ලයිට් බිල වැඩි කරන්න අයිඑම්එෆ් කියයි මෙරට විදුලිය ගාස්තුව සංශෝධනය කිරීමට පසුගිය ජනවාරි මාසයේදී විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබෙන බවත් එම සංශෝධනයත් සමග විදුලිය නිෂ්පාදනය කිරීමේ පිරිවැය, නව ගාස්තුවෙන් ආවරණය නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කර ඇතැයි එම අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා අද (04) පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. 05 March 2025
ඉෂාරා සොයා දෙන්නෙකුට ලක්ෂ 12ක් සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරත්න නොහොත් ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටියදී සැඟව සිටින ඉෂාරා සෙව්වන්දී නමැති සැකකාරිය සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් දෙන අයකුට රුපියල් ලක්ෂ 12ක මුදල් ත්‍යාගයක් දෙන බව පොලිස් මූලස්ථානය පවසයි. 04 March 2025
ඉන්ධන බෙදුම්කරුවෝ පැය හයක ප්‍රකාශයකින් පසු පිටව යති ඉන්ධන ඇනවුම් අත්හිටුවීමට ගත් තීරණයක් සම්බන්ධයෙන් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති සුකුම් සන්දනායක සහ කමිටු සාමාජික ශාන්ත සිල්වා යන මහත්වරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය පහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගත්තේය. 04 March 2025
අසාධාරණ වැඩ වර්ජන එපා දැඩි ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ලොකු වැටුප් වැඩිවීමක් කර තිබියදී ජනතාව පීඩාවට පත් කරන අසාධාරණ වැඩ වර්ජනවලට නොයන්නැයි සියලුම වෛද්‍යවරුන්ගේ ඉල්ලීමක් කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය. 04 March 2025
ගාල්තැන්නෙන් තවත් සැක රියක් සොයාගනී ගාල්තැන්න ප්‍රදේශයේ සුප්‍රසිද්ධ දේවාලයක කපුවකු සන්තකයේ තිබූ සැකකටයුතු සුඛෝපභෝගී ජීප් රථයක් අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි. 04 March 2025
හෝටල හිමියෙක්ට පහරදුන්නැයි අයි පී ගේ වැඩ තහනම් වැල්ලවාය ප්‍රදේශයේ හෝටල් හිමියකුට බෝතලයකින් පහරදී තුවාල කළ බව කියන බුත්තල පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කළ බව මොණරාගල පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 04 March 2025
මන්ත්‍රි සුජිවගේ පෙත්සමේ තීන්දුව 11 වැනි දා නීතිවිරෝධී ලෙස වාහනයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණයට කැඳවමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති සිතාසිය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ගොනුකර ඇති පෙත්සම සම්බන්ධ නියෝගය ලබන 11 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද දැනුම් දුන්නේය. 04 March 2025
වරායෙන් භාණ්ඩ පන්නන අලුත්ම ක්‍රමය මෙන්න ආනයනකරුවන් වරායෙන් නිදහස් කරනොගන්නා භාණ්ඩවලට ඉහළ තක්සේරු වටිනාමක් නියමකර ටෙන්ඩර් හෝ වෙන්දේසිය හරහා විකිණීම වළක්වා එම භාණ්ඩ විනාශ කිරීමට රැගෙන යන්නේ යැයි පෙන්වා වෙළෙඳපොළට නිකුත් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව වරාය සහ රේගු භාණ්ඩ ලංසුකරුවෝ පවසති. 04 March 2025
මුහුදේ පාවී ආ වස්තුවක් තරුණයකු රෝහලට යවයි කාත්තාන්කුඩි ආරයම්පති තිරුනිට්රුකේනි ප්‍රදේශයේ වෙරළ තීරයේ පාවෙමින් තිබූ හඳුනා නොගත් උපකරණයක් දැක එහි වූ නූලක් අදිද්දී පුපුරා යාමෙන් එක් තරුණයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 04 March 2025
පොලිස්පති හොයන්න බුද්ධි අංශ යොදවයි අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය බුද්ධි අංශ යොදවා ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය. 04 March 2025
පොලිස් කොමිසමෙන් වැඩබලන පොලිස්පතිට පිළිතුරු පොලිස් නිලධාරීන් පත්කිරීම්, උසස් කිරීම්, ස්ථාන මාරු කිරීම් සහ සේවයෙන් පහ කිරීම් පිළිබද බලය ජාතික පොලිස් කොමිෂන් සභාවට පවතින බව ජාතික පොලිස් කොමිෂන් සභාව පවසයි. 04 March 2025
’’ඛනිජ තෙල් සංස්ථාවේ සූත්‍රය පිළිගත්තේ නෑ’’ ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ සියයට 3 ක වට්ටම් මුදල සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාව හදුන්වාදුන් නව සූත්‍රය පිළිනොගත් බවත් ඒ සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ඡා කිරීමට මේ මස 18 වැනිදා තවත් සාකච්ඡාවක් යොදාගත් බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උසස් නිලධාරියෙක් අද (4) පස්වරුවේ පැවසීය. 04 March 2025
ගුවන් හමුදා නව මාණ්ඩලික ප්‍රධානීවරයෙක් ගුවන් හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කරනු ලැබ සිටී. 04 March 2025
ඛනිජ බෙදුම්කරුවන් දෙදෙනෙක් සී.අයි.ඩි.යට කැඳවයි ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ මට්ටම් මුදල සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුකාරී තත්වය හේතුවෙන් ඉන්ධන ඇනවුම් අත්හිටුවීමට ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති සුකුම් සන්දනායක සහ එහි විධායක කමිටු සාමාජික ශාන්ත සිල්වා යන මහත්වරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. 04 March 2025
ඔන්ලයින් පනත සංශෝධනයට මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත කඩිනමින් සංශෝධනය කිරීමට බලාපොරොත්තු වෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය 04 March 2025
ඡන්දෙට සල්ලි හරි පළාත් පාලන ඡන්දයට සල්ලි තිබෙන බවත් සල්ලි ඉල්ලා අධිකරණ ගාණේ යන්නේ නැතුව නිදහසේ වැඩ කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට දැන් හැකියාව ඇති බවත් රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය 04 March 2025
රැකියා විරහිත උපාධිධාරීහූ පොල්දූව හන්දියේ විරෝධයේ ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය ‘වාහා රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින්’ බත්තරමුල්ල පොල්දූව හන්දියේ මේ වන විට විරෝධතාවක නිතරව සිටියි. 04 March 2025
නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන් එකඟ වෙයි ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉදිරිපත් කර ඇති නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන් එකඟතාව පළ කර ඇති බැවින් රට තුළ ඉන්ධන බෙදා හැරීමේ කිසිදු ගැටලුවක් පැන නොනගිනු ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය. 04 March 2025
යුනෙස්කෝ සම්මුතියකට ලංකාවේ අනුමැතිය සංස්කෘතික ප්‍රකාශනයන්හි විවිධත්වය ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම පිළිබඳ යුනෙස්කෝ (2005) සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 March 2025
පිළිකා ලේඛනගත කරන්න යයි තෝරා ගත් දිස්ත්‍රික්ක වල ජනගහන පාදක පිළිකා ලේඛනගත කිරීමේ වැඩසටහන හරහා පිළිකා පිළිබඳ ආවේක්ෂණය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 March 2025
රජයේ ජාතික ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව අවශයෙන් පිළිගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 March 2025
නාගරික සංවර්ධන ඉදිකිරීම් අමාත්‍යාංශයෙන් නව නීති හතරක් රජයේ නීති සම්පාදන වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 March 2025
ආපදා කළමනාකරණ අධ්යක්ෂ පත් කරයි ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 March 2025
හිරුගෙන් විදුලිය ගන්න සියඹලාණ්ඩුවෙන් ඉඩමක් සියඹලාණ්ඩුව මෙගාවොට් 100 සූර්ය බල ශක්ති ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉඩම් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත ප්‍රදානයක් වශයෙන් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 March 2025
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 24ක් සංවර්ධනයට ත්‍රිකුණාමලය ඉහළ ටැංකි අංගනයේ ටැංකි විසි හතරක් සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 March 2025
කෝටි 125 ක සිගරැට් විනාශ කරයි නීති විරෝධීව රටට ගෙන ඒමට උත්සාහ කිරීමේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගෙන රාජසන්තක කළ රුපියල් බිලියන කෝටි 125 කට අදින අධික වටිනාකමින් යුත් සිගරැට් ලක්ෂ 87 කට අධික ප්‍රමාණයක් කොළඹ පහළොව පිහිටි ලංකා දුම්කොල සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී අද පෙරවරුවේ විනාශ කළේය. 04 March 2025
ප්‍රසන්න ෆොන්සේකා හඬ නිහඩ වෙයි ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 04 March 2025
කලුතර පාසලක දරුවන්ට දුන් උදේ ආහාර වෙිලේ පණුවන් ඉදලා කලුතර නගර මධ්‍යයේ පිහිටී පාසලක දරුවන්ට උදේ ආහාරය සදහා ලබාදුන් බත් පාර්සලයේ මාළු වල පනුවන් සිටී බවට ලද තොරතුරකට අනුව කලුතර සෞඛ්‍ය අංශ පරීක්ෂණ ආරම්භ කර තිබේ. 04 March 2025
ලක්ෂ 30ක දුම්වැටි සමඟ දෙන්නෙක් ගුවන්තොටේදී අල්ලයි රුපියල් ලක්ෂ තිහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතීවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනකු අද (04 )දින අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ 04 March 2025
යුක්රේනයට හමුදා ආධාර දීම නවත්වනවා - ට්‍රම්ප් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟ ඇයිහොඳයිකම් පළුදු වීමත් සමඟ, රුසියන් හමුදා සමඟ සටන් වැදීමට යුක්රේනයට ලබා දෙන සියලුම හමුදා ආධාර නැවැත්වීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළේය. 04 March 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026