නුවරඑළියෙන් එළවළු රටපුරා නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් දිවයිනේ පළාත් කිහිපයකට එළවලු කිලෝ 88000ක ඉල්ලුමක් ලැබී ඇති බවත්, එම ඉල්ලුම අනුව අද (13) දින එම එලවලු තොග දිවයිනේ පළාත කිහිපයකට ප්‍රවාහනය කළ බව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ කලමණාකාරවරයා පැවසීය. 13 December 2025
ආපදා වගා වන්දි 25ට පෙර ගෙවන්න ව්‍යසන හානි සඳහා වන්දි ගෙවීම් කඩිනම් කර කෘෂි, ධීවර සහ කර්මාන්ත ක්ෂේත්රය යළි පණ ගැන්වීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 13 December 2025
අලහප්පෙරුම කමිටුවේ වාර්තාව: මැතිසබා කමිටුවට පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියට සිදුවී ඇතැයි පැවසෙන විවිධ හිරිහැර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කමිටුවේ වාර්තාව එහි කාර්ය මණ්ඩල උපදේශක කමිටුවේ (STAFF ADVERSARY COMMITTEE) අවසන් තීරණය සඳහා යොමු කිරීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තීරණය කර ඇත. 13 December 2025
ආපදා අරමුදලට ඩඩ්ලිගෙන් කෝටි දහයක් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට පොළොන්නරුව Lakbima Rice Mills (pvt) Ltd රුපියල් මිලියන 100ක මුදලක් පරිත්‍යාග කළේය. 13 December 2025
මැතිසබයට ඇවිත් ආ පයින් ගෙදර ගිහින් පාර්ලිමේන්තුවේ රැකියාවට ආ උපාධිධාරීන් කිහිප දෙනෙකු පැමිණි සැණින් වෙනත් රැකියා සොයාගෙන ගොස් ඇතැයි වාර්තාවේ. 13 December 2025
මැතිසබේ වැඩ තීරණයට පක්ෂ නායක රැස්වීමක් එන සතියේ පාර්ලිමේන්තුවේ රැස්වීම් කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් ලබන සතියේ දී පැවැත්වීමට නියමිතය. 13 December 2025
අස්රියෙල් මාර්කටින් ආණ්ඩුවේ අරමුදලට ලක්ෂ පනහක් දෙයි දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ඇස්රියෙල් මාර්කටින් (පුද්) සමාගම(Asriel Marketing (Pvt) Ltd) රුපියල් මිලියන පහක මුදලක් පරිත්‍යාග කළේය. 13 December 2025
නාමල්, හරිනිට ස්තුති කරයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් පාර්ලිමේන්තුව කැඳවීමට ගත් තීරණය පිළිබඳව ස්තුතිවන්ත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. 13 December 2025
හැටන් නෝර්ටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගය විවෘත කරයි හැටන් නෝර්ටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ කාසල්රි ප්‍රදේශයේ මාර්ගය හරහා ඉදි කර තිබූ පාලමක් ගිලා බැසීමෙන් අවහිර වී තිබු එම මාර්ගයේ ගමනා ගමන කටයුතු ඊයේ (12) දින පස්වරවේ සිට යලි යථා තත්වයට පත් කල බව නෝර්වුඩ් මාර්ග සංවර්ධාන අධිකාරියේ නිළධාරියෙකු පැවසිය. 13 December 2025
ජුලී චංග් ඇමරිකා වෙළෙඳ පොළට දොරක් පෙන්නයි ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති ජුලී චංග් (Julie Chung) මහත්මිය සහ විද්‍යාව සහ තාක්ෂණය පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා අතර සාකච්ඡාවක් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේදී සිදු විය. 13 December 2025
ආපදාවෙන් රෝහල් 236කට පාඩු ආපදාවෙන් රෝහල් 236 කට හානි සිදුව ඇතැයි අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසීය 13 December 2025
ආපදා පාලන පනතේ හිල් ගොඩක් ජාතික ආපදා කළමනාකරණ පනත ජාත්‍යාන්තර මට්ටමට ගෙනවිත් ආපදා කළමනාකරණය සඳහා ජාත්‍යන්තරය පිළිගත් විධිමත් ස්වාධීන කවුන්සිලයක් ඇති කරන්නැයි නීති විශාරදයෝ රජයෙන් ඉල්ලීමක් කරති. 13 December 2025
පාර්ලිමේන්තුව 18 කැඳවයි: කතානායකගෙන් ගැසට්ටුවක් පාර්ලිමේන්තුව ලබන 18 වැනිදා බ්‍රහස්පතින්දා පෙරවරු 9.30ට කැඳවන බවට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත. 13 December 2025
කලාකරුවන් පිරිසක් අවතැන් කඳවුරුවලට දිට්වා සුලි කුණාටුවෙන් කොත්මලේ ප්‍රදේශයේ නායයෑමෙන් ආපදාවට ලක් වි අවතැන් කදවුරුවල සිටින ජනතාවගේ මානසික සුවය ඉහළ දැමීම සදහා කලාකරුවන් පිරිසක් කොත්මලේ අඹතලාව අවතැන් කදවුර වෙත ගොස් එම ජනතාව සමග එකට එක්ව රස වින්දනාත්මක වැඩසටහන් ගනණාවත් ඉදිරිපත් කරනු ලැබූහ. 13 December 2025
නීලබැම්ම ව්‍යාපාරය යළි නැඟිටි කරුවලගස්වැව මහාවාරි ගොවි ජනපදයක් වන නීලබැම්ම ව්‍යාපාරයේ විනාශ වූ ඇල වේලි පවිත්‍ර කරමින් ගංවතුරට විනාශ වූ කුඹුරු යළි වගා කටයුතු ආරම්භකර ඇතැයි නීලබැම්ම නේවාසික ව්‍යාපාර කළමනාකරු එච්.එම්.දිසානායක මහතා පැවසීය. 13 December 2025
සෞඛ්‍ය ඇමැති පුත්තලම රෝහලට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා ඇතුළු අමාත්‍යංශ නිළධාරීහු පිරිසක් ගංවතුරට හසුව සියලු දෑ විනාශ වු හලාවත මහ රෝහලේ විශේෂ නිරික්ෂණ චාරිකාවක නිරත වූහ. 13 December 2025
තැනින් තැනට අදත් වැසි උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 13 December 2025
හිටපු කතානායක රන්වලට ඇප සපුගස්කන්ද මාවර මණ්ඩිය ප්‍රදේශයේදී රිය අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව මත අත් අඩංගුවට ගත් හිටපු කථානායක සහ ජාතික ජලබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජානකී පෙරේරා මහත්මිය අද පස්වරුවේ නියෝග කළාය. 12 December 2025
කොන්ද හයිය කරන බේතක් ගේන ලංසුව දෙයි පොලි ඇක්සියල් එම් ආර් අයි අනුකූල (ටයිටේනියම් / කොබෝල්ට් - ක්‍රෝම්) ලම්බර් පෙඩිකල් ඉස්කුරුප්පු 48ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 December 2025
ආපදාවට මුහුණ දෙන්න සියලු පාර්ශව සූදානම් දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී කාලගුණයේ සිදුවන්නේ යැයි කියන වෙනසට මුහුණදීමට ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු සෙසු සියලුම පාර්ශවකරුවන් සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා අද (12) පැවසීය. 12 December 2025
විජයදාසට ශ්‍රීලනිප තනතුරු 4ක් හිටපු අමාත්‍යවරයකු වන ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරයකට ඇතුළු තනතුරු හතරකට පත්කළ බව එම පක්ෂය අද (12) පැවසීය. 12 December 2025
සරසවි ඉඩමක් සංචාරක වැඩකට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා විශ්ව විද්‍යාල විද්‍යායතනය සඳහා වෙන් කර ඇති ඉඩම සහ ඉදිකිරීම් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වෙත පැවරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 December 2025
එක්ලක්ෂ හැත්තපන්දාහකට බොන්න වතුර දෙන වැඩක් අරඹයි මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන අදියර 2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුවෙන් අරමුදල් සලසා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 December 2025
මාලදිවයින එක්ක ක්‍රීඩා සහයෝගීතා ගිවිසුමක් මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ක්‍රීඩා සහ තරුණ සංවර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 December 2025
මත්පැන් බලපත්‍ර ගාස්තු ඉහළට සියලුම මත්පැන් බලපත්‍ර ගාස්තු අද සිට ක්‍රියාත්මක වන පරිදි සියයට සියයකින් ඉහළ දමා ඇත. 12 December 2025
බෙලිඅත්ත හිටපු සභාපති මාස 12ට කෝටි හතරක් වියදම් කරලා මාස දොළහක් ඇතුළතදී රුපියල් කෝටි හතරකට අධික මුදලක් වියදම් කළ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සිරිල් මුණසිංහ සැකකරුගේ රුපියල් 36001344.96 අයථා වත්කම් ලෙස ගණනය කර ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුෂ විතාන මහතා හමුවේ කරුණු දක්වමින් පැවසීය. 12 December 2025
ලංකාවට ආධාර කන්දක් ලැබුණු හේතුව ටිල්වින් පහදයි ලංකාවට ආධාර ගලා එන්නේ ශ්‍රී ලංකා රජය හොරකම් නොකරන බවට ජාත්‍යාන්තරය විශ්වාස කරන නිසා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය 12 December 2025
’’අභියෝග වලට ඔරොත්තු දෙන ලාංකික ජාතියක් ගොඩ නගනවා’’ සියලු අභියෝගයන්ට ඔරොත්තු දෙන ලෙස ශ්‍රී ලාංකික ජාතිය ගොඩනඟන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ’’නිවුස්වීක්’’ සමඟ සංවාදයක නිරත වෙමින් පැවසීය 12 December 2025
පුත්තලමේ ඉඩමකින් ගිනිඅවියක් හමුවෙයි මෙරට නිපදවු බව කියන පිස්තෝලයක් සමග උණ්ඩ තොගයක් ප්‍රදේශවාසියකුගේ තොරතුරක් මත පුත්තලම කොට්ටුකච්චිය පළුගස්වැව ප්‍රදේශයෙ ඉඩමක තිබී පුත්තලම මූලස්ථාන පොලිසියෙ නිළධාරීන් පිරිසක් විසින් අද (12) දින අත්අඩංගුවට ගත් බව කියයි. 12 December 2025
නාය මරකපොලු 2377ක්: විමර්ශන අරඹයි නායයෑම් හා නාය අවදානම් ස්ථාන 2377ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 12 December 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026