ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියේ කෙටුම්පත ඇමතිට පිළිගන්වයි
දිගු කාලීන පුළුල් උපදේශන ක්‍රියාවලියකින් අනතුරුව සකස් කරන ලද ’’ශ්‍රී ලංකාවේ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියේ’’ සංවර්ධිත කෙටුම්පත (Advanced Draft) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්ම මහත්මීන්ට පිළිගැන්වීම ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (14)සිදු කෙරිණි.