ත්‍රිරෝදයට ගසක් වැටී සිසුවෙක් ඇතුළු තුනක් මරුට නාවලපිටිය මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් මතට ප්‍රධාන මාර්ගය අභියස තිබු යු කැලිප්ටිස් ගසක් කඩා වැටිමෙන් එම ත්‍රීරෝද රථයේ ගමන් ගත් පාසල් සිසුවෙක් ඇතුලු කාන්තාවන් දෙදෙනෙකු ත්‍රීරෝද රථය තුලදීම මිය ගොස් ඇති බව පොලීසිය කියයි. 04 June 2026
සිඟිති පාතාලයක් වවුනියාවෙන් මතුවේ ’’වවුනියාවේ සිඟිති පාතාලය’’ නමින් සිසුන් පිරිසක් විසින් තවත් සිසුන් දෙදෙනකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ පළවීමෙන් පසු විමර්ශන පවත්වා සැකකාර සිසුන් 7 දෙනකු අත්අඩංගුවට ගත් බව ඉරට්ට පෙරියකුලම් පොලිසිය පවසයි. 04 June 2026
බූස්සෙන් ජංගම දුරකතන මතුවෙයි බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ කොටසේ A අංශයේ 25 වැනි සිර මැදිරියේ තිබී කාලයක් තිස්සේ භාවිත කළ බවට සැක කරන ජංගම දුරකථනයක්, චාජරයක්, ලයිටරයක්, සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 04 June 2026
ගෝඨාට හිටපු බුද්ධි නිලධාරීන් දෙදෙනකුට රට යාම තහනම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකුට විදේශ ගතවීම වළකාලමින් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද විදේශ ගමන් තහනමක් පැනවීය. 04 June 2026
‘‘සුරේෂ් සලේ දැඩි මානසික ආතතියෙන්‘‘ කතෝලික පල්ලි සහ තරු හෝටල් ඉලක්ක කර ගනිමින් පාස්කු ඉරුදින එල්ල කෙරුණු මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව ර`දවාගෙන ප්‍රශ්ණ කරන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික යුද හමුදා මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා සියදිවි හානිකර ගැනීමේ අවධානමක් ඇති බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාට අද දැනුම් දුන්නේය. 03 June 2026
මහ භාණ්ඩාගාර සිද්ධියේ සංයුක්ත තැටි කොළඹ සරසවියට දෙන්නැයි නියෝගයක් ශ්‍රී ලංකා මහ භාණ්ඩාගාරයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනික පාර්ශවයක් වෙත බැහැර වීම සිද්ධියට අදාළ පරිගණක පද්ධතියේ දත්ත ඇතුළත් සංයුක්ත තැටි 04 ක් (සීඩී තැටි) වැඩිදුර විමර්ශන සඳහා කොළඹ විශ්ව විද්‍යාලයට යොමු කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද නියෝග කළේය. 03 June 2026
කන්ටේනර් සිද්ධිය: රේගුවේ තවත් ලොක්කකුගෙන් ප්‍රශ්න කරයි කොළඹ වරායෙන් බහාලුම් 323ක් භෞතික පරීක්ෂාවෙන් තොරව මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ශ්‍රී ලංකා රේගුවේ හිටපු තවත් ප්‍රධානියකුගෙන් අද (3) ප්‍රශ්න කර ඇත. 03 June 2026
වැඩිහිටි නිවාසයේ ගින්නෙන් 11ක් මරුට හොරණ බටගොඩ “සෙනෙහසේ කැදැල්ල” මවුපිය සෙවණ වැඩිහිටි නිවාසයේ අද (03) සවස හටගත් ගින්නකින් වැඩිහිටියන් 11 දෙනකු පමණ මියගොස් ඇති බව අඟුරුවාතොට පොලිසිය පවසයි. 03 June 2026
ධීවර අංශ උපාධිධරයන්ට ජපන් රැකියා ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්රයේ උපාධිධාරීන්ට ජපානයේ තාක්ෂණික රැකියා අවස්ථා දීමට ජපාන රජය එකඟතාවයකට පැමිණි බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසයි. 03 June 2026
ලංකාවට සමුදෙන පාන්ඩේ- ටිල්වින් හමුවෙයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යන්ජල් පාණ්ඩේ මහතා අතර හමුවක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද(3)පැවැත්විණි. 03 June 2026
අඟුරුවාතොට වැඩිහිටි නිවාසයක ලොකු ගින්නක් අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්නෙන් මේ වන විට පුද්ගලයින් තිදෙනෙක් අතුරුදන් වී තවත් පිරිසක් රෝහල් ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. 03 June 2026
සුව සැරිය නවතින බව කියන කතා බොරු 1990 හදිසි ගිලන් රථ සේවාව (සුව සැරිය) අක්‍රීය වන බවට සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන පුවත බොරුවක් බව සුවසැරිය පදනමේ සභාපති මේජර්(විශ්‍රාමික) නිරෝෂන් රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 03 June 2026
’’ප්‍රවාහන අමාත්‍යවරයා හමුවෙන්න ඕනේ’’ බස් ගාස්තු ඉහළ දැමීමක් හෝ ඉන්ධන සහනාධාරයක් සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ හෙට (4) සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තිකයන්ගේ සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ මහතා අද (3) පැවසීය. 03 June 2026
හොරණ නගරයේ බැංකුවකින් මහ දවල් කෝටි තුන හමාරක් පැහැර ගෙන යයි හොරණ නගරයේ රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රයේ තැන්පත් කිරීමට ගෙනා ආ රුපියල් කෝටි තුන හමාකර මුදල් කිසියම් පුද්ගලයකු පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. 03 June 2026
භාණ්ඩාගාර කොල්ලය ඉතිහාසයෙන් මකා දාන්න හදනවා මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක කොල්ලය හෙවත් ඩොලර් 2,509,430 ක මුදලක් තුන්වන පාර්ශවයක් අතට පත්වීම සඟවා ඉතිහාසයෙන් මකා දැමීමට මුදල් අමාත්‍යාංශය ලැජ්ජා සහගත උත්සාහයක නිරතව ඇතැයි ෆී ලෝයර්ස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 03 June 2026
රංග නිශාන්තගේ මරණය ගැන අධිකරණයට දන්වයි මහා භාණ්ඩාගාරයේ විදෙස් සම්පත් ඒකකයේ සේවය නියුතුව සිටියදී මියගොස් සිටි රංග නිශාන්ත මහතාගේ මරණය තමන් විසින්ම කැපුම් තුවාල සිදුකරගත් නිසා ඇතිවූ මරණයක් බවට සිව් පුද්ගල කමිටුව ඒකමතිකව තීන්දු කළ බැව අධිකරණ වෛද්‍ය නිලධාරී කමිටු සභාපති විශේෂඥ අධිකරණ වෛද්‍ය ඉලංගරත්න බණ්ඩා මහතා කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ මහතා ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් පැවසීය. 03 June 2026
සමූපකාර ලොකු පුටුවල හොරු පිරිලා ඇතැම් සමූපකාර ප්‍රාදේශිකවල විවිධ දූෂණ වලට සම්බන්ධ පුද්ගලයන් විශාල පිරිසක් දඬුවම් නැතිව එම තනතුරු වලම රැඳී සිටින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී තොරතුරු හෙළි විය. 03 June 2026
නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක් අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට ගෙන ඇති බව කියන පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර අැත 03 June 2026
පොලිස්පති මැතිසබා කමිටුවට කැඳවයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. 03 June 2026
රජයේ කන්තෝරුවල ප්‍රමාදය ගැන ලාල් කාන්තගෙන් දෝස් මූරයක් ’’අපේ වැඩේ අපි කළා. දැන් තියෙන්නේ ඕගොල්ලන්ගේ වැඩේ. ඔයගොල්ලන්ගේ වැඩේ හරියට කරන්න යැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය. 03 June 2026
රනිල්ගේ සැප සනීප බලන්න සමන්තබද්‍ර හිමි එයි සිරි සමන්තබද්‍ර හිමියෝ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් විමසීම සඳහා අද(3) වැඩම කළහ. 03 June 2026
ඉන්දීය නි: මහකොමසාරිස් ලංකාවෙන් සමුගනියි සිය සේවා කාලය අවසන් කර ධුරයෙන් නික්ම යන ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් (වෛද්‍ය) සත්‍යාංජල් පාණ්ඩේ මහතා, කථානායක (වෛද්‍ය ) ජගත් වික්‍රමරත්න මහතා හමුවී සුහද සාකච්ඡාවක නිරත විය. 03 June 2026
ළමා අරමුදල අධිකරණ ඇමති හමුවෙයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙරට සංචාරයක නිතර එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ විධායක මණ්ඩලයේ සභාපති රයින් තම්සාර් මහතා ඇතුළු එම අරමුදලේ විධායක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි. 03 June 2026
අයි.එම්.එෆ් වාරික දෙක භාණ්ඩාගාරයට ලැබුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ක්‍රියාත්මක කර ඇති විස්තීරණ ණය වැඩසටහනේ 5 වැනි සහ 6 වැනි සමාලෝචන සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව එහි 6 වැනි සහ 7 වැනි වාරික මහා භාණ්ඩාගාරය වෙත ලැබී ඇතැයි මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. 03 June 2026
ගමේ පොඩි පාරවල් හදන්න ලබන අයවැයෙන් සල්ලි ජාතික මාර්ග පද්ධතියට අයත් නොවන මාර්ගවල පවතින අනාරක්ෂිත හා අනතුරුදායක ස්ථාන ආරක්ෂිතව සකස් කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් සැකසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2026
ගිනි අවි 19ක්, කෝටියක මත්පෙත් දෙමටගොඩින් හසුවේ මරණීය දණ්ඩනය නියමව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දෙමටගොඩ චමින්ද නමැත්තාගේ පවුලේ අයත් බව කියන රිවොල්වර වර්ගයේ ගිනි අවි 19 ක් හා රුපියල් කෝටියකට අධික මත්පෙති තොගයක් දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයාගත් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. 03 June 2026
මේ අවුරුද්දේ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 300ක් මේ වසර ඇතුළත ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 300ක් පිහිටුවීමට සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 03 June 2026
කිරින්දේ පිළිම වහන්සේට ප්‍රා.ලේගෙන් තහංචියක් තිස්සමහාරාම කිරින්ද පාර, සුදුවැලි පැලැස්ස ශ්‍රී සම්බුද්ධ මහා විහාරස්ථානයේ ඉදි කෙරෙන බුද්ධ ප්‍රතිමාවේ වැඩ කටයුතු නතර කරන ලෙසට තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් එවූ ලිපියට විරෝධය පාමින් විහාරස්ථ භික්ෂූන්වහන්සේලා අද පෙරවරුවේ සත්‍යග්‍රහයක නිරත වූහ. 03 June 2026
මොළේ උණ රෝගීන් 250ට නගී මෙනින්ජයිටීස් (මොළේ උණ) බවට සැකකරෙන රොගීන් 250 දෙනකු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 03 June 2026
මහා බැංකු වාර්තාව විවාදය ලබන 12 ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික සමාලෝචන වාර්තාව පිළිබඳ විවාදය ලබන 12 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 03 June 2026
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026