ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවකු අත්අඩංගුවට අතුරුගිරිය ටැටූ ආයතනයක් විවෘත කිරීමට ගොස් සිටි ක්ලබ් වසන්ත ඝාතනනයේ එක් වෙඩික්කරුවකු සහ එම ඝාතනයට අනුබල දුන් තවත් අයෙකු දෙහිවල කවුඩාන ප්‍රදේශයේදී අද (23) දින අත්අඩංගුවට පත්ව ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. 1 year ago
විජයදාස කාදිනල් හිමි අතර හමුවක් ජනාධිපති අපේක්ෂක ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා බොරැල්ලේ අගරදගුරු නිවසට අද (23) පස්වරුවේ පැමිණ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් බැහැදැක්කේය. 1 year ago
රතඹලාඔය පිටාර ගැලීමෙන් කුඹුර අක්කර 300ක් විනාශයි රතඹලාඔය පිටාර ගැලිමේන් අස්වැන්න නෙළිමට ආසන්න අක්කර 300 කට ආසන්න කුඹුරු යාය සම්පුර්ණයෙන් විනාශ වී ඇති බව ගොවිහු පවසති. 1 year ago
දේශපාලන අරමුණු ඉටුකර ගන්න රට විරුවන් බිල්ලට අරන් විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් සූරා ගෙන පෞද්ගලික දේශපාලන අරමුණු ‘ජයගන්න’ ව්‍යාපෘති රැසක් ලංකාවේ ක්‍රියාත්මක යැයි සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 1 year ago
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනයක් කැඳවයි එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඉරිදා (25) පස්වරු 2ට පැවැත්වේ. 1 year ago
තලතාගේ මන්ත්‍රී ධුරය හිස් වූ බව මැතිවරණ කොමිසමට දන්වයි සමග ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ තලතා අතුකෝරල මහත්මිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (23) බාර දුන්නාය. 1 year ago
කෝටි 21 ක හෂීෂ් ඉතාලියෙන් එවලා ඉතාලියේ සිට කොලඹ පිහිටි භාන්ඩ නිශ්කාශන ආයතනයක් හරහා එවන ලද තෑගි පාර්සලයක තිබී හෂීෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 30 ක් අත්අඩංගුවට ගැනීමට රේගු ආදායම් අධීක්ශන ඒකකය සමත් වූ බව රේගු අතිරේක අධ්යක්ෂ ජනරාල්, මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 1 year ago
නේපාල අනතුරින් 14 මරුට නේපාලයේ පොඛාරා නගරයේ සිට කත්මණ්ඩු බලා ධාවනය වූ බස් රථයක් එරට මාස්යන්ග්දි ගංගාවට වැටීමෙන් සිදුවූ අනතුරකින් 14 දෙනකු මියගොස් තවත් 17 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 1 year ago
යාවත්කාලීන නොකළ රියදුරු බලපත් අවලංගු කතාව බොරු යාවත්කාලීන නොකළ සියලු රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කර ඇති බවට පළවන ප්‍රචාර මුළුමනින්ම අසත්‍යය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා පැවසීය . 1 year ago
ජනතාවාදී රජයක් බිහි කරනවා රටේ ජනතාවගේ ප්‍රශ්නවලට නිසි විසඳුම් ගෙනෙන ජනතාවාදී රජයක් බිහි කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පිළියන්දලදී අද (23) පැවසීය. 1 year ago
ප්‍රවාහන අධිකාරියේ නිලධාරියෙක් අල්ලස් දැලේ සබරගමු මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරියකු රුපියල් 60000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 1 year ago
ජනපති සටන නිරීක්ෂණයට රටවල් දොළහක් ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා රටවල් දොළහක නියෝජිතයන්ට ආරාධනා කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago