IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියේ තියන්න කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය නුවරඑළියේ පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මහානායක ස්වාමින් වහන්සේලාගේ සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසනා පරිදි ශ්‍රී බුද්ධ වර්ෂ 2569 (2025) රාජ්‍ය වෙසක් උත්සවය බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් නුවර එළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේ දී පැවැත්වීම සුදුසු බවට හඳුනාගනු ලැබ ඇත.

 මෙම වර්ෂයේ රාජ්‍ය වෙසක් මහෝත්සවය "හජෙථ මිත්තෙ කල්‍යාණෙ භජෙථ පුරියුත්තමේ " ( කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු) යන තේමාව යටතේ පැවැත්වීමට තීරණය කර තිබේ. 

ඒ අනුව, නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ජාතික වෙසක් මහෝත්සවය පැවැත් වීමටත්, 2025 වර්ෂයේ මැයි මස 10 දින සිට 16 දින දක්වා වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කිරීමටත්, එම කාල සීමාව තුළ විවිධ බෞද්ධාගමික වැඩසටහන් සංවිධානය කර ක්‍රියාත්මක කිරීමටත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා  සහ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා  ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (3)

රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියේ තියන්න කැබිනට් අනුමැතිය

Temples Tuesday, 29 April 2025 08:52 PM

නුවර එළියේ මොකක්ද තියෙන බෞද්ධ වටිනාකම?

:       1       3

selpmeT Tuesday, 29 April 2025 10:27 PM

නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මද්‍යස්ථාන විහාරය කියලා පුවතේ තියෙනවනෙ. ගිහිං වන්දනාමාන කරලා ඇවිත් ඔක්කොටම කිව්වනං අහවරයිනෙ?

:       0       1

වවගමුවේ පඤ්ඤානන්ද හිමි Tuesday, 20 May 2025 10:30 AM

රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් බොහෝ විහාරස්තාන හා දහම් පාසල් ගුරුවරුන් ළමුන් කැපවීමක් කළා . රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් විදුලි බුබුලු දල්වා නොයෙක් ආකාරයෙන් වෙනදාටත් වඩා වියදමක් දරන්න සිදු වුනා ලොකු විදුලි බිලක් ලැබුනා. මේ සදහා ප්‍රවහාන වියදම් දරන්න සිදු වුනා .රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් ලැබුණු ලක්ෂ 100 සුළු මුදලක් හො අනිකුත් විහාරස්ථාන වලට ලබ නොදීම පිළිබද කණගාටු වෙමි.ලැබෙන හැම දේම එකතු කරගෙන හිතවත් කම් මත බෙදීම සාධාරණ නොවේ . මුදල් වෙන් කළ විහාරස්ථා නාම ලේඛණය එලි දක්වන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site