
(අංජුල මහික වීරරත්න)
ඉදිරි අයවැය සැලසුම් කිරීමේදී පවත්නා තත්ත්වයෙන් රට ඉහළට ඔසවා තැබීම සඳහා වැදගත් වන අංශ වලට ප්‍රමුඛතාව ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
ජනාධිපතිවරයා මේ බව කීවේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අදාළ 2025 වසරේ අයවැය ප්‍රතිපාදන පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ අයවැය යෝජනා පිළිබඳ පූර්ව සාකච්ඡාවකදීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (13) මෙම සාකච්ඡාව පැවැත්විණි.
මෙහිදී ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළව වෙන් වෙන් වශයෙන්, මහාමාර්ග, අධිවේගී මාර්ග සහ ග්‍රාමීය මාර්ග ආදිය පිළිබඳ සාකච්ඡා වූ අතර, වරාය සහ එහි කටයුතු සඳහා අයවැය මඟින් වෙන් කර ඇති ප්‍රතිපාදන, එම ප්‍රතිපාදන භාවිත කර ඇති ආකාරය මෙන්ම අනාගත සැලසුම් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විමසුමට ලක් කළේය.
ග්‍රාමීය මාර්ග වල බස්රථ ධාවනය ලාභ නොලබන කටයුත්තක් වුවත්, එම බරපැන රජයෙන් දරමින් ජනතාවට උපරිම සේවයක් ලබා දීමට සැලසුම් සකස් කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ඒ අනුව, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා යන අංශ මෙරට ආර්ථිකයට දායක කර ගැනීම මූලික කර ගත් ව්‍යාපෘති කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට කීය.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපෝන්සු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර යන මහත්වරු සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට වසර 5,10 කාලයක් තිස්සේ කිසිම නඩත්තුවක් නැති පාරවල් ගම්වල තියෙනවා. සමහර පාරවල් වල පයින්වත් යන්න බැහැ. පළාත් පාලන මැතිවරණ ඉවරයි. පිහිටුවලාත් ඉවරයි. අඩු ගානේ එහෙම පාරවල් තියෙන ගානක්වත් නැති විදියට මන්ත්‍රීවරු ඉන්නේ. ඒවා ගැන ඇහුවාම තව ටික කාලයක් ඉන්න කියනවා. ජනතාවගේ බලාපොරොත්තු සුන්වෙලා.
සල්ලි බෙදිල්ල නෙවෙයි සල්ලි ඉපැයිල්ල කොහොමද? බහුතරයකට කණ පැලෙන්න බදු ගහලා තලලා දාලා සුළු පිරිසකට ලොකු හැන්දකින් බෙදුවාට වැඩක් නැහැ.
ජයනාත් මහත්මයගේ අදහස මමත් අනුමත කරනවා. නමුත් අපේ තියරි එක පොහොට්ටුවට වැඩිය වෙනස් , සල්ලි පාස්වෙලා තිබුනත් පාරවල් හැදීම වැනි වැඩ අපි කරන්නේ නැහැ , වැඩ කරන්නේ නැති වුනහම කොමිස් ගහන්න බැහැ , එහෙම වුනහම අපිට චෝදනා කරන්න බැහැ , ලෙඩා මලත් බඩ සුද්දය