IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ජීවන වියදම් අනුකාරක සභාව යළි පිහිටුවයි

(ඩයනා උදයංගනී)

ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව යළිත් ස්ථාපිත කිරීමට ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

ජීවන වියදම් ස්ථාවරව පවත්වා ගෙන යෑම සඳහා මෙම පියවර ගෙන ඇති අතර ජනාධිපතිවරයාගේ සභාපතීත්වයෙන් හා කමිටු සාමාජිකයින් හත්දෙනෙකුගේ යුතුව එය ස්ථාපිත කිරීමට නියමිතය

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු යන මහත්වරු මෙහි සෙසු සාමාජිකයෝ වෙති.

මේ අතර ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ කටයුතු සඳහා සහය වීමට වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන් සහ අදාළ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ආහාර සුරක්ෂිතතා කමිටුව පත්කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.



අදහස් (2)

ජීවන වියදම් අනුකාරක සභාව යළි පිහිටුවයි

ravin Tuesday, 05 July 2022 12:06 PM

රටේ ජනතාව තුළ කිසිම විශ්වාසයක් නැති පාර්ලිමේන්තුව ඇයි මේ තව තව මහජන මුදල් නාස්ති කරන්නේ..? ඔය කමිටු කීයක් තියෙනවද? වියහියදම් සෑම සතයක්ම බැලුවොත් ඇතිවුණු මහජන සුබසිද්ධිය... පවු දෙන්න එපා...

:       0       0

fairoos Tuesday, 05 July 2022 01:22 PM

නිකන් කල්මරනවා... ඔය දෙන්නා ඉවත්වෙලා ගියොත් තමයි රටට සෙත...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site