උදයංගට - කපිලට ඇමරිකාවෙන් සම්බාධක දූෂණ හා වංචාවන්ට සහ මානව හිමිකම් කඩකිරීම් වලට සම්බන්ධ පුද්ගලයන් 14 දෙදෙනෙකුට ඊයේ (09) සම්බාධක සහ වීසා සීමා කිරීම් පැනවූ අතර එම ලැයිස්තුවට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග යන මහත්වරුන්ද ඇතුළත්ව සිටින බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. 10 December 2024
වෙඩි වැදී මියගිය වන අලියෙකුගේ සිරුරක් හමුවෙයි පොතුවිල් සෙල්වපුරම් කැලෑ ප්‍රදේශයේදී වෙඩි වැදී මියගොස් සිටි වන අලියෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා. 10 December 2024
‘ක්ලබ්‘ වසන්ත ඝාතන සැකකරුවන්ට ඇප අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත පුද්ගලයන් නැමැත්තා ඇතුළු දෙදෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාව මත බන්ධනාගාර ගතව සිටි පුද්ගලයන් අට දෙනෙකු එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ ශරීර ඇප සහ දැඩි කොන්දේසි මත මුදා හැරීමට හෝමාගම මාහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා අද (10) දින නියෝග කලේය. 10 December 2024
සෞඛ්‍ය - ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් අනිල් ජාසිංහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර ඇත. 10 December 2024
ඇල්පිටිය ප්‍රා.ස.සභාපති - උප සභාපති ඇතුළු පිරිස දිවුරුම් දෙති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ,උපසභාපතිවරයා ඇතුළු ජාතික ජනබලවේගයෙන් පත්වූ මන්ත්‍රිවරුන් 15 දෙනෙකු අද (10) පෙරවරුවේ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ඉදිරියේදී දිවුරුම් දෙනු ලැබීය. 10 December 2024
රැම්සාර් සම්මුති යෝජනාවට කැබිනට් අනුමැතිය තෙත්බිම් සම්බන්ධ අන්තර් ජාතික රැම්සාර් සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ සම්මේලනයට ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 December 2024
ඔපෙක් අරමුදලෙන් ඩොලර් මිලියන 50ක ණයක් ආර්ථික ස්ථායීකරණ හා ප්‍රතිසාධන වැඩසටහන සඳහා අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදලේ සහාය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 December 2024
ජනපතිගේ අමාත්‍යාංශ තුනක ඉහළ නිලධරයන් පත් කරයි මුදල්,ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තු වල ඉහළ කළමනාකාරීත්වය සඳහා නිලධාරීන් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 December 2024
ලංකාවට ඉන්දියාවෙන් කෝච්චි ඇන්ජින් 22ක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා ALCO ඩිසල් එන්ජින් 22 ක් ඉන්දියානු රජයේ ප්‍රදානයක් ලෙස ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 December 2024
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දිගු කරයි වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස 63 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. 10 December 2024
බදු ගැන ඉන්දියාව සමඟ ගිවිසුමක් ද්විත්ව බදුකරණය මඟ හැරවීම සහ ආදායම් මත බදු ගෙවීම පැහැර හැරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කර ගනු ලබන ගිවිසුමේ සන්ධාන පත්‍රය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 December 2024
කුඩා ධීවර යාත්‍රා හිමියන්ට මසකට රුපියල් 9375 ක් ආර්ථික අර්බුදය හේතු කොට ගෙන ධීවර කර්මාන්තයට ඇති වී ඇති බලපෑම අවම කර, ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 December 2024
බදුල්ල දුම්රිය ස්ථානය ඉදිරිපිට නාඳුනන මළ සිරුරක් බදුල්ල දුම්රිය ස්ථානය ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අසල තිබූ අභිරහස් ලෙස මියගිය නාදුනන පුද්ගලයකු ගේ මළසිරුරක් අද (10) උදෑසන සොයාගත් බව බදුල්ල පොලිසිය පවසයි . 10 December 2024
අයවැය හදන්න යෝජනා ගැනීම අරඹයි 2025 වසර අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමෙන් වන පූර්ව සාකච්ඡා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ. 10 December 2024
රට පුරා ජනපති - ඇමති බංගලාවලින් වැඩ ගන්න නිලධාරී කමිටුවක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංගය යටතේ පාලනය වන බංගලා නිවාස, විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර උපයෝජනය කිරීම පිණිස යෝග්‍ය ක්‍රම වේදයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 December 2024
රිදියගම සෆාරිය හැඩ කරන සිංහ පැංචෝ හම්බන්තොට රුහුණු රිදියගම සෆාරි උද්‍යානයට සාමාජිකයන් ලෙස අලුත් සිංහ පැටැවු හය දෙනෙක් එක් වී තිබේ. 10 December 2024
අපරාධයකින් ඉපයූ දේපළ ගැන පනත සංශෝධනය කරයි අපරාධයකින් උපයාගත් දේ පිළිබඳ පනත් කෙටුම්පත (Proceeds of Crime Bill) සංශෝධනය සඳහා කැබිනට අනුමැතිය ලැබී ඇත. 10 December 2024
වී- පොල් පෝර නැව මඟ එයි ලෝක ආහාර වැඩසවහන යටතේ මියුරියේට් ඔෆ් පොටෑෂ් පොහොර මෙට්‍රික් ටොන් 55,000 ක් ප්‍රදානයක් වශයෙන් ශ්‍රී ලංකා රජයට ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 December 2024
ඩිජිටල් රියැදුරු බලපතට කැබිනට් අනුමැතිය නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 December 2024
පරාටේ නීතිය තවදුරටත් අත්හිටුවයි බැංකු විසින් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 December 2024
ආහාර සුරක්ෂිතතාවයට කමිටුවක් පිහිටුවයි හාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 December 2024
නීතී විරෝධිව ගෙන ආ දුම්වැටි ගුවන්තොටේ සිර වෙයි රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු අද (10 )අලුයම ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 10 December 2024
අලි ඇතුන් 13ක ගේ රංචුවක් පොතාන වගාබිම් වනසති ඇතුන් තිදෙනෙකු ඇතුළු වන අලින් 13 කගේ රංචුවක් සීගිරිය පොතාන ප්‍රදේශයේ වගා බිම් විනාශ කරමින් නිවෙස් ආසන්නයටද පැමිණ ජන ජීවිතයට තර්ජනයක්ව ඇතැයි ගැමියෝ කියති. 10 December 2024
ගව ලොරිය මහමඟ දමා සැකකරුවෝ පළායති පොලිස් අණ නොතකා ගවයන් 26 දෙනකු පටවාගෙන යමින් තිබූ ලොරි රථයක් අද( 10) වීරකැටිය යග්ගස්මුල්ල ප්‍රදේශයේදී පොලිස්බාරයට ගත් බව අම්බලන්තොට පොලිසිය පවසයි. 10 December 2024
සූර්පිට විභාග රාජකාරී කළ පීසී අත්අඩංගුවට ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ උසස් පෙළ විභාග රාජකාරී සඳහා යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු බීමතින් කලහකාරී ලෙස හැසිරී පොලිස් සැරයන්වරයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (9) අත්අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය පොලිසිය පවසයි. 10 December 2024
වලව්වේගම ඝාතනයට අඹු සැමි යුවළක් අල්ලයි කලාවැව වලව්වේගම නිවසක් තුළ සිදුව තිබූ ඝාතනය සම්බන්ධයෙන් සැක පිට අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගත් බව ඉපලෝගම පොලිසිය කියයි. 10 December 2024
හලාවතදී තරුණයෙක් දුම්රියට බිලි හලාවත වට්ටක්කල්ලිය දුම්රීය හරස් මාර්ගයෙ දී යතුරු පැදියක් දුම්රීයෙ ගැටි සිදුවු අනතුරකින් එක් තරුණයකු මරණයට පත්ව බරපතල තුවාල ලැබු තවත් තරුණයකු දැඩි සත්කාර ඒකකයෙ ප්‍රතිකාර ලබන බව හලාවත මූලස්ථාන පොලිසිය පැවසිය. 10 December 2024
උපරිම සහල් මිල නියම කර ගැසට්ටු දෙකක් වෙළඳපොළේ දේශීය සහල් විකිණිය හැකි උපරිම සිල්ලර හා තොග මිල සහ ආනයනික සහල් විකිණිය හැකි උපරිම සිල්ලර මිල නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් වෙන වෙනම අති විශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබේ. 10 December 2024
අණ නොතැකු රියට වෙඩි කඩුවෙල හේවාගම ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයකු හප්පා පලා යාමට උත්සාහ කළ මෝටර් රථයක් පොලිස් අණ නොතකා පලායාම නිසාවෙන් එම රථයට අද (10) දින අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව කඩුවෙල පොලිසිය පවසයි. 10 December 2024
තැනින් තැන අදත් වැසි උතුරු,උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 10 December 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026