අල්ලස් ගත් කම්කරු නිලධාරියා මාට්ටු පනාගොඩ ප්‍රදේශයේ වෙළදසලක සේවය කරන සේවකයන් පස් දෙනකු අර්ථසාධක අරමුදලට සම්බන්ධ නොකර වෙළදසැල පවත්වාගෙන යාම සදහා එම ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ හතරක අල්ලසක් ඉල්ලා එයින් අත්තිකාරම් ලෙස රුපියල් පනස් දහසක මුදලක් ලබා ගත් කම්කරු දෙපාර්තුමේන්තුවේ කේෂ්ත්‍ර නිළධාරියකු අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. 09 November 2023
සුළු සිද්ධියකට දොස්තර දෙන්නාට ගහලා අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනකුට වාරියපොළ නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් පොළක් අසල දී පහරදීමකින් තුවාල ලැබූ වෛද්‍යවරයකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ප්‍රතිකාර ලබමින් පසු වන බවජවාරියපොළ පොලීසිය පවසයි. 09 November 2023
ෂාෆ්ටර්ගේ රක්ෂණය සති දෙකකට නවතයි ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාට අයත් දේශීය රක්ෂණාවරණ දෙකක් සතියක කාලයක් සදහා අත්හිටුවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය පුද්ගලික රක්ෂණ සමාගම් දෙකකට අද නියෝග කළාය. 08 November 2023
තැපැල් වර්ජනය සාර්ථකයි තැපැල් සේවකයන් ගේ වැඩවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව, තැපැල් කාර්යාල 653, උපතැපැල් කාර්යාල 3410, සියලු සේවා අද(8) දිනයේ ඇනහිට තිබූ බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු සම්පත් ලියනගේ මහතා පැවසීය. 08 November 2023
65 අම්මන්ඩි චෛත්‍ය මළුවේ කසිප්පු හංගලා අඟුරුවාතොට ප්‍රදේශයේ විහාරයක ඉදිකරිම්න් පවතින චෛත්‍යය ආසන්නයේ වළක් හාරා එහි සඟවා තිබූ නීති විරෝධී මත්පැන් බෝතල් හතලිස් පහක් සමග නීති විරෝධී මත්පැන් ජාවාරම් කාරියක් අද උදෑසන අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය පවසයි . 08 November 2023
විෂ බීජ නාශක බෝතලය ළඟින් තබා බොන්න බල කරලා ’’බිපන්,තව බීපන්, තව බීපන්, මැරෙන්න බීපන්’’ යැයි පවසමින් වැසිකිලි විසබීජ නාශක දියර බෝතලය අසල තබා 14 හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව නාරාහේන්පිට පොලිසිය කියයි. 08 November 2023
ආචාර්ය සූරිය ගුණසේකර අභාවප්‍රාප්ත වේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වූ ආචාර්ය සූරිය ගුණසේකර මහතා අද පෙරවරුවේ සිය නිවසේදී අභාවප්‍රාප්ත විය. 08 November 2023
වර්ජිත තැපැල් සේවකයන්ට තදින් හිටී සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබියදී වැඩවර්ජනයේ නිරත තැපැල් සේවකයන් සම්බන්ධයෙන් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කොට ඉදිරියේදී තීරණයක් ගන්නා බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසීය. 08 November 2023
තරුණ මේජර්ගෙන් ලක්ෂ දෙකක් කප්පම් ගන්න ගිහින් නිරුවත අන්තර්ජාලයට මුදා හරින බව හමුදා මේජර්වරයකුට තර්ජනය කර බිය වද්දා රුපියල් ලක්ෂ දෙකක කප්පම් මුදලක් ලබාගත් සංවිධානාත්මක කල්ලියක නව දෙනකු අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලීසිය කියයි. 08 November 2023
ක්‍රිකට් නව ව්‍යවස්ථා කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් සැකසූ නව ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවේ හෙට(9) පැවැත්වෙන විවාදයේ දී ආණ්ඩු පක්ෂය විසින් සභාගත කර සාකච්ඡාවට ගැනීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි. 08 November 2023
ගංවතුරට මාස දෙකයි ගැමියෝ විරෝධයක අතුරලිය තබ්බටුවාව උතුරු ග්‍රාම නිලධාරි වසමේ හෝන්දුගොඩ ගම්වාසීහු 500 දෙනෙක් පමණ පීඩාවට පත් කරමින් මාස දෙකක් තිස්සේ අඛණ්ඩව පවතින ගංවතුර තත්ත්වයට විසැඳුම් ඉල්ලා අද සවස හෝන්දුගොඩ හන්දයේ මහ වතුර මැද විරෝධතාවක නිතර වූහ. 08 November 2023
පාලකයන් යන අත මල්වතු නා හිමි පෙන්වති රටේ පාලකයන්ට කොතරම් හොඳ පැත්ත පෙන්වා දුන්නද ඒවා ගණන් නොගෙන ඔවුන් බලාපොරොත්තු වන ආකාරයට ගමන් කිරීමට ඔවුන්ට අවශ්‍ය වී තිබෙන බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක හිමියෝ පැවැසූහ. 08 November 2023
ආබාධිතයන් වෙනුවෙන් නව පනතක් ආබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බව සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසීය. 08 November 2023
ප්‍රබල ඇමැති, ජනපති - ක්‍රීඩා ඇමැති වෙන් කිරීමේ කුමන්ත්රණයක ජනපති සහ ක්‍රීඩා ඇමතිවරයා අතර ගැටුමක් ඇති කිරීම සඳහා රජයේ ප්‍රබල ඇමතිවරයෙක් මූලික වී සිටින බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 08 November 2023
ක්‍රිකට් ලොක්කෝ එලවීමට හෙට විවාදයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරි මණ්ඩලය ඉවත් කිරීම සඳහා ඒකාබද්ධ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද (9) විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී අද (8) තීරණය විය. 08 November 2023
එමිල් රංජන්ගේ අභියාචනය සළකා බලන්න දින දෙයි වැලිකඩ බන්ධනාගාරය තුළ පුද්ගලයන් අට දෙනෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් වරදකරු කොට මරණ දඩුවම ලබාදී සිටින බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ළමාහේවා මහතා දෙසැම්බර් පහළොස් වැනි දින ඒ මහතා ගොනුකොට ඇති අභියාචන පෙත්සම් විභාගයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දුන්නේය. 08 November 2023
බත්තුළුඔය දුම්රිය ස්ථානය ජලයෙන් යටවෙයි මහ වැසිත් සමග පුත්තලම හලාවත දුම්රිය මාර්ගය ජලයෙන් යටවිමත් සමග සිව් වන දිනටත් හලාවත සිට පුත්තලම දුම්රිය ගමනා ගමනය සම්පුර්ණයෙන් නවතා දමා ඇති බව දුම්රිය දෙපාර්තුමේන්තුව අද ( 8) දින පැවසිය. 08 November 2023
මෙගාවොට් 1,110 ක මහ පරිමාණ පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති 6ක් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 1,110 ක විදුලිය ප්‍රමාණයක් එක්කර ගැනිමට මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 6ක් ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 08 November 2023
පාර්ලිමේන්තුව උණුසුම් වෙයි ශ්‍රී ලංකන් ක්‍රිකට් ආයතනයට එරෙහිව යෝජනාවක් සම්මත කර ගැනීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම හඬ නැගීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ අද (8) පෙරවරුවේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය. 08 November 2023
ඖෂධ අධිකාරියේ විධායක නිලධාරී ඉවතට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කරනු ලැබ ඇත. 08 November 2023
තැපෑල අත්‍යාවශ්‍ය කරයි මෙරට පොදු ජනතාවට අවශ්‍ය තැපැල් සේවාව ලබාදීම සඳහා අද දින සිට තැපැල් සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අත්සන් තැබූ බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හෝමාගම දී පැවසීය. 08 November 2023
ක්‍රිකට් ආයතනය ගැන දිනක විවාදයක් ක්‍රිකට් පාලක මණ්ඩලය සම්බන්ධයෙන් හෙට දවස පුරා විවාදයක් පවත්වා තීරණයක් ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 November 2023
මේ වසරේදී වෙඩි තැබීම් 62ක් - 32ක් මරුට සංවිධානාත්මක අපරාධ කල්ලි මේ වසරේදී වෙඩි තැබීම හැට දෙකක් කර ඇති ඇති බවත් ඒ වෙඩි තැබීම්වලින් 32 ක් මිය ගිහින් 37 ක් තුවාල ලබා ඇති බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 November 2023
’’ක්‍රිකට් හොරුන්ගෙන් ජනපති බේරා ගනිමු’’ කවුරුන් හෝ ජනාධිපතිතුමා විනාශ කිරීමට උත්සාහ දරමින් සිටින්නේ යැයි තමාට පෙනෙන බවත් ක්‍රිකට් ආයතනයේ දූෂිත හොරු රැලට ජනාධිපතිතුමාට ළංවීමට ඉඩ නොදිය යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 November 2023
උඩරට දුම්රියමාර්ගයට ගසක් කඩා වැටෙයි කොළඹ බදුල්ල උඩරට දුම්රිය මාර්ගයේ කිණිගම හීල්ඔය අතරදී අද (08) දුම්රිය මාර්ගය හරහා අඹ ගසක් කඩා වැටීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 08 November 2023
හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි ක්‍රිකටි පාලක මණ්ඩලයට විරුද්ධව පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගත යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ යෝජනාවක් සලකා බැලීම සඳහා පක්ෂ නායක රැස්වීමක් කැඳවන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා නිවේදනය කළේය. 08 November 2023
කොළඹ වරායට ඩොලර් මිලියන 553ක ආයෝජනයක් ශ්‍රී ලංකාවේ කොළඹ වරායෙහි ගැඹුරු ජල නැව් බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්ත පුද්ගලික සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 553 ක මූල්‍ය පහසුකමක් ලබා දෙන බව එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නේතන් මහතා අද(08) ප්‍රකාශ කළේය. 08 November 2023
ගාසා තීරය අමු සොහොනක් පසුගිය ඔක්තෝබර් මස 7 වැනිදා හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයත් සමඟ ආරම්භ වූ ඊශ්‍රායල හමුදා ප්‍රහාර හමුවේ දිනකට පලස්තීන ළමුන් 180 ක් ඝාතනයට ලක්වී ඇතැයි පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේය. 08 November 2023
ගෙල කපා එක්දරු මව මරලා තියුණු ආයුදයකින් ගෙල කපා මීවිටිගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් නිවස තුලදීම ඝාතනය කර ඇති බව කිරිදිවැල පොලිසිය පවසයි. 08 November 2023
’’රටේ පොලිස්පතිවරයකු නෑ’’ පොලිස්පතිවරයාගේ සේවා දීර්ඝය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර නැති හෙයින් මේ රටේ පොලිස්පතිවරයකු නැති බවත් මේ හේතුවෙන් පොලිසිය අරාජික වී ඇති බවත් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය. 08 November 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026