පැන්ෂන් මන්ත්රීලාට ’’කරුණා දීමනාවක්’’ අගහිඟකම් ඇති විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් කරුණා සහගත දීමනාවක් ගෙවීමට රජයේ අවධානය යොමුවී ඇත. 22 November 2025
කඩුගන්නාවේ කළුගලට යටවූ පහක් මරුට පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ නිවසක් සහ තේ කඩයක් මතට කඩාවැටුණු විශාල ගල් පර්වතයට සහ පස් කන්දට යටවීමේ මේ වන විට පස් දෙනෙකු මිය ගොස් ඇති බව පොලීසිය කියයි. 22 November 2025
මැතිසබයේ ’’වෙනසට’’ කෝටි භාගයක බර පැනක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පත් කෙරුණු කමිටු දෙකකට රුපියල් ලක්ෂ පනස්තුනකට ආසන්න මුදලක් (5283749) වැය කර ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ගවලින් පැවසේ. 22 November 2025
කොළඹ - මහනුවර මාර්ගය කඩුගන්නාවෙන් වහයි කොළඹ - මහනුවර මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් පස් සහ ගල් පෙරළීම හේතුවෙන් එම මාර්ගය අවහිර වී ඇති බැවින් කොළඹ නුවර මාර්ගයේ ගමන් කිරීමේදී විකල්ප මාර්ග භාවිතා කරන ලෙස කෑගල්ල කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා මහජනතාවට දැනුම් දෙයි. 22 November 2025
කළුගල් කඩා වැටී කඩුගන්නාවෙන් පාර වැහේ මහනුවර පහළ කඩුගන්නාවේදී විශාල කළුගලක් සහ පස් කන්දක් කොළඹ -නුවර ප්‍රධාන මාර්ගයට කඩා වැටීමෙන් වෙළඳසැල් සහ වාහන කිහිපයකට හානිසිදු වී ඇතැයි පොලීසිය කියයි. 22 November 2025
පදියතලාව ප්‍රා. සභා අයවැය දෙවන වරටත් පරාදයි ජාතික ජනබලවේග පාලනය යටතේ පවතින පදියතලාව ප්‍රාදේශිය සභාවේ අයවැය දෙවෙනි වරටත් පරාජය විය. 22 November 2025
ත්‍රිරෝද රියක් තුළ මළසිරුරක් තුවාල සහිතව සැක කටයුතු ලෙස ත්‍රීරෝද රථයක් තුළ මියගිය පුද්ගලයකුගේ මළසිරුරක් මහරගම, ගම්මාන පාර ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රිය සොයාගත් බව මහරගම පොලිසිය පවසයි. 22 November 2025
ගිංගඟ පිටාර ගලයි නාවික හමුදාව සීරුවෙන් ගිංගඟ පෝෂණ කලාපවලට සිකුරාදා 21) රාත්‍රීයේ ඇදහැළුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගිං ගඟ පිටාරගලා නාගොඩ, මාපලගම, උනන්විටිය සහ උඩුගම ආදී ප්‍රදේශ රැසක පහත්බිම් සහ මාර්ග ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 22 November 2025
වැස්ස අද වැඩි වේ දිවයිනේ වැසි තත්වයේ වැඩි විමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 22 November 2025
පොලිස් ලොක්කෝ 25කට ස්ථාන මාරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු ස්ථානාධිපතිවරුන් 25 දෙනෙකුට ස්ථාන මාරු ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 21 November 2025
දෙණියායේ වූ මාරක අනතුර දෙනියාය අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ගල්දොළ මංසන්දිය ආසන්නයේ දී ලොරි රථයක් හා ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් ත්‍රී රෝද රථයේ ගමන් ගත් රියදුරු අද (21) සවස මියගොස් ඇතැයි කොස්මෝදර පොලිසිය පවසයි. 21 November 2025
2020 එල්.පී.එල් ක්‍රිකට් පාවාදීමට අධිකරණය දුන් නියෝගය ලංකා ප්‍රීමියර් ලීග් එල්.පි.එල්. 2020 ක්‍රිකට් තරඟාවලියේදී මුදලට තරඟ පාවාදීමට ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන දඹුල්ල තන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පරිපාලන නිලධාරී ඉන්දීය ජාතික අසීස් හෙර්ළි සැකකරුට දෙසැම්බර් 25 දිනට පෙර ක්‍රීඩා දූෂණය වැළැක්වීමේ ඒකකයේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන්නැයි නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නොකීසී නිකුත් කළේය. 21 November 2025
ඇමති වසන්ත නවසීලන්ත මිත්‍රත්ව සංගමයේ සභාපති පුටුවට වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - නවසීලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත් විය. 21 November 2025
’’පළමු අවස්ථාවාදීම ආණ්ඩුව පෙරළනවා’’ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ ආණ්ඩුව බොරුව නවතා ජනතාවට වැඩකළ යුතු බවත් එසේ නොවුණහොත් ලැබෙන පළමු අවස්ථාවාදීම ආණ්ඩුව පෙරළන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (21) පැවැසීය. 21 November 2025
කර්මාන්ත ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශ වැය ශීර්ෂ සම්මතයි ග්‍රාමීය සංවර්ධන ප්‍රජා සවි බල ගැන්වීම් හා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සම්මත විය 21 November 2025
එල්.පී.එල් තරග පාවාදුන්නැයි කළමනාකරුවෙකුට වරෙන්තු එල්. පී. එල් 2024 ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට ක්‍රිකට් ක්‍රීඩකයින්ට බලපෑම් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන දඹුල්ල තන්ඩර්ස් ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන ජාතික කළමනාකරුවෙකුට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා (21) නියෝග කළේය. 21 November 2025
අර්චුනාට ’’උගන්ඩා කුමාරිය’’ මතක් වෙලා උගන්ඩාවෙන් සල්ලි ගේනවා කියපු උගන්ඩා කුමාරිත් අද මේ සභාවේ නැතැයි මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 21 November 2025
බදුලු දුම්රිය පාර යථා තත්වයට උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට මීට දින තුනකට පෙර ගල්පර්වත කඩා වැටී අවහිර වූ දුම්රිය මාර්ගය යළි යථා තත්වයට පත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 21 November 2025
ශිෂ්‍යත්වයේ කඩයිම් ලකුණු හෙට ලංකාදීපය සමග මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව 2026 වසරේ 6 ශ්‍රේණියට සිසුන් පාසල්වලට ඇතුළත් කිරීමේ කඩයිම් ලකුණු හෙට (22) ලංකාදීප පුවත්පත සමඟ නිකුත් කෙරේ. 21 November 2025
ආනමඩුවේ බලය තවම කාටවත් නෑ පළාත් පාලන මැතිවරණය පවත්වා මාස හයකට වැඩි කාලයක් ගත වී ඇතත් ආනමඩුව ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට තවමත් හැකිවී නොමැත. 21 November 2025
ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කෙරෙයි මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල්වල 2026 වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ පාසල් කඩඉම් ලකුණු මේ වන විට නිකුත් කර ඇත. 21 November 2025
ත්‍රිරෝද-බස් ගැටීමෙන් කතක් මරුට: 4ක් රෝහලට එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටී අද (21) සිදු වූ අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී අවුරුදු 08ක කුඩා ළමයෙකු ඇතුලු තවත් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා මහනුවර දිස්ත්‍රික් මහ රෝහලට සහ රිකිල්ලගස්කඩ ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කළ බව රිකිල්ලගස්කඩ පොලිසිය පැවසීය. 21 November 2025
අද මහාචාර්යවරුත් දුප්පතුන් වෙලා අද මහාචාර්යවරුන්ද දුප්පතුන් බවට පත්වී ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේසි අලවතුවල මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය. 21 November 2025
පොලිසිය රැස්වීම් භූමියෙන් පිට විකාශන යන්ත්‍ර ගලවයි ආණ්ඩුවේ වැඩපිළිවෙළට විරෝධය දක්වමින් විපක්ෂයේ පක්ෂ රැසක සංවිධානයෙන් නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී දැන් පැවැත්වෙන ‘මහා ජන හඬ’ ජන රැළිය පැවැත්වෙන භූමියෙන් පිටත තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර පොලිසිය රැළිය ආරම්භ වීමට පැය කීපයකට පෙර ඉවත් කළේය. 21 November 2025
අර්ච්චුනාට මරණ තර්ජනයක් ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් ෆයිසාල් මහතා පාර්ලිමේන්තු ආපන ශාලාවේදී අද (21) තමාට මරණ තර්ජන කළ බව මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 November 2025
හෙද නිල ඇඳුමේ වෙනසක් නෑ හෙද නිලධාරීන්ගේ නිල ඇඳුම වෙනස් කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 November 2025
මන්ත්‍රීලා 63ක් දෙමළ පන්තියකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සිංහල සහ දෙමළ භාෂා ඉගැන්වීමේ පාඨමාලාවක් ආරම්භ කෙරිණ. 21 November 2025
නියෝජ්‍ය කතානායකගෙන් දිලිත්ට ආචාර්ය පට්ටමක් නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි මහතා සර්ව ජන බලය පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ආචාර්ය දිලිත් ජයවීර ලෙස හැඳින්වීමෙන් පාර්ලිමේන්තුවේ කාගේත් මුවගට සිනහ රැල්ලක් මතු විය. 21 November 2025
ඇසිඩ් ප්‍රහාරයෙන් මව මරුට: පුතා රෝහලට අයගම කොළඹෑව ප්‍රදේශයේදී ඊයේ (20) රාත්‍රී එල්ල කළ ඇසිඩ් ප්‍රහාරයකින් කාන්තාවක් මියගොස් දහසය හැවරිදි පාසල් දරුවකු තුවාල ලබා රතනපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව අයගම පොලිසිය පැවසීය. 21 November 2025
මත් ජාවාරම නිදහසේ සිදු කරන්නට උදව් කළ පීසී මාට්ටු අගුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ දුරකථන සබඳතා පවත්වමින් ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලය කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට උපකාර කරමින් සුඛෝභෝගී ජීවිතයක් ගත කළ පොලිස් කොස්තාපල්වරයෙකු රුපියල් ලක්ෂ 8 කට ආසන්න මුදල් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව කළුතර දිසා අපරාධ කොට්ඨාසය කියයි. 21 November 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026