IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ලංකාපුර පරිපාලන නිලධාරිනිය ඝාතනයට සැමියා අත්අඩංගුවට

(ක.ග.කරුණාරත්න සහ නිමල් ජයරත්න)

පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යායේ පරිපාලන නිලධාරිණියක ලෙස සේවය කළ එම්.එම්.යමුනා පද්මිණී (42) මහත්මියගේ ඝාතනය සම්බන්‍ධයෙන් ඇගේ සැමියා  සැකපිට අද අත් අඩංගුවට ගත්බව පොලීසිය කියයි.

මෙම ඝාතනය සඳහා යොදාගත් බව කියන පොරොවක්ද සොයාගත් බව පොලීසිය පවසයි.

පොලොන්නරුව,බී.ඕ.පී.316,තල්පොත ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක වන ඇය පසුගිය 04 වැනිදා අලුයම සිය නිවෙසේ නිදා සිටියදී තියුණු ආයුධයකින් හිසට පහරදී ඝාතනය කර තිබූ බව පුලස්තිපුර පොලීසිය සිදුකළ මූලික පරීක්‍ෂණවලදී අනාවරණයවී තිබුණි.

මෙම කාන්තාව සහ ඇගේ සැමියා සිය දරුවන් දෙදෙනාද සමඟ නිවෙසේ උඩුමහලේ  කාමරයේ නිදා සිටියදී ඔවුන් සිටි කාමරයට හොර රහසේ ඇතුලු වු කිසියම් පුද්ගලයකු මෙම පහරදීම සිදුකර පලා ගිය බව ඇගේ සැමියා ප්‍රථමයෙන්ම පොලීසියට ප්‍රකාශකර තිබුණි.

මෙම පහරදීම හේතුවෙන් බරපතල ලෙස තුවාල ලබාසිටි කාන්තාව රෝහල්ගත කරන අවස්ථාවේදීත් මියගොස් සිටි බව පොලීසිය සිදුකල විමර්ශනවලදී අනාවරණයවී තිබේ.

ඉන්පසුව සිදුකල පරීක්‍ෂණවලින් පසුව මරණකාරියගේ සැමියා සැකපිට අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඝාතනයට අදාල තොරතුරු රැසක් සැකකරුගෙන් හෙලිවූ බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු ප්‍රකාශ කළහ.

 



අදහස් (1)

ලංකාපුර පරිපාලන නිලධාරිනිය ඝාතනයට සැමියා අත්අඩංගුවට

yaka malli Wednesday, 06 July 2022 10:25 AM

මනුස්සයගෙ කටඋත්තරෙ අහන ඔනම කෙනෙක්ට තේරෙනව රෙඩි බොරුවක් කියන්නෙ කියල. මීට කලින් ගෑනියි ලමයි දෙන්නයි මැරුව එකටත් කිවෙ ඔය වගෙ කතවක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 914 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site