විදුලිය වැදී අලි 50 ක් මෙම වසරේ මැරිලා මෙම වසරේ මේ දක්වා කාලයේ විදුලි සැර වැදීමෙන් වන අලි 50 දෙනකු පමණ මරණයට පත්ව ඇති බවත් එම අවස්ථාවලදී ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සැපයුම අනවසරයෙන් ගෙන තිබූ බවත් එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 23 December 2024
අප ගත් තීන්දු අපට පරාජය ගෙනාවත් රටට ජය ගෙනාවා ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදීම සදහා ලබාගත් ජනප්‍රිය නොවන දේශපාලන තීන්දු හා කැපකිරීම් වල ප්‍රථිඵල අප දේශපාලන වශයෙන් පරාජය කලත් රටක් ලෙස අත්පත් කරගත් වර්ධනයෙන් තෘප්තිමත් වීමට හැකියාව ලැබීම ගැන සතුටු වන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. 23 December 2024
ඉඩම් ආරවුලට අසල්වැසියාට වෙඩි තියලා බෙහෙත් කොටන තුවක්කුවකින් වෙඩි තබා 28 හැවිරිදි පුද්ගලයෙකුට බරපතල තුවාල සිදුකරනු ලැබු පුද්ගලයෙකු ඊයේ (22)දින කිරිමැටියාවේදි අත්අඩංගුවට ගත්බව මිහින්තලය පොලිසිය කියයි. 23 December 2024
පැනමා ඇල සුදුසු විදියට කළමනාකරණය කරනවා මධ්‍යම ඇමෙරිකානු රටක් වන පැනමාව තමාට පිළිගත හැකි ආකාරයකට පැනමා ඇළ කළමනාකරණය නොකරන්නේ නම් නැවතත් පැනමා ඇළ ඇමෙරිකාවට බාරදිය යුතු බව ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය 21 වැනිදා ප්‍රකාශ කළේය. 23 December 2024
මුලතිව් මුහුදු තීරයේ පුපුරණ ද්‍රව්‍ය මුහුදේ පාවෙමින් තිබූ කෝඩයිට් නැමති පුපුරන ද්‍රව්‍ය කිලෝ 14 යි ග්‍රෑම් 700 ක ප්‍රමාණයක් මුලතිව් මුහුදේදී ඊයෙ (22) සොයාගත් බව මුලතිව් පොලිසිය පවසයි. 23 December 2024
උත්සව සමයට 24 පැයේ රථවාහන පරීක්ෂාවක් උත්සව සමය අවසන් වන තුරු අද (23) සිට පැය 24 ම ආවරණය වන පරිදි දිවයින පුරාම රථවාහන පොලිස් නිලධාරීන් යොදවා මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහන පරීක්ෂා කිරීමේ විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි. 23 December 2024
මීගොඩ ඝාතනයට තවත් තිදෙනෙකු අත්අඩංගුවට මීගොඩ නාගහවත්ත ප්‍රදේශයේ දී සමෘද්ධි සහායකවරයකුට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත්බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 23 December 2024
හොර නෝට්ටු සමඟ සිසුන් 4ක් මාට්ටු තෙල්දෙණිය පොලිසිය විසින් පාසල් සිසුන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයකදී ව්‍යාජ 5000 නෝට්ටු 57 ක් සොයාගත් බව පොලිසිය කියයි. 23 December 2024
අක්මීමණ වෙළදසැලක් ගින්නකින් විනාශයි අක්මිමණ කුරුඳුවත්ත හන්දියේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සලක ඊයේ (23)රාත්‍රි ඇතිවු හදිසි ගින්නකින් වෙළඳ සල සම්පුර්ණයෙන්ම විනශවි ඇතැයි අක්මිමණ පොලිසිය පවසයි 23 December 2024
ගැසට්ටුව නැති නිසා යළි සහල් ආනයනය බෑ සහල් ආනයනය කිරීමේ අවසරය රජය මගින් දීර්ඝ කළද ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් යළි මෙරටට සහල් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. 23 December 2024
තැනින් තැනට අදත් වැස්ස දකුණු සහ ඌව පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි 23 December 2024
මෙරටට ගෙන් වූ තවත් ඖෂධ 13ක් ප්‍රමිතියට නෑ නිසි ප්‍රමිතියෙන් තොරවීම නිසා මෙරටට ගෙන්වන ලද ඖෂධවල තවත් කාණ්ඩ 13 ක් පසුගිය සති දෙක ඇතුළත භාවිතයෙන් ඉවත් කර ඇතැයිවෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සඳහනේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි. 23 December 2024
ඉහළ මහලයේ වැටත් කඩාගෙන සිසුවා බිමට වැටිලා බදුල්ල නගරයේ මධ්‍යම වෙළෙඳ සංකීර්ණයේ දෙවන මහලේ ආරක්ෂිත යකඩ පැති වැටක් කඩා ගෙන සිසුවකුෙ බිමට ඇද වැටීමෙන් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි . 22 December 2024
පුංචි ඡන්දෙට නීතියෙන් බාධාවක් පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කරන තුරු පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීමට නීතිමය බාධාවක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 22 December 2024
රට හදන ගමනට මාධ්‍යත් එක්කර ගන්නවා මෙරට තරුණයින් සමඟ එක්ව නව මාධ්‍යකරණයක් වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවැසීය. 22 December 2024
කසුන් සිද්ධියට පොලිසියේ තිදෙනකුට මාරුවිම් ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අතුරුගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ සිදුකෙරෙන විමර්ශනයට අදාළව උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු තිදෙනකු තාවකාලිකව මිරිහාන මූලස්ථාන පොලිසිය වෙත මාරු කරනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය. 22 December 2024
අංකුර සාහිත්‍යවේදී ජයග්‍රහකයන් ලංකාදීපයෙන් හෙට අංකුර සාහිත්‍ය වේදීන් ඇගැයුණු ජාතික සාහිත්‍ය සම්මාන උළෙලේ ජයග්‍රහයකින් 247 දෙනකුට පදක්කම් සහ සහතික පිරිනැමීය. 22 December 2024
උත්සව සමයේ පාරේ යන්නේ මෙහෙමයි උත්සව සමයේ බස්රථ ඇතුළු වාහන පරීක්ෂා කිරීමේ විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය. 22 December 2024
ගැඹුරු මුහුදේදී බිලී කටුවක් ඇමිණුනු ධීවරයා ජාතික රෝහලට ගැඹුරු මුහුදේදී බිලී කටුවක් අතේ ඇගිල්ලක ඇමිණීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වූ ධීවරයෙක් නාවික හමුදාවේ විජයබාහු නෞකාව තුළදී සැත්කමක් සිදුකිරීමෙන් අනතුරුව නාවික හමුදා නිලධාරීන් විසින් එම ධීවරයා වැඩිදුර ප්‍රතිකාර සදහා අද (22) ගොඩබිමට රැගෙනවිත් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය. 22 December 2024
කැලණි ගඟේ වැලි ජාවාරමක් විදෙස් ගතව සිටින සංවිධානාත්ම අපරාධකරුවකු විසින් ගෝලයින් යොදවාගෙන කලක් තිස්සේ කැළණි ගගේ හංවැල්ල යකාබැම්ම ප්‍රදේශයේ අනවසරයෙන් වැලිගොඩ දමමින් සිටියදී වටලා වැලි ගොඩ දැමීමට යොදාගත් බෝට්ටු හයක් සිය බාරයට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි. 22 December 2024
ඩිජිටල් හැඳුණුම්පත කඩිනම් කරයි මෙරට ජනතාවට වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සැපයීම සඳහා ගන්නා උත්සාහයට සහාය වීම සඳහා ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යපෘතිය කඩිනම් කිරීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්ව සහයෝගයෙන් කටයුතු කරනු ඇති බවත් ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමට ලබන මසදී අත්සන් තබනු ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පසුගියදා ප්‍රකාශ කළේය. 22 December 2024
ඇමෙරිකාවට ඩ්‍රෝන යානා බියක් ඇමෙරිකාවේ තැනින් තැන මතුවන අභිරහස් ඩ්‍රෝන යානා හේතුවෙන් නිව් ජර්සි ප්‍රාන්තයේ නගර 23 ක සහ නිව් යෝර්ක් නගරයේ ප්‍රදේශ 30 ක අනවසර ඩ්‍රෝන ගුවන්ගත කිරීම තහනම් කරමින් එරට ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය නියෝගයක් නිකුත් කර ඇත. 22 December 2024
නිධන් සෙව් කොස්තාපල් ඇතුළු පහක් මාට්ටු එල්.ටි.ටි.ඊ සංවිධානයේ පැරණි බුද්ධි අංශ කඳවුරක්ව පැවති කිලිනොච්චිය, කනගපුරම් හි ඉඩමක නිධන් වස්තු සහ එම සංවිධානය විසින් සඟවා අැතැයි කියන රත්තරන් සොයා කැණීම් කළ පොලිස් කොස්තාපල්වරයකු අැතුළු සැකකරුවන් පස්දෙනකු ඊයේ(21) අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 22 December 2024
බිලිදියක පාලම යට දමා ගිය සිද්ධියට අයෙක් සැකපිට රෙදි කැබැල්ලකින් ඔතා මාර්ගයේ දමාගොස් තිබූ දින 2ක් පමණ වන බිලිඳියක දෙමටගොඩ පොලිසිය විසින් සොයාගෙන බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියයාමේ සිද්ධියට සැකපිට පුද්ගලයකු අද (22) අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය පවසයි 22 December 2024
ඇලක බැස සිටි කාන්තාවක් කිඹුලකු ඩැහැගෙන ගිහින් වවුනියාව, පාවක්කුලම අැළක සිටි කිඹුලකු කාන්තාවක ඩැහැගෙන ගොස් අැතැයි උළුක්කුලම පොලිසිය කියයි. 22 December 2024
නෙළුම් කුළුණ විවෘතව තබන වේලාව දීර්ඝ කරයි නත්තල් සමය සහ නව වසර උදාව නිමිත්තෙන් කොළඹ නෙළුම් කුළුණ මහජනතාව සඳහා විවෘත කර තැබෙන වේලාව දීර්ඝ කර තිබේ. 22 December 2024
පැය 24 ට අනතුරුවලින් 13 ක් බිලි ගතවූ පැය 24 ට මාරක රිය අනතුරු 10 කින් පුද්ගලයන් 13 දෙනකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය. 22 December 2024
පිස්තොලයක්-ජීව උණ්ඩ අස්ථානගතවුණැයි සැරයන් අත්අඩංගුවට මාදම්පිටිය පොලිස් ස්ථානයේ උපසේවා බාරයේ තිබූ පිස්තෝල අවියක් සහ ජීව උණ්ඩ 15 ක් අඩංගු පතරොම් ගැබ අස්ථාන ගතවීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 22 December 2024
වෛද්‍යවරුන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 63 කළ ගැසට්ටුව එයි සියලු වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් විය යුතු බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 22 December 2024
මත්ද්‍රව්‍ය සමඟ අයෙක් දැලේ වැල්ලම්පිටිය කුඩා බුත්ගමුව ප්‍රදේශයේදී රුපියල් කෝටියකට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ඊයෙ( 21) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 22 December 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026