
(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව රදවාගෙන ප්‍රතිකාර කිරීම සදහා රුපියල් ලක්ෂ 15 ක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් ලක්ෂ 3 ක මුදලක් ලබාගත් බව කියන අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ අල්ලස් හෝදූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (13) අත්අඩංගුවට ගනු ලැබීය.
ඉකුත් 2024 වර්ෂයේ බන්ධනාගාර ගත කර සිටි රැදවියකුගේ රෝගී තත්ත්වයක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු බන්ධනගාර රෝහලේ තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර කිරීම සදහා එම අල්ලස් මුදල ඉල්ලා ඇති බව එම කොමිෂන් සභාව පවසයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (13) පිටකෝට්ටේ පිහිටි වෛද්‍ය නයනජිත් හේමන්ත රණසිංහ මහතාගේ නිවසේදී අල්ලස් ලබාගැනීමේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අංගොඩ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ අල්ලස් දැලේ
බකල ජයා Wednesday, 13 August 2025 03:17 PM
අන්න නියමයි... නම සමග ප්‍රවෘත්තිය...
wedage Wednesday, 13 August 2025 03:22 PM
විකාර අනේ...
සජබංගWednesday, 13 August 2025 03:57 PM
ඔයාටද, දොස්තරටද?
wedage Wednesday, 13 August 2025 04:57 PM
පිස්සු අනේ... නේද මෙයා..?
විජිත යාපා Wednesday, 13 August 2025 06:36 PM
සමහරවිට ඔයා ලෙඩා තාත්තා වෙන්න ඇති. ඒ දරුවෝ අමාරුවෙන් හරි බලා ගත්තා නම් හරි යන්නත් ඉඩ තියෙනවා. පව්...!
Bunny Preena Thursday, 14 August 2025 09:04 AM
මේක දැන් පිලිලයක් වගෙයි. හරියට බෙල්ල කපන්න දන් ගෙඩියට ගෙනියන හොරාට දන් ගෙඩිය හොරකම් කරන්නත් සිත් පහළ උනා වගේ. අල්ලස් දෙන විට අල්ලන එකේ ඉවරයකුත් නෑ. ඇල්ලස් ගන්න එකාලාගේ අඩුවකුත් නෑ. සල්ලි වලට එච්චරටම කෑදර ද ?
Perakum LiyanagamaThursday, 14 August 2025 01:25 PM
Bunny Preena මෙතන ඔබ නොදකින පැත්තක් තියනව. අල්ලස් දෙනව ගන්නව අල්ලනව විතරයි දර්‍ඬුවම් දෙනව අහල තියනවද? රිංගල යන්න ඕන තරම් හිල් තියනව. ඒ මදිවට දඬුවම සොච්චමයි. ඉතිං මොකටද බය වෙන්නෙ. දැඩි දඬුවම් දීමට නීති සංශෝධනය කරන්න කිව්වට කවුරුත් ඒවට කැමති නෑ. හේතුව හිතාගන්න පුලුවන් නේ.