
(නිමල කොඩිතුවක්කු)
ඇවිදින පුස්තකාල කියා බලය ගත්ත මාලිමාවට ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර ගැනීමටවත් හැකියාවක් නොමැති බව සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මෙරට ගොවි ජනතාවගෙන් සාතිශය බහුතරයක්, දශලක්ෂ සංඛ්‍යාත ගොවි ජනතාව විශ්වාසය තැබුවේ අනුර කුමාර දිසානායක සහ ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි වුවත් වත්මන් රජයම තමන්ව පත් කළ ගොවි ජනතාව කසිප්පුකාරයන් ලෙස හංවඩු ගසමින් යන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හම්බන්තොට, වීරවිල දී ගොවි ජනතාවගේ ගැටලු සොයා බැලීම සඳහා පැවැති ජන හමුවක් අමතමිනි.
නිර්ප්‍රභූ දේශපාලනය කරනවා කියූ මාලිමාව ප්‍රභූ දේශපාලනයට මාරු වී ගොවියා අමතක කර ඇති බවත් දැන්වත් ගොවි ජනතාව වෙනුවෙන් සිදු කළ පොරොන්දු ඉටු කළ යුතු බවත් ප්‍රේමදාස මහතා තවදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බතල හිටවීමටත් කිසිම ප්‍රතිපත්තියක් නෑ සර්.
පක්ෂයවත් හරියට කළමනාකරණය කරගන්න බැහැ. ඉන්න අයත් වන්චා, දූෂණ වලට අහුවෙලා? සමහරු සංධානගත වෙලා... කැසිනෝ කාරයින්ගේ පිහිටෙන් රටේ ජනාධිපති වෙන්න සිහින මවපු වෙලේ ගොවි ප්‍රස්න ගැනත් බලන්න තිබුණා. කරකියා ගන්න දෙයක් නැතුව ඉන්න විපත්ති නායකයා. අසමගි ජන බලවේගයට දෙවියන්ගේම පිහිටයි...
මාලිමාවේ කියන්නේ හරිමග පේනවනේ උපකරණයක්..
80/= වියදම වන වී කිලෝ එකක් 150ක් දීලා අරන් 220 හාල් දෙන විදිහ ජපන් භාෂාවෙන් කියන්න පුතා...
ඒක නම් ඇත්ත, මෙයාගේ නම් උස මිටි ප්‍රතිපත්තිය තියෙනවනේ...
තමුන් සෑහෙන කාලයක් තිස්සේ දේශපාලනේ කරනවනේ. ඇමැතිකම් පවා දැරුවා. ඔය කියන ප්‍රතිපත්ති හරියට ක්‍රියාත්මක කළා නම් ජනාධිපති වෙන්නත් තිබුණා.. පක්ෂයවත් හරියට කරගන්ඩ බැරුව කයිවාරු නම් ගහනවා.
තමුන්ට කිසිම ප්‍රතිපත්තියක් නෑ...
ඒකනේ ලබන ආත්මේදිවත් ඔබතුමා ජනාධිපති වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ...