
(සමන් විජය බණ්ඩාර)
හිරගෙවල් පිරවීම ආණ්ඩුවේ සාර්ථිකත්වය නොව සමාජ බිදවැටිමේ ලකුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අරණායක ආසනයේ පැවැති රැස්විමකට සහභාගි වෙමින් පැවැසීය.
අරණායක ආසනයේ පොදුජන පෙරමුණ ප්‍රධාන සංවිධායක සමන් ඇතුගල මහතාගේ ආරාධනයෙන් අරණායක සාමසර කන්දේදී මෙම රැස්වීම පැවැත්විණි.
පසුගිය දවස් වල බන්ධනාගාරයේ සිදු විමක් වුණා. රැදවියෝද නිලධාරීන්ද නොව ජීවිත. එදා කියපු විදිහට ආණ්ඩුවට අනුර කුමාර ජනාධීපතිවරයාට තිබුණා ජිවිත ආරක්ෂා කරන්න. ඒ වගකිව ඉටු කරාද ? මොකක්ද මෙකට හේතු වුනේ. ඇයි සිද්ධිය වේලා පැය 24 ක් යනකම් ක්‍රියා මාර්ගයක් නොගත්තේ. ඇයි තව නිලධාරීන් මරන්න දිලා බලන් හිටියේ. දැන් අධිකරණ ඇමැති කියන විදිහට මේක නිලධාරීයකු පිට පටවලා නිලධාරීයකු එල්ලුන්ගස් යවලා ආණ්ඩුව අත සෝදා ගන්න බැහැ. 45000 කින් විතර හිර ගෙවල් වල පුරවලා.
ගම්වලට ඇවිලා. හැමදාම ටාගට් එකක් ගන්න ඔනෑ කියලා පොලිස් නිලධාරීන්ට බලපෑම් කරනවා. ගම්වල ඉන්න තරුණයන් රිමාඩ් කරනවා. එකට අවශ්‍ය නිතී සම්පාදනය කරලා. රස පරීක්ෂක වාර්තා ඉක්මනට ගෙන්න ඕනේ තාක්ෂණය ගෙන්නේ නැහැ. තාක්ෂණය ගෙනවා වෙනුවට මොකද කලේ.
මහනුවර නගරය මැද සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න බෝගම්බර බන්ධනාගාරය නැවත සිරගෙයක් බවට පත් කරනවා.
ගාල්ලේ ගිහින් නැවත සිරගෙවල් දානවා. වෙන ආණ්ඩු ගාල්ලට ඇවිත් හෝටෙල් දැම්මේ සංචාරක ව්‍යාපාර ගෙනාවේ ගාල්ලට නුවරට ආයෝජකයන් ගෙනාවේ. මේ ආණ්ඩුව මොනවාද මේ කරන්නේ හිර ගෙවල්.
ආණ්ඩුව හිතනවා නම් හිර ගෙවල් පුරවන එක ආණ්ඩුවේ සාර්ථිකත්වයක් කියලා එක ආණ්ඩුවට වැරදිලා. හිර ගෙවල් පුරවනවා කියලා කියන්නේම සමාජය බිද වැටිලා කියන එකයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මහත්තයෝ, ඕගොල්ලන්ගේ කාලේදී හදපු, පෝෂණය කරපු අපරාධ සමාජය නිසා තමයි හිරගෙවල් වලට ඔච්චර අයව දාන්න සිදුවුනේ. ඕගොල්ලෝ වගේ ඒ ගොල්ලොත් එක්ක ජීවත් වුණා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ...
මොකද නැත්තේ! හදන්න ඕනෑ තමයි. පවුල් පිටින් එනකොට එකා දෙන්නා එනවා වගේ නෙවෙයිනේ. ඊට වැඩියෙන් ඕනෑ.
නෑ මොලේ නෑ... මොලේම තමයි. මුන්දැ කියන්න ඕනෑ රටේ මිනිස්සුන්ට හිරේ යන වැඩ නොකර ඉන්න කියලා මිසක්, මේ වගේ මල විකාර නොවෙයි. හිරේ යන වැරැදි කරන අය හිරගෙවල් දාහක් හරි හදලා හිරේම දාන්න ඕනෑ. මෙයා කියන විදියට බොරුවට අත්අඩංගුවට ගන්නවා නම්, මේ වගේ කෙකර ගාන්නේ නැතුව, මානව හිමිකම් එකට පැමිණිලි කරන්න...
මරණ දඩුවම නියමවෙච්ච මිනී මරුවනුත් හිරෙන් එළියට දාපු බාප්පාගේම පුතා...
රටේ යුක්තිය, නීතිය සාධාරණය විනාශම කරලා අධිකරණය පවා දේශපාලණීකරනය කෙරුවේ දූෂිත පව්ල් පාලනේ අය සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු කරවපු හැටි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මත්ද්‍රව්‍ය රට පුරාම පැතිරෙන්න ඉඩ හැරලා හැම අතින්ම රටම විනාශ වෙන්ඩ ඉඩහැරියා. බලතණ්හාවෙන් ඉහවහා ගිහින් කටයුතු කරපු තමුන්ලා තමා මේවාට වගකියන්න ඕනේ? දූෂිතම පව්ල් පාලනේ අය රටටම සාපයක්...