
(අංජුල මහික වීරරත්න)
භූමිය මත ඉදි කර ඇති සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර වලින් මෙගාවොට් 152 ක විදුලිය ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැති ලැබී ඇත.
2023-2042 දිගුකාලීන ජනන ව්‍යාපෘති සැලැස්මට අනුව වර්ෂ 2030 වන විට බල ශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජන්නීය බල ශක්තියෙන් සපුරා ගැනීම රජයේ ප්‍රතිපත්තිය වේ.
ඒ අනුව අපේක්ෂිත විදුලි ඉල්ලුම ක්‍රමයෙන් අඩු වීම සහ පියැසි මත සවි කරන සූර්ය බල ශක්ති පද්ධති ධාරිතාව මෑත කාලීනව ශීඝ්‍රයෙන් වර්ධනය වීම සැලකිල්ලට ගෙන ග්‍රිඩ් උපපොළවල් 18 ක් සඳහා වෙන් කරනු ලැබිය හැකි මෙගාවොට් 152ක භූමිය මත ඉදි කෙරෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා ධාරිතාවක් හඳුනාගනු ලැබ ඇත.
එකී මෙගාවොට් 152 ක සමස්ත ජාල ධාරිතාව ජාත්‍යන්තර තරඟකාරී ලංසු තැබීමේ ක්‍රියාවලිය සඳහා පමණක් වෙන් කිරීමටත්, ඒ සඳහා ඉදි කිරීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීම යන පදනම යටතේ ව්‍යාපෘති සංවර්ධකයින්ගෙන් විදුලිය ප්‍රසම්පාදනය කිරීම පිණිස යෝජනා සඳහා ඉල්ලීම් නිකුත් කිරීම මඟින් ලංසු කැඳවීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමටත් බල ශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර මේවගෙ ව්‍යාපෘති පටන් ගන්න කොට අතිරතු පක්ෂයේ කට්ටියක් උද්ඝෝෂණය කරලා " රට විකුණනවා ,පරිසරය විනාශ කරනවා කියලා උසාවි නියෝගත් අරන් අවුරුදු 76 ක් තිස්සේ රට ආපස්සට ඇදලා දාපු අයටම ඒවා පටන් ගැනීමත් දායිවයේ සරදමක් හැර අන් කිසිවක් නොව.