කොරෝනා ආසාදිතයන් අදත් දහස පනි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1082 දෙනකු අද (31) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 31 January 2022
කොරෝනා මරණ 21 වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 21 දෙනකු ඊයේ (30) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (32) තහවුරු කළේය. 31 January 2022
‘‘අපි අම්මා බලා ගන්නවා නම් සජිත්ට අම්මා බලා ගන්න බැරි ද‘‘ අපේ ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිට, අගමැතිට ඇතුළු සියළු දෙනාටම ලබා දුන් විශ්‍රාම වැටුප වහාම හෝසි කරනවා. ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වෙලා හිටියා ඒතුමා මිය ගියාට පස්සේ ඒතුමගේ නෝනා ප්‍රේමදාස මහත්මියට ආණ්ඩුවේ සල්ලිවලින් විශ්‍රාම වැටුපක් තවම ගෙවනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. 31 January 2022
ඩොලර් රට යැවූ බව කියන දෙදෙනකු ගැන විමර්ශනක් භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් රුපියල් කෝටි 26 කට ආසන්න ඇමරිකානු ඩොලර් විදේශයන්ට (ප්‍රේෂණය ) යැවූ බව කියන ව්‍යාපාරිකයන් දෙදෙනකු පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ අද (31) කරුණු වාර්තාකර ඇත. 31 January 2022
කොළඹ නගර සභා කමිටු රැස්වීමේදී කුණු බිත්තර ප්‍රහාරයක් කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන මහතාට අද (31) පෙරවරුවේ එහි පැවැති කමිටු රැස්වීමක දී මිරිස්කුඩු මිශ්‍ර කුණුබිත්තර ප්‍රහාරයක් එල්ල වී ඇත. 31 January 2022
නිහාල් නෙල්සන්ටත් කොරෝනා ජනප්‍රිය ගායක නිහාල් නෙල්සන් මහතාටද කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරුවී ඇත. 31 January 2022
ආණ්ඩුව මාරුවෙද්දී පාලමේ ඉදිකිරීම් නතර වෙලා තිස්සමහාරාම මෝද පැළැස්ස කිරිඳිඔය හරහා ඉදිකළ පාලමේ ඉදිකිරීම් අතරමග නතර වීම නිසා ගම්වාසීහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති. 31 January 2022
කෘමි නාශක නැතිව අර්තාපල් වගා වැනසෙයි ඌවපරණගම සහ වැලිමඩ ප්‍රදේශයේ මෙවර මහ කන්නයේ දේශිය අර්තාපල් අස්වනු නෙලීම ආරම්භව ඇතත් කාබනික පොහොර භාවිතය හේතුවෙන් අර්තාපල් වගාව අතර පණුවන් බෝවීම නිසා වගාවන් විනාශ වී ඇතැයි ඌව පරණගම අර්තාපල් ගොවිහු කියති. 31 January 2022
කෝටි 350 කුඩු සමග ඇල්ලූ 12 රිමාන්ඩ් දකුණු මුහුදේ දී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 350 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 350 කට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නාශක භාරයේ රැඳවුම් නියෝග මත සිටි සැකකරුවන් දාහත් දෙනෙකු අතරින් බෝට්ටු හිමිකරුවෙකු ඇතුළු පස් දෙනෙකු නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (31) නියෝග කළේය. 31 January 2022
උතුරු කොරියාව මිසයිලයක් අත්හදා බලයි හවාසොංග්-12 මිසයිලය ඉරිදා දින සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියාව පවසයි . මෙම මිසයිල අත්හදා බැලීම 2017 වසරෙන් පසු කළ ප්රබලතම මිසයිල අත්හදා බැලීම වේ . 31 January 2022
දින 29කදී සංචාරකයන් 76,538ක් ඇවිත් මෙම වසරේ පළමු දින 29 ක කාලයේදී සංචාරකයන් 76,538 දෙනෙකු පැමීණ ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 31 January 2022
74 නිදහස් සැමරුමට විරුවෝ 6,500ක් මෙවර නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සහ ශිෂ්‍ය භට සාමාජිකයන් 6,500ක් සහභාගී වන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය. 31 January 2022
නිදහස් දින ආරක්ෂාවට නිලධාරීන් 3000 ක් පෙබරවාරි මස 4 වැනිදාට යෙදී ඇති 74 වන ජාතික නිදහස් දිනය සැමරීම වෙනුවෙන් කොළඹදී එදින පෙරවරුවේ පවත්වන සමරු උළෙල වෙනුවෙන් කොළඹ නගර සීමාව සහ බස්නාහිර පළාත ආවරණය වන පරිදි ආරක්ෂක නිලධාරීන් 3000 කට අධික පිරිසක් ආරක්ෂාව සඳහා යොදවන බව පොලිසිය පවසයි. 31 January 2022
සෞඛ්‍ය මාර්ගෝපදේශ 28 දක්වා දීර්ඝ කරයි කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා හඳුන්වා දුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ මේ මාසය පුරා දිගටම ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශ ප්‍රධානීන් තීරණය කර ඇත. 31 January 2022
ශ්‍රී ලංකා සංචිතයේ දෙකකට කොරෝනා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන ඕස්ට්‍රෙිලියා සංචාරයට සහභාගි වීමට නියමිතව සංචිතයට ඇතුළත්ව සිටින නුවන් තුෂාර සහ ක්‍රිකට් අභ්‍යාසක ඩිල්ෂාන් ෆොන්සේකා ‘කොවිඩ්’ ආසාදිත බවට තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 31 January 2022
ගිගා වොට් එක හමාරක විදුලිය වාෂ්ප වෙයි මේ දිනවල බලපා ඇති අධික වියලි කාලගුණය හේතුවෙන් කිලෝමීටර 26ක් පුරා විසිරී පැතිරී තිබෙන වික්ටෝරියා ජලාශයේ ජලය ඝන මීටර් මිලියන දෙකක් දිනකට වාෂ්ප වන බවත්, එම ජල ප්‍රමාණය එසේ වාෂ්ප නොවී රැඳුනේ නම් ගිගා වොට් 1.5 ක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට හැකියාව තිබෙන බවත් එම ජලාශය බාර ප්‍රධාන ඉංජිනේරු වසන්ත ඇහැළ පිටිය මහතා පවසයි. 31 January 2022
යෙහෙළියගේ රන්මාලය කඩා පැන යද්දී මිතුරිය සොරා සමග පොර බදලා අනුරාධපුර නගරයේ පැවැති අමතර පන්තියකට සහභාගී වි සිටි සිසුවියක විවේක කාලයේ දී, කුබිච්චන්කුලම වැව අසලට ගොස් සෙල්ෆි ඡායාරූප ගනිද්දී අය ගෙල බැඳි රන් මාලය කඩා ගෙන යද්දී ඇගේ යෙහෙළිය එම සොරා සමග පොරබදා ඇති අතර ඒ අවස්ථාවේ කොල්ලකරුගේ ජංගම දුරකතනය වැටි තිබියෙදී සොයාගෙන ඇත. 31 January 2022
විදුලි කප්පාදුව නවතියි විදුලිය විසන්ධි කිරීමක් නැවත දැනුම් දෙන තෙක් ක්‍රියාත්මක නොවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (31) පැවසීය. 31 January 2022
පාකිස්තානුවන්ගේ සෙල්ලම අකුරැස්සෙන් නවතී භාණ්ඩ මිළදී ගන්නා මුවාවෙන් පැමිණ ව්‍යාපාරිකයන් රවටා ඉතුරු මුදල් වංචා කරන ජාවාරමක් සිදු කළ බව කියන පකිස්තානුවන් හතරක් ක් එසේ වංචා කළ මුදල් හා බඩු තොගයක්ද සමග අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලීසිය පවසයි. 31 January 2022
මැතිසබා කමිටු හතළිහක් පත් කිරීම ප්‍රමාදයි පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමත් සමග අහෝසිවුණු කමිටු හතළිහක් පමණ නැවත පත් කිරීම ප්‍රමාදවී ඇතැයි වාර්තා වේ. 31 January 2022
‘උසස්පෙළ ප්‍රවර්ධන කටයුතු හෙටින් පසු බෑ‘ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ-2021 විභාගයේ ප්‍රවර්ධන කටයුතු හෙට (01) මධ්‍යම රාත්‍රී 12 න් පසුව තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා ලංකාදීපයට පැවසීය. 31 January 2022
රෝහල් 29 ක විභාග මධ්‍යස්ථාන රෝහල් 29 ක උසස් පෙළ විභාග මධ්‍යස්ථාන පිහිටුවන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පැවසීය. 31 January 2022
සතොසින් පොල් ගෙඩියක් 75 කට පොල් ගෙඩියක් රුපියල් 75 ක ස්ථාවර මිලකට මෙම වසර පුරා ලංකා සතොස අළෙවිසල් ජාලය හරහා පාරිභෝගිකයාට ලබාගත හැකි බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (31) පැවසීය. 31 January 2022
රූ රැජිනක් 9 වැනි මහලෙන් පැන දිවි නසාගනී අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර රූ රැජිනක් සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක ඉහළ මහළින් පැන දිවි නසාගෙන ඇති බව වාර්තා වේ. 31 January 2022
‘ලක්විජය’ යළි පණ දෙයි නොරොච්චෝලේ ‘ලක්විජය’ විදුලි බලාගාරයේ බිඳවැටුණු තුන්වැනි විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත්කිරීමෙන් පසුව අද (31) පෙරවරුවේ නැවත ජාතික විදුලි පද්ධතියට එක්කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 31 January 2022
විශ්‍රාමික දුම්රිය නියාමකවරුන් කොන්ත්‍රාත් පදනම මත යළි සේවයට දුම්රිය නියාමකවරුන්ගේ හිඟය හේතුවෙන් විශ්‍රාමික දුම්රිය නියාමකවරුන් කොන්ත්‍රාත් පදනම මත යළි සේවයට කැඳවීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. 31 January 2022
දුම්රිය ගමන්වාර 14 ක් අවලංගුයි දුම්රිය නියාමකවරුන්ට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මාර්ග කිහිපයක දුම්රිය ගමන්වාර 14 ක් අද(31) දිනයේ අවලංගු කර ඇතැයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි(ගමනා ගමන)ඒ. ඩී ජී සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය. 31 January 2022
‘ ආණ්ඩුව නූල කැඩිච්ච සරුංගලයක් වගේ‘ මේ ආණ්ඩුව කිසිදු ආකාරයේ වැඩපිළිවෙළක්, සැලැස්මක් නැති නූල කැඩිච්ච සරුංගලය වගේ එහෙට මෙහෙට පාවෙන අයාලේ යන ආණ්ඩුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය. 31 January 2022
‘කොවිඩ් පැතිරුණත් උසස් පෙළට බාධාවක් නෑ‘ කොවිඩ් පැතිරීමක් පැවතියත් අපොස උසස් පෙළ විභාගය කල්තැබීමේ කිසිම අවශ්‍යතාවක් නැතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය . 31 January 2022
ළගටම ඇවිත් බූස්ටර් දෙයි බූස්ටර් එන්නත ලබාදීමේ ජංගම සේවයක් ඉදිරි සතියේදී අරඹන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 31 January 2022
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026