෙනවා...