IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


නව විදුලිබල පනත මණ්ඩලය විකිණීමේ ටෙන්ඩරයක්

(යොහාන් භාසුර)

වර්තමාන ආණ්ඩුව සම්මත කිරීමට සූදානම් වන විදුලි පනත පනතක් ලෙස නම් කළ නොහැකි අතර එය සම්පූර්ණයෙන්ම විදුලිබල මණ්ඩලය විකිණීමට සකස් කළ ටෙන්ඩරයක් බව ඒකාබද්ධ ජාතික නිදහස් විදුලි සේවක සංගමයේ කැඳවුම්කරු මාද්දුගොඩ ගමගේ මහතා අද (13) පැවසීය.  

ඒකාබද්ධ ජාතික නිදහස් විදුලි සේවක සංගමය විදුලි පනතට විරෝධය දක්වමින් කොළඹදී අද (13) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී මාද්දුගොඩ ගමගේ මහතා එසේ පැවසීය.  

විදුලි පනතේ පළමු පිටුවේ 1969 අංක 17 දරණ විදුලි පනත සහ 2009 අංක 20 දරණ විදුලි පනත පරිචින්න කිරීම ලෙස සහ දෙවැනි පිටුවේ කොටස් වෙළෙඳපොල ලැයිස්ගත කිරීම සහ රාජ්‍ය පුද්ගලික හවුල් ව්‍යාපාර පිළිවෙත් ලෙස සඳහන්ව ඇති බවත් පළමු පිටුවෙන්ම විදුලිබල මණ්ඩලය විකුණා අවසන් බවත් ඒ මහතා පැවසීය.

පනතේ සියලුම පිටුවල 2007 සමාගම් පනත තුළ සමාගම් නිර්මාණය, එම සමාගම්වල කොටස් බෙදෙන ආකාරය, එම සමාගම්වල පරදු දරන්නන් ලියාපදිංචි කරන්නේ කොහොමද, ප්‍රතිපත්ති හදන්නේ කොහොමද ලෙස පවතින බව කී ගමගේ මහතා ආණ්ඩුව සමස්ත මහජනතාව සහ සමස්ත විදුලි සේවයන් රැවැට්ටු බව ද සඳහන් කළේය.

රංජන් ජයලාල් එදා මෙම විදුලි පනත ගිනි තබා පාර්ලිමේන්තු බලය ගෙන අවසානයේ කඩුවෙල නගරාධිපති බවට පත්වූ බවත් බලයක් නොමැතිව දියාරු වූ ආණ්ඩුවක් ගෙන ආ පනතක් වර්තමාන ආණ්ඩුව එහෙම්පිටින්ම කර තියාගෙන යන බව කී ගමගේ මහතා අනුර කුමාර ජනාධිපතිවරයා පවා විදුලිබල මණ්ඩලය කොටස්වලට කැඩීමට හේතුව නොදන්නා බව ද සඳහන් කළේය.  

විදේශ රටවලින් විදුලිය ආනයනය කිරීමක් පිළිබඳව එම පනතේ ඇතුළත්ව තිබුණ ද රටට එවැනි අවහ්‍යතාවක් නොමැති බවත් රට තුළ ඕනෑ තරම් විදුලිය ඇති බවත් ඔහු කීය.

2024 අංක 36 දරණ විදුලිබල පනත ගිනි තබා පනත අවසන් කරනවා යැයි පවසා වර්තමාන ජනාධිපතිවරයා සහ මන්ත්‍රීවරු විදුලිබල මණ්ඩලයේ සේවකයන් 22,000 ක ඡන්ද සියයට 98 ක් පමණ ලබාගෙන බලය ගත් බවත් එම පනත ගිනි තියෙනවා යැයි පවසා පාර්ලිමේන්තුවට ගිය මෙම පිරිස අගේට එය සම්මත කරන බවත් ගමගේ මහතා පැවසීය.

විදුලිබල මණ්ඩල පෞද්ගලීකරණය කිරීමේ අවශ්‍යතාවක් නොමැති අතර ප්‍රතිව්‍යුහගතකරණය කර කළමණාකාරිත්වය වෙනස් කර සේවකයන්ට සහ පාරිභෝගිකයන්ට ලාභ ලබන ආයතනයක් බවට පත්කළ හැකි බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්යාල සේවා සමිති සංගමයේ සභාපති රසික විජේසිංහ මහතා ද මෙම මාධ්‍යහමුවට සහභාගි විය. 



අදහස් (5)

නව විදුලිබල පනත මණ්ඩලය විකිණීමේ ටෙන්ඩරයක්

සචින්ත Wednesday, 13 August 2025 10:59 PM

දැන් කුමක් කරන්නද මාදුගොඩ පනත සම්මත වෙලා කී දවසක් ගියාද උඹලා රැවටුණා රංජන් ජයලාල් රනිල්ට කරන්න ඉඩනොදුන් පනත උන්ගේ ආණ්ඩුවක් තුළ සම්මත කලා රනිල් ගෙනාව එකේ තිබ්බ සිමාවන් අනුරගේ එකේ නැහැ මණ්ඩලය කයියකට කැඩිලා නවතිවිද කියලාද මාදුගොඩ හිතන්නේ

:       0       3

පන්සිළු Thursday, 14 August 2025 09:35 AM

ඔය හොර ගුහාව පෞද්ගලිකරණය කරන්න ඕන. හැබැයි දේශීය ව්‍යාපාරකයින්ට. එහෙම නැතිව ඕක ගොඩදාන්න බෑ. මේ ආණ්ඩුව නෙවෙයි ඔය වැඩේ පටන් ගත්තෙ පහුගිය ආණ්ඩුවලින්

:       0       4

ජිල්බු Thursday, 14 August 2025 09:39 AM

දියුණුවට බාධක වන සියලු දේ දෙවි බලයෙන් බංගවේවා!

:       0       4

Rata Perata Thursday, 14 August 2025 11:32 AM

ඕකේ තියෙන මාෆියා වල හැටියට විකුනන එකම තමයි හොඳ.

:       1       3

de silva Thursday, 14 August 2025 11:45 AM

අපේ විදුලිබිල මේ විදිහට ඉහල ගොස් තිබෙන්නේ මණ්ඩලේ සේවකයන්ගේ සහ ඉංජිනේරුවන්ගේ දුෂණ සහ වංචා නිසා කරුණාකර ඔකේ කොටසක්වත් පුද්ගලික අංශයට දෙන්න ,

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 212 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2077 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site