
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගිය වසරේදී වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ නොමැති වැඩසටහන් දෙකක් කිසිදු සැලසුමකින් තොරව ක්‍රියාත්මක කිරීමෙන් රුපියල් කෝටි සීයකට වැඩි මුදලක් නාස්තිවී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය.
මේ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශය Glocal Fair වැඩසටහන් සඳහා කැබිනට් අනුමැතිය ලැබීමට පෙර ආරම්භ කර ඇති බවත් කැබිනට් පත්‍රිකාව වැඩසටහන යන අතරතුර අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර ඇති බවත් කෝප් කමිටුව පවසයි.
එම වැඩසටහන සඳහා රුපියල් කෝටි 126කට ආසන්න මුදලක් වැය වී ඇතැයිද කෝප් කමිටුවේදී තොරතුරු අනාවරණයවිය
ඵලදායී වැඩසටහන්වලට යෙදවීමට තිබූ මුදලක් අරමුණකින් තොරව නිසි ලෙස සැලසුම් නොකළ වැඩසටහන් වලට යෙදවීමෙන් විශාල මුදල් ප්‍රමාණයක් නාස්ති වී ගොස් තිබූ බව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවසීය.
වැඩ සටහන් මාලාව ආරම්භක අවස්ථාවේදී වෙළද කුටියක් රුපියල් එක් ලක්ෂ හැත්තෑ දහසකට මිලදී ගත්තද පසුව ලක්ෂ පහක මුදලකට ලබා ගැනීම සම්බන්ධයෙන් ද කාරක සභාව මෙහිදී විමසා සිටියේය.
කාර්යාංශය 2013 වසරේදී සමෘද්ධි අධිකාරිය සමඟ අත්සන් කළ අවබෝධතා ගිවිසුම අනුව කටයුතු නොකිරීම හේතුවෙන් රටවිරු නිවාස ණය වැඩසටහනෙන් රුපියල් කෝටි දහයකට වැඩි මුදලක් තවමත් ලැබී නැතැයි එම කාරක සභාවේදී හෙළි විය.
මෙම නිවාස ව්‍යාපෘතියෙන් කොපමණ පිරිසකට ප්‍රතිලාභ ලැබුණේ දැයි කමිටුව විමසා සිටි අතර ඒ පිළිබඳ දත්ත කිසිවක් නොමැති බව කාර්යාංශයේ නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.
මෙම වැඩසටහන පිළිබඳව කිසිදු පසු විපරමක් සිදුවී නොමැති බව පැවසූ කාරක සභා සභාපතිවරයා රට පුරා නිවාස ණය වැඩසටහන පිළිබඳව ආරම්භයේ සිට වර්තමානය දක්වා තොරතුරු ඇතුළත් සම්පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස එහි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ශ්‍රී ලංකාවේ දේශ සේවා නියුක්ති කාර්යාංශය නියාමන කාර්යයෙන් බැහැර වී ඇතැයි කෝප් කමිටුව පවසයි
මේ තොරතුරු අනාවරණය වූයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 2022 2023 මූල්‍ය වර්ෂ වල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 23 වැනිදා රැස්වූ අවස්ථාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හැම රාජ්‍ය නිලධාරියෙක්ම රාජකාරිය පැහැර හැරලා... දැන්වත් රාජ්‍ය සේවය නිසි ප්‍රමිතියකින් පවත්වාගෙන යන්න... වගබලා ගන්න. රජයේ සේවකයින්ට වෘත්තීමය සහ සදාචාරාත්මක වගකීමකින් බැහැර විය නොහැකියි.
බයි දේශපාලනඥයොයි, නිලධාරියි කරලා තියෙන නාස්තිය එකතුකළොත් ට්‍රිලියන ගාණක් විතර ඇති. ජාති ආගම් ආලේ වඩන අය කියනවා ලංකාව විනාශ කරලා තියෙන්නේ අනෙක් ජාතීන්ලු, විදේශ බලවේගයලු. කොහොමද අත්දැකීම් සහිත අය දීලා තියෙන ගේම...! නිලධාරීන් තාම එහෙම්මයි. බයියෝනම් අඩුයි. ජීවිත කාල තුනක් විතර යයි රට හරි මාර්ගෙකට ගන්න...
Co-op කමිටුවත් ජනතා විමුක්ති පෙරමුණත් එක සමානයි , වොෂින් මැෂිම පමණි. සොදනවා නැවත කිලුටු වෙනවා නැවත සෝදනවා .NATO ආයතනයක්
අහිංසක මිනිසුන් මැදපෙරදිග , කොරියාව වගේ රටවල දුක් විඳවිඳ ගෙවන සල්ලි
රට රැකියාවලට යන මිනිස්සුන්ගෙන් air port එකේ දී කොල්ල කන සල්ලි වලට මුන්ට කිසි වටිනාකමක් නැහැ. උන්ට ඕන ආතල් ටික ගන්නවා. මම දැන් අවුරුදු 15ක් විදේශ සේවයේ. අඩුම ගානේ ඉන්නවා ද මලාද කියලවත් හොයන්නේ නැහැ .මුදල් ගන්නවා විතරයි.
ඒ උනාට COVID නිසා මිය ගිය විදේශ රැකියා නියුක්තිකයන්ට වන්දි ගෙව්වෙ රුපියල් 40,000ක් පමණි
රුපියල් කෝටි 100 කියන්නේ සුළුපටු මුදලක්ද ? යුරෝපේ මෙවැනි විනාශයක් කල නම් මෙලහකට මේවා අනුමත කරපු නිලධාරීන්ට අමතිලට විරුධව පරීක්ෂණ කරලා නඩුත් අහල ඔවුන් හිරෙත් යවල , සවුදි අරාබියේ නම් හිස ගසා දමලා , චිනේ නම් වෙඩි තබා මරල , ලංකාවේ චුදිතයෝ තවම නිදහසේ ජිවත් වෙනවා , කොමිසම කියව කියව ඉන්නවා , තව මාස 2-3 කින් හැමෝටම මේක අමතක වෙනවා , ඔය තිබෙන ශාක්ෂි හොඳටම ප්‍රමාණවත් කියව කියව ඉන්නේ නැතුව අධාල පුද්ගලයෝ අත්අඩංගුවට අරන් චෝදනා ගොනු කරන්න , ආණ්ඩුවේ බලධාරියෝ හිතන් ඉන්නේ ඒගොල්ල තවම ඉන්නේ විපක්ෂේ කියල , ඔයගොල්ලට විධායක බලතල තිබෙන ජනපති කෙනෙක් සහ පාර්ලිමේන්තුවේ 2/3 වැඩි බලයක් තිබෙනවා ,මිනිස්සු චන්දෙ දුන්නේ ඔය වැනි දුෂණ වංචා වලට විරුධව ක්‍රියාත්මක වෙන්න ,
කොරෝනා අවස්ථාවේ මම සවුදියේ අතරමන් වෙලා සිටිය ලෝකයේ සියලුම රටවල් විශේෂ ගුවන් යන යවමින් තම පුරවැසියෝ සියරට ගේන්න කටයුතු කළ, නිසි ක්‍රමවේදය නම් කොරෝනා අවස්ථාවේ මම සෞදියේ අතරමන් වෙලා සිටිය ලෝකයේ සියලුම රටවල් විශේෂ ගුවන්යානා යවමින් තම පුරවැසියෝ සියරට ගේන්න කටයුතු කළ, නිසි ක්‍රමවේදය නම් විදේශ සේවා කාර්යංශයට මුදල් ගෙවා එහි ලියාපදිංචි වෙලා රට යන පුද්ගලයින්ට විශේෂ ආපදා රක්ෂණයක් එමගින් ලැබෙනවා. නමුත් විදේශ සේවා එක..., අපගේ එම අයිතිවාසිකම තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැහැ.. සවුදියේ අපි පාරට වැටුණු සමහරු මරුණා, සමහර කාන්තාවන්ට ජීවත් වීම සඳහා බලහත්කාරයෙන් ගණිකා සේවයේ යෙදෙන්න සිදුවුණා, අරමුදලේ මුදල් තිබිලත් අපිව බේරා ගන්න කිසිම පිළිසරණක් ලැබුනේ නැහැ.. සල්ලි තිබෙන මිනිස්සු පමණක් නිරෝධනය කරලා රට තුළට ගත්තා. එම කාලයේ රන්ජන් රාමනායක, හර්ෂ ද සිල්වා, අනුර කුමාර දිසානායක, වැනි දේශපාලකයින් විපක්ෂයේ ඉඳන් අපි ගැන කතා කරා, දැන් අනුර සහෝදරයා ජනාධිපති, රන්ජන් හැරෙන්න අනෙක් පුද්ගලයෝත් පාර්ලිමේන්තුවේ ඉන්නවා.., අඩුපාඩුවට ඇන්ටිජන් ජාවාරම් කරුත් පාර්ලිමේන්තු ඇවිත්, අපිව හැමෝටම අමතක වෙලා...
ඕක මොකක්ද අප්‍රේල් මාසේ කෝටි 400ක් පිනට දුන්නේ, දවස් 4කට පස්සේ තමයි මැතිවරණ කොමිසම මැදිහත් වෙලා එක නැවැත්තුවේ...
විදේශ ශ්‍රමික අපිව පසුගිය හැම රජයකින්ම ඇන්දුවා මේ ගොල්ල කරන්නෙත් ඒක , ඩොලර් 5ක් එනම් රුපියල් 1500 ක මුද්‍රණ වියදමක් දරන පාස්පෝර්ට් එක අපිට දෙන්නේ 20000 කට. සාමාන්‍ය ක්‍රමයට ඉල්ලුම්කලොත් පාස්පෝර්ට් එක ලැබෙන්නේ මස 4 පමණ , හිත මතම පරක්කු කරනවා අපෙන් ගසකන්න , විදේශ සේවා එකටත් 17500 ගෙවන්න ඕනේ , ආණ්ඩුව කියනවා රට ගිහින් අවම 8% බැංකු ණයක් දෙනවා කියල , හරිනම් අපිට ඔය කියන සහන පොලි නය දෙන්න ඕනේ රට යන්න කලින් , සමහරු රට යන්න සල්ලි සොයාගන්නේ කනකර , ගෙවල් උකස් කරලා , මම නම් අත්‍යවශ්‍ය ප්‍රමාණයක් හැර අනෙක් මුදල් ලංකාවට යවන එක නතර කලා , මෙහෙ බැංකුවක මුදල් දමාගෙන ඉන්නවා , හදිසියක් වුනොත් අතේ මුදල් තිබෙනවා , විදේශ සේවා එක ආපදාවකදී උදවු නොකරන බව කොරෝන කාලේදී දැක්ක , මුදල් වියදම් කරලා රුමේනියාව වගේ රටකට යන්න මගේ අදහස , දුබෛ ඉන්න බොහෝ දෙනෙක් ඉස්සර වගේ ලංකාවට මුදල් අරින්නේ නැහැ , මුදල් තිබෙනවා නම් මෙහෙ සැපවත් ජිවිතයක් ගතකරන්න පුළුවන් , ලොකු බලාපොරොත්තු නැහැ , විදේශ සේවා එක හැමදාම අපිව සුරකනවා ,
visit විසා වලින් රට ආපු ගෑනු තානාපති කාර්යාලය ඉස්සරහට පටු පාරවල් වල බිම නිදි රස්සවක් නැති නිසා , ඒ මින්ස්සු ගෙන්වන්න ලනක්වට -ඔමාන්
ඔය කියන විදිහට පිනට දෙන්න රුපියල් කෝටි සිය ගණනක් තිබෙනවා නම්, අර පිටරට අසරණ වෙලා ඉන්න මිනිස්සු ටික ගෙන්වා ගන්න පුළුවන්, දායක මුදල 30% ප්‍රතිශතයකින් අඩු කරන්න පුළුවන් තව කොපමණ දේවල් තිබෙනවාද කරන්න... සුරක්ෂා නිවාසවල සියගණනක් ඉන්න ලංකාවට එන්න ටිකට් ගන්න සල්ලි නැතිව, මට පෙනෙන විදිහට විදේශ සේවා එක සාමාජිකයන්ගේ සුඛ විහරණය ගැන පමණි... බලන්නේ නැත්තේ අනෙක් සෑම දෙයක්ම කරනවා. හොඳට හොයලා බලන්න පිනට දුන්නේ කාටද කොහේටද කියලා... සමහරවිට මේ නිලධාරියෝම සාක්කුවේ දමගන්නවා ද දන්නේ නැහැ. අසරණ ගැහැණු ලිංගික වහල්කමට දෙන මාෆියාවක් ක්‍රියාත්මක කළා... කලකට පෙර කුෂාන් කියලා නිලධාරියෙක් දැන් ඔහුව ලංකාවට එව්වා... ඔහු අවට පස්සේ අලුත් කුෂාන්ලා කිහිප දෙනක් මැද පෙරදිග බිහිවෙලා කියලා ආරංචි, සොයා බලන්න..
ඉදිරියට රට දුවන්න වෙන්නේ සංචාරක ව්‍යාපාරයෙන් සහ විදේශ ශ්‍රමිකයින් එවන ඩොලර් වලින්, ට්‍රම්ප්ගේ නීති නිසා ඇඟලුම් කර්මාන්තයටත් කණකොකා අඬනවා. විදේශ ශ්‍රමිකයාට පාස්පෝර්ට් අලුත් කරන කොට යම් ප්‍රමුඛත්වයක් දීලා, සාමාජික ගාස්තුව අඩු කරලා, රට යන්න කලින් ඒජන්සි ගාස්තු එහෙම ගෙවන්න අඩු පොලියට නයක් වැනි දෙයක් දීලා දෙන්න සපෝර්ට් එකක්, ආණ්ඩුව නිකන් උඩබලාගෙන ඉන්න එපා....
ටයි කෝට් දාගෙන ආපු නම්බුකාර හොරු ටික මුලින් මුලින් වංගු ගගහා ගිහින් බේරෙන්න හැදුවා. අහන ප්‍රශ්නෙට උත්තර නොදී වෙන වෙන විකාර කියලා වටේ යවන්න හැදුවා. අන්තිමට කොටුකරලා මේවට අත්සන් කලේ ඇයි ඇහුවම තමයි කිව්වේ ඇමැති කිව්ව නිසා කළා කිව්වා. ඇමතිගේ ඉඳන් මේ ටයි කෝට් හොරුයි ඔක්කොම වැලිකඩ තමයි.