
(අංජුල මහික වීරරත්න)
විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීම සඳහා කැඳවා තිබෙන සාකච්ඡාවට සහභාගී වීමට හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබන බ්‍රහස්පතින්දා (23)විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යාලය වෙත යයි. සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක වූ පසු කොළඹ ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යයට රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැමිණෙන්නේ ප්‍රථම වතාවටය. විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සඳහා මාලිමා රජය ගන්නා උත්සාහයට එරෙහිව විපක්ෂ නායක ලෙස මූලිකත්වය ගනිමින් විපක්ෂයේ සියලු පක්ෂ වල සහභාගීත්වයෙන් රැස්වීමක් කැඳවන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර තිබිණි. එම ඉල්ලීමට අදාළ සාකච්ඡාව කඩිනමින් පවත්වන ලෙස නාමල් රාජපක්ෂ මහතා පෞද්ගලිකවද කතාකර විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලීම් කරනු ලැබීය. තමන් යාල ප්‍රදේශයේ ගත කරන හෙයින් එම රැස්වීම් දිනය ලෙස ලබන 23 වැනිදා ලබා දිය හැකි බව සජිත් ප්‍රේමදාස මහතා දැනුම් දීමෙන් පසුව සාකච්ඡාව පැවැත්වීමට දින යොදා ගැනුණි. එම රැස්වීම සඳහා ස්ථිර වශයෙන්ම පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සහභාගී වන අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඊට සහභාගී වීමට තීරණය කර තිබේ. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැරුණු විට විපක්ෂයේ අනෙක් සියලුම පක්ෂ වල නියෝජිතයන් විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී වනු ඇතැයි දැනගන්නට තිබේ.
IFrame

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරියෙක් හා කොටලුවෙක් එක් වූ එක් සුන්දර අවස්ථාවක්!
හරි උගතුන් ටික සෙට් වෙන්නේ. විනිසුරු මන්ඩලය වෙනුවෙන්. ඊට වැඩිය හොදයි උසස් පෙළ සමත් දරුවෝ ටික අවනීතියෙන් රජ කරපුපරඩැල්ලු මොනවිදියෙන් ආවාත් මුන්ව රට වැසියට එපා වෙලා තියෙන්නේ. නාමල් බේබි කොහොමත් එනවා. ඇරයුම් කරන්න අවශ්‍ය නැහැ. කලිනුත් ආවානේ නොතෙරෙන කමට. දෙවියන්ගෙන් සමාවක් නැහැ... රටට ජාතියට කරපු අපරාද බලයට ඇවිත්. මීහරක්ට මීහරක් විතරයි..
"යුද්දෙට නැති කඩූව කොස් කොටන්න ද"කියලා ඇහුවා වගේ මේ වේලාවේ එකතු නොවී මොකටද? සුබ පැතුම්...!
@MODA, යුද්දෙට මලකඩ කාපු කඩු, මොට්ට කඩු, ලී, මැටි කඩු ගෙනිච්චොත් සෙත්ත පෝච්චි...
රටට වින කරපු දූෂිතයෝ ටික එකට එකතු වෙලා බලය අල්ලන හැටි කතා කරගන්ඩ ඇවිල්ලා? ඔවුන්ට තියෙන ලොකුම ප්‍රස්නේ වෙන මොකවත් නොවෙයි...