
(සුමිත් පොතුපිටිය)
මුදල් කොන්ත්‍රාත් පදනම මත කඩු මන්නාවලින් පහරදී මනුෂ්‍ය ඝාතන සිදුකරන සංවිධානාත්මක අපරාධ කල්ලියක හිටපු හමුදා සෙබළකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාශය සමත්ව ඇත.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, පානදුර , පයාගල, බණ්ඩාරගම සහ ඌරගහ ප්‍රදේශයේ පදිංචි 30,32, 36 සහ 51 වියැති පුද්ගලයින් බව පොලිසිය කීය.
පසුගිය අප්‍රේල් මස 17 දින රාත්‍රී බණ්ඩාරගම ප්‍රදේශයේ ව්‍යාපරිකයකුට මන්නා වලින් පහරදී බරපතල තුවාල සිදුකිරීම සම්බන්දයෙන් කළ විමර්ශණ වලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන කඩුවක් මන්නා දෙකක්, අපරාධ සදහා යොදාගත් බව කියන ජංගම දුරකථන තුනක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට පත්වූවන් අතර පසුගිය වසරේ පානදුර ප්‍රධාන ඇගළුම් කර්මාන්ත ශාලාවක් තුලදී එලව එලවා මන්නා පහර එල්ලකර පුද්ගලයකු කපා කොටා ඝාතනය කළ ප්‍රධාන සැකකරුවන්ද සිටින බව පොලිසිය කීය.
සැකකරුවන් ප්‍රදේශයේ කප්පම් ගැනීම් සහ බියවැද්දීම් සිදුකිරීම සම්බන්දයෙන් ජනතාව භීතියට පත්ව සිටින බවටද හෙලිව ඇති බව වැටලීමට සිදුකල උසස් නිළධාරියෙක් කීය.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුලියට මිනී මරණ හතරක් මාට්ටු
Perera Tuesday, 29 April 2025 07:39 AM
මීගමුව පැත්තේ එහෙම කෙනෙකුගේ පුතාත් පාර්ලිමේන්තුවේ හිටියා.
හසක Tuesday, 29 April 2025 09:06 AM
මම පුද්ගලිකව දන්නවා මේ අයව පුනුරුත්ථාපනය කරන්න ඉතාම අමාරුයි කියල. ඉතා දීර්ඝ කාලයක් සමාජයෙන් වෙන්කරල තියල තමයි එහෙම කරනවනම් කරන්න පුළුවන් වෙන්නේ. හදිසි කෝපයෙන් මිනීමැරීමට වඩා ඉතාම වෙනස් මේ අයගේ ඝාතන.
රම්බොඩ Tuesday, 29 April 2025 09:32 AM
කොච්චර අත්අඩංගුවට ගත්තත් වැඩක් නෑ. හෝදා හෝදා මඩේ දානව වගේ. මේ පව්කාරයින් හැදෙන්නෙත් නෑ. ඔවුන් හදන්න නිසි දඬවමකුත් නැ. කාලයක් නිකම්මු වගේ රටේ සල්ලි වලින් හිරබත් කාලා ආයෙමත් ඇවිත් ඔය පාපකර්මම තමයි කරන්නෙ.
KAHAWITA Tuesday, 29 April 2025 09:50 AM
මෙන්න මුන් තමා මරලා දාන්න ඕන