(ඩයනා උදයංගනී)
වී ගොවීන් රාජ්‍ය බැංකුවලින් ලබාගෙන ඇති නොගෙවූ ණය කපා හැරීමේ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
ඒ අනුව හෙක්ටයාර දෙකක් හෝ ඊට අඩු ඉඩම් ප්‍රමාණයක වී වගාව සඳහා ලබාගෙන ඇති ගෙවීමට අපහසු ණය මුදල් කපාහැරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
පාස්කු ප්‍රහාරය හා ඉන්පසු ඇතිවූ කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රට තුළ නිර්මාණය වූ ආර්ථික අර්බුදය තවදුරටත් තීව්‍ර වෙමින් සෑම ක්‍ෂේත්‍රයක් කෙරෙහිම ඍජු හා වක්‍ර ලෙක දැඩි බලපෑම් එල්ල කරමින් පවතින බවත්, සමස්ත ජනගහණයෙන් සියයට 30ක් පමණ වන ගොවි ජනතාවටද දරාගත නොහැකි තත්වයක් ඇතිවී ඇති බැවින් ඔවුන් ලබාගත් ණය ගෙවීම අතපසු වී ඇතැයි ද එම යෝජනාවේ දැක්වේ.
මේ හේතුවෙන් ගොවීන් විසින් ලබාගෙන නොගෙවූ ණය බැංකු විසින් අක්‍රීය ණය ලෙස වර්ගීකරණය කර ඇතැයි ද එහි දැක්වේ.
එමෙන්ම රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර සඳහා යොමුවීමත් සමඟ ගොවි ජනතාව මුහුණ පා ඇති දුෂ්කරතාවය හා ඉදිරි මහ කන්නයේ දී වී වගාව සඳහා ණය ලබාගැනීමට යාමේදී ගොවීන් පත්වන අසීරුතාවය ද ද සැලකිල්ලට ගෙන රජය මෙම තීරණය ගෙන ඇත.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
වී ගොවීන්ගේ නොගෙවූ ණය කපා හැරෙයි
Sujatha de silva Tuesday, 05 July 2022 03:01 PM
රාජ්‍ය හා පුද්ගලික බැංකුවලින් ඉදිකිරීම් අංශයට ලබා දී ඇති සියළු ණය කපා හරින්න
චන්දන Tuesday, 05 July 2022 06:08 PM
ප්‍රශංසනීය වැඩක් .
Bamunuarachchi Tuesday, 05 July 2022 07:41 PM
මිලියන ගණන් නය අරන් පොලු තිබ්බ සල්ලිකාරයින්ගේ නය කපා හරිනවානම් මේ සුළු ණය කපා හරියාම මොකෝ?