
(අංජුල මහික වීරරත්න)
ඉදිරි අධ්‍යාපන සැලසුම් වලදී වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රමුඛ අවධානයක් යොමු කරන්නැයි ජනපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන්නේය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට සමගාමීව මෙරට වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කළ යුතු යැයිද ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන 2027 අයවැයෙන් වෙන් කිරීමට සූදානම් බවද ජනාධිපති ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවකට අද (17) ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.
2026 වසරේ අයවැයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් බිලියන 303ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, එයින් සාමාන්‍ය අධ්‍යාපනයට බිලියන 160ක්, උසස් අධ්‍යාපනයට බිලියන 122ක් සහ වෘත්තීය අධ්‍යාපනයට බිලියන 20ක් වශයෙන් වෙන් කර තිබේ.
එම ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති, ඉදිරි සැලසුම් සහ ලබන වසරේ ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බැලුණු අතර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කළ පමණින් ඒවා වියදම් නොකර, ජාතික අවශ්‍යතා සහ ප්‍රමුඛතාවන් හඳුනාගෙන ප්‍රතිපාදන යෙදවීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd