IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ජනපති - අගමැති ඉල්ලා අස්විය යුතුයි

(අජන්ත කුමාර අගලකඩ,සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීක විරරත්න)

ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා වහා ඉල්ලා අස් විය යුතු බවට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.

පක්ෂ නායකයන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම රැසවීම කතානායක නිල නිවසේ දී පැවැති අතර රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක යන මහත්වරු සූම් තාක්ෂණයෙන් මෙම රැසවීමට සහභාගී වි ඇත.

කතානායකවරයා වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් පත්ව ඔහුගේ මුලිකත්වයෙන්  සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට  කටයුතු කරන්නැයි පක්ෂ නායකයන් බහුතරයක්  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඉල්ලා ඇතැයි පැවැසේ
 



අදහස් (4)

ජනපති - අගමැති ඉල්ලා අස්විය යුතුයි

ලංකා පුත්‍ර Saturday, 09 July 2022 06:12 PM

ඉල්ලා අස්වෙන්න එපා ඊළඟට රටට වෙන්නේ මොකක්ද කියා නොදැන. රාජිත සේනාරත්නට ගහන හැටි වීඩියෝ ක්ලිප් එකක් තිබෙනවා. ඔන්න් ජෙප්පන්ගේ හැටි.ජෙප්පන්ට ගියොත් රට විනාසයි.

:       0       0

ලලිතා ජයසිංහ Saturday, 09 July 2022 06:53 PM

ජේආර් නිසා මාතර මාකදුරෙනුත් ජනාධිපති කෙනෙක් ඇතිවුණා එහෙනම් .කතානායක වැඩෙත් හරියට බැරි මිනිහා මොනවා කරයිද

:       0       0

Gamunu Saturday, 09 July 2022 07:35 PM

ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස් වන්නේනම් පක්ෂ නායකයන් ගේ මෙම රැසවීමට සහබගිවු අනුර කුමාර දිසානායක ඉල්ලා සිටි පරිදිම අගමැතිකම ලබාදීය යුතුවේ. සජිත් රෝහල් ගත කර ඇති බව කියවේ. කවුරු අගමැතිකම හෝ ජනාධිපති කම ගත්තද ඔවුන් සියලුදෙනාම ඇති බහුතරයක් ශ්‍රී ලාංකිකයන්ගේ අප්‍රසාදයට පත්වුවන්වේ. නමුත් ඔවුනටද අවස්තවක් ලබාදිය යුතුම වේ. මේ පැමිණ තිබෙනුයේ ශ්‍රී ලංකා වර්තමාන දේශපාලනයේ අවසාන ජවනිකාවේ අවසාන කොටසට වේ. මෙම ජවනිකවත් ඉදිරි මස 8 ක් හෝ 10ක කාලය තුල ජනතවට අවශ්‍ය අලුත් රජයක් අලුත් පිරිසක් පත්කර ගැනීමට නව වසරේ සියලු ශ්‍රී ලාංකිකයන් පෙළ ගැසෙනවා ඇත.

:       0       0

sam Sunday, 10 July 2022 10:49 AM

මොකද මේ පොලී මුදලාලි නිකන් බයවෙලා වගේ, දැන් නෑයෝ කට්ටියගේ ජොබ් ගහලා යයි නේද මුදලාලි. මාරයිනේද පොලි මුදලාලි පිනට වැඩ බලන ජනාධිපති වෙලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 637 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site