ඉතිහාස ගත ලෙස රුපියල බාල්දු වෙයි ශ්‍රී ලංකා මහ බැංකුව අද (05) නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 356.83 ක් වූ අතර විකුණුම් අනුපාතය රුපියල් 369.99ක් විය. 05 May 2022
බස් ගැමුණුගෙන් රතු එළියක් බස් ධාවනයෙන් හෙට (6) දිනයේ ඉවත් වන බවත් ඩීසල් ප්රශ්නය හේතුවෙන් ඇතැම් විට තවත් කාලයක් ධාවනයෙන් ඉවත්වීමට සිදුවනු ඇති බවත් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (5) පෙරවරුවේ පැවසීය. 05 May 2022
දුම්රිය ස්ථානාධිපතිවරු හර්තාලයට සහය දක්වයි රජයට විරෝධය දක්වමින් වෘත්තීය සමිති 2000 ක පමණ සහභාගිත්වයෙන් හෙට (6) පැවැත්වෙන හර්තාලයට සහයෝගය දක්වමින් හෙට දිනයේ සේවයෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ විධායක කමිටුව තීරණය කළ බව එම සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පැවසීය. 05 May 2022
නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලෙස කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා තේරී පත්විය. 05 May 2022
නියෝජ්‍ය කතානායක ඡන්දෙට අටදෙනෙක් නෑ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අටදෙනෙක් නියෝජ්‍ය කතානායක තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමට පැමිණ සිටියේ නැත. 05 May 2022
පාස්පෝට් කන්තෝරුවේ පරිගණක යාවත්කාලීන කරයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ බිඳ වැටීම අද (5) පස්වරු වන විට යථා තත්වයට පත්කළ හැකිවනු ඇතැයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 05 May 2022
ඡන්ද විමසීම අවසන් නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම පස්වරු 12:30 ට අවසන් විය. 05 May 2022
‘යකඩ කතාව ප්‍රබන්ධයක්‘ ඉන්දියාව අත්‍යවශ්‍ය ආහාර ලබා ගැනීම සඳහා ලබා දුන් ණය මුදලින් ඩොලර් මිලියන 750ක් යකඩ ගෙන්වීමට වැය කර ඇතැයි ගෙන යන ප්‍රචාරය නිර්මාණය කළ ප්‍රබන්ධයක් බව මුදල් හා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. 05 May 2022
නි.කතානායක තෝරන ඡන්දය කඩිනම් කරයි නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම වේගවත් කිරීම සඳහා තවත් අමතර ඡන්ද කුටියක් සභා ගැබේ ස්ථාපිත කරනු ලැබීය. 05 May 2022
අද-හෙට පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග වහයි පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වෙන අද (5) සහ හෙට (6) යන දෙදින පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග සහ අතුරු මාර්ග වසා තැබෙන බව පොලිස් මූලස්ථානය පවසයි. 05 May 2022
‘ගුවන් යානා මිලදී ගන්න පෙර සමාගමේ අනාගතය ගැන තීරණයක් ගන්න‘ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අනාගතය ගැන තීරණය කරන්නට පෙර ගුවන්යානා මිලදී ගැනීමේ තේරුමක් නැතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 May 2022
සජිත්ගෙන් ආණ්ඩුපක්ෂයට ප්‍රශ්න පත්‍රයක් ඉන්දියාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ලබා දුන් ණය මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 750 ක් යකඩ මිලදී ගැනීමට යොදවා ඇතැයි වාර්තා වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. 05 May 2022
සජිත් ඡන්ද පත්‍රිකාව පෙන්නයි නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්දය සලකුණු කිරීමෙන් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද පත්‍රිකාව ඉහලට ඔසවා ප්‍රදර්ශනය කිරීම විශේෂ සිද්ධියක් විය. 05 May 2022
ශ්‍රී ලංකාවට ජනමාධ්‍ය නිදහස අහිවෙයිද? දේශ සීමා රහිත වාර්තාකරුවන්ගේ සංවිධානයේ, 2022 ජනමාධ්‍ය නිදහස පිළිබඳ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනූව ශ්‍රී ලංකාවට 146 වෙනි ස්ථානය හිමිව ඇත. 05 May 2022
ඉන්ධනවලට මිල සූත්‍රයක් විනිවිදභාවයෙන් යුතු මිල සූත්‍රයක් ලබන සතියේ දී කැබිනට් මණ්ඩලයට හඳුන්වා දීමට බලාපොරොත්තු වෙන බව බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 May 2022
ගුවන් යානා මිලදී ගැනීම මාස තුනකට කල් දමයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙි ගුවන් යානා මිලදී ගැනීම මාස තුනකට කල් දැමූ බව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 05 May 2022
නියෝජ්‍ය කතානායක පත්කර ගැනීමේ ඡන්ද විමසීම ඇරඹෙයි නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම දැන් පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය. 05 May 2022
අත්සන් ප්‍රශ්නයකට සභාව නොසන්සුන් නියෝජ්‍ය කතානායක පත්කර ගැනීමේ ඡන්ද දකුණු කිරීමේ පත්‍රිකාවේ අත්සන යෙදිය යුතු බවට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කිරීමෙන් පසු සභාවේ නොසන්සුන් තාවයක් ඇති විය. 05 May 2022
නියෝජ්‍ය කථානායක ධුරයට නම් දෙකක් යෝජනා වෙයි නියෝජ්‍ය කථානායක ධූරය සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ගේ නම යෝජනා කිරීම සඳහා ඡන්ද විමසීමක් පවත් වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය. 05 May 2022
සාමකාමී විරෝධතා මර්දනය කිරීම හෙළා දැකිය යුතුයි සාමකාමී විරෝධතා මර්දනය කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය පරාජය කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 05 May 2022
ඉස්සූ ත්‍රිරෝද රිය විකුණන්න ගිය කතක් ඇතුළු තුනක් මාට්ටු කොහුවල ප්‍රදේශයෙන් සොරා ගත් බව කියන ත්‍රිරෝද රථයක් අතුරුගිරියට රැගෙන ගොස් අලෙවි කිරීමට සුදානම් වූ කාන්තාවක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 05 May 2022
බැසිල් පස්සට විසි වෙයි මුදල් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු සභාගර්භයේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ 33 වැනි ආසනය පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් වෙන් කරනු ලැබීය 04 May 2022
ඉන්දියාවෙන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක් ඉන්දියාව සැපයූ තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක ප්‍රමාණයක් මේ වන විට ශ්‍රී ලංකාවට ළගා වී ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. 04 May 2022
උද්ඝෝෂකයන් 13 අධිකරණයට පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවෙමින් රාජ්‍ය විරෝධී ක්‍රියා සිදුකළැයි තලංගම පොලිසිය අත්අඩංගුවට ගත් උද්ඝෝෂකයින් 13 දෙනකු එක් අයකුට රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (04) නියෝග කළාය. 04 May 2022
පොලිසියේ ඉල්ලීම අධිකරණයෙන් ඉවතට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ ශිෂ්‍ය සංවිධාන ඒකබාද්ධව පාර්ලිමේන්තුව අසලදී හෙට (05) සහ අනිද්දා (06) පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි තලංගම පොලීසිය කළ ඉල්ලීමක් කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (04) ප්‍රතික්ෂේප කළාය. 04 May 2022
අගමැති නිවෙස අසල පොලිස් බස් රථ ඉවත් කරයි කොල්ලුපිටිය අරලියගහ මන්දිරට ඉදිරිපට පදික වේදිකාව හරස් කර නවතා තිබු පොලිස් ට්‍රක් රථ හා, බස් රථ අද පස්වරුවේ ඉවත් කළේය. 04 May 2022
ලංකා සතොසටත් නව සභාපතිවරයෙක් ලංකා සතොස නව සභාපතිවරයා ලෙස ව්‍යාපාර කළමණාකරය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක් වන විජිත විජේමාන්න මහතා අද (4) වැඩ ආරම්භ කළේය. 04 May 2022
කොරවැල්ලේ දී වෙඩි තැබීමක් මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේදී අද සවස යතුරු පැදියකින් ගමන් ගත දෙදෙනකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි එගොඩ උයන පොලිසිය සඳහන් කරයි 04 May 2022
හෙටත් පැය 3 ක් විදුලිය කපයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (5) සියලුම කළාපවලට පැය 3 යි මිනිත්තු 20 ක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම අද (4) පස්වරුවේ පැවසීය. 04 May 2022
සරසවි සිසුන්ගේ පා ගමන උණුසුම් වෙයි වත්මන් පාලනයට විරෝධය දක්වමින් සරසවි සිසුන් පිරිසක් පාර්ලිමේන්තුව දෙසට ආ පාගමන පොල්දූව හන්දියෙන් නතර කළ මාර්ග බාධක කඩා බිඳගෙන් ඉදිරියට ගමන් කරන අතර ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත. 04 May 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026