මූතූර් ද්විත්ව ඝාතනයක් මූතූර් තාහා නගර් නිවසක අද (14) අලුයම කාන්තාවන් දෙදෙනකු කපා කොටා මරා දමා දැරියකට තුවාල කර ඇතැයි මූතූර් පොලිසිය කියයි . 14 March 2025
තැනින් තැනට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව, සහ දකුණු පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 14 March 2025
ප්‍රසිද්ධ රැප් ගායකයෙක් ගිනි අවියක් සමඟ මාට්ටු ප්‍රසිද්ධ රැප් ගායකයකු වන බව කියන පුද්ගලයකු ගිනි අවියක් සමගින් මීගොඩ අරලිය උයන ප්‍රදේශයේ අද (14) දින අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. 14 March 2025
ඇල්ල - වැල්ලවාය පාර වැහේ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 20 කනුව ප්‍රදේශයේ දී අද (14) අලුයම නාය යාමක් හේතුවෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි . 14 March 2025
ඇමති බංගලා ඉල්ලා තානාපති කාර්යාලත් පෝලිමේ ශ්‍රී ලංකාවේ විදේශීය තානාපති කාර්යාල හතරක් ඔවුන්ගේ කාර්යාල පවත්වාගෙන යෑම සඳහා ඇමැති බංගලා දෙන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත. 14 March 2025
මැතිසබේ ’’ප්‍රොටොකෝල් කාර්යාලය’’ විගණකාධිපති යටතට පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්යාලයේ (Foreign Relationship and Protocol) දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදුවී ඇත්දැයි සෙවීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ නියෝගයෙන් විශේෂ විගණනයක් ආරම්භ කර ඇත. 14 March 2025
අක්මීමන වෙඩික්කරුවන්ගේ බවට සැක යතුරු පැදි දෙකක් හමුවේ බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහවත්ත ප්‍රදේශයේ සිතලදොල ආරාණ්‍ය සේනාසන පාරේ කටුපොල්වත්තක දමාගොස් තිබියදි හමුවි ඇතියි යක්කලමුල්ල පොලිසිය පවසයි. 13 March 2025
රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්? හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය. 13 March 2025
වැලිවේරියේ වෙඩි තැබීමක් වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි 13 March 2025
ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය මගින් පුළුල් විමර්ශනයක් ආරම්භ කොට තිබේ. 13 March 2025
නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කුමන්ත්‍රණය කළැයි කියන ප්‍රධාන සැකකාරිය වසර පහකට පසු අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 13 March 2025
වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරියකු විසින් අල්ලාගෙන පෙරේදා (12) අනුරාධපුර මූලස්ථාන පොලිසියට බාර දෙනු ලැබූහ. 13 March 2025
‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘ මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවගේ පැත්තේ සිට ගෙන තීන්දු තීරණ ගැනීමට පැකිළෙන්නේ නැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 13 March 2025
ගිං ගඟේ දෙදෙනෙක් සැඟ වෙති අක්මීමන ප්‍රදේශයේ සිට හිනිදුම ප්‍රදේශයේ නෑ ගෙදරක ගොස් ගිං ගඟේ දිය නෑමට ගිය දෙදෙනකු ගසාන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි. 13 March 2025
ඇමෙරිකන් ගිනි කන්දක් පුපුරන්න ඔන්න මෙන්න මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත. 13 March 2025
බදුල්ලේ තැන් දෙකකින් මළ සිරුරු දෙකක් හමුවේ බදුල්ල තල්දෙන බදුලු ඔයේ සහ මහියංගන මාර්ගයේ බෝක්කුවක් යට අභිරහස් ලෙස මියගොස් සිටි නාදුනන පුද්ගලයන් දෙදෙනකු ගේ මළසිරුරු දෙකක් අද (13) පස්වරුවේ සොයා ගත් බව බදුල්ල පොලිසිය පවසයි . 13 March 2025
ලක්ෂ්මන් විජේමාන්න සජබට එක් වෙයි එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජනබලවේගය හා එක්විය. 13 March 2025
අවධානය දිනූ මේස් කුට්ටම ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී, ඇමෙරිකන් උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ද ඊට සහභාගී වී සිටියේය. 13 March 2025
ජනපති-සරසවි ආචාර්ය සමිති සම්මේලනය හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (13) පැවත්විණි. 13 March 2025
බන්ධනාගාර හිටපු නිලධාරියකු වෙඩි තබා මරලා බන්ධනාගාර හිටපු අධිකාරිවරයකුට නාඳුනන තුවක්කුකරුවකු අද සවස එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි. 13 March 2025
පළමු කෘත්‍රිම හදවත් බද්දය සාර්ථකයි ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී. 13 March 2025
භික්ෂු විශ්වවිද්‍යාලයේ එක්කෝටි තිස් හත් ලක්ෂයක් පිනට දීලා අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ නිල නිවාසලාභීන්ගේ ජලය සහ විදුලි වියදමවූ රුපියල් එක්කෝටි තිස් හත් ලක්ෂයක් එම විශ්ව විද්‍යාල අරමුදලෙන් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 13 March 2025
ලෙසතෝ විදෙස් ඇමතිට තරහා ගිහිල්ලා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොංග්‍රසය (ඇමෙරිකන් පාර්ලිමේන්තුව) අමතද්දී, කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින් අප්‍රිකාවට අයත් ලෙසතෝ නමැති කුඩා රාජ්‍යයේ විදෙස් ඇමැතිවරයා, ජනාධිපති ට්‍රම්ප්ට සිය අප්‍රසාදය පළ කර ඇත. 13 March 2025
අලියාට කන්න දෙන්න ගිහින් රෝහලේ නවතී හැටන් කොටගල නගරයේ පිහිටි හින්දු කෝවිලක පැවති පෙරහරට රැගෙන ආ අලියකු කෑම දීමට ගිය තරුණයකුට අලියා පහර දීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. 13 March 2025
අපේක්ෂා රෝහලේ විකිරණ යන්ත්‍ර 5න් 3ක්ම කැඩිලා මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන යන්ත්‍ර 5න් 3ක්ම බිදවැටී ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. 13 March 2025
බිරිය සමඟ හාද වී සැමියා මැරූ අනියම් සැමියා පෝරකයට උදළු තලයෙන් පහරදී තම මිතුරාට මරා දැමී යැයි සිද්ධියක් සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටි විත්තිකරුවකු එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කළ පොළොන්නරුව පළාත් බද මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා විත්තිකරුට මරණ දඬුවම නියම කළේය. 13 March 2025
විද්‍යුත් විකාශන සමුළුවක් ලංකාවේ විද්‍යුත් විකාශකයින්ගේ සංගමය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය එක් ව විද්‍යුත් විකාශන සමුළුවක් (Broadcasting Symposium) ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම තීරණය විය. 13 March 2025
පළාත් කළමනාකරණ සේවා නිලධාරී පුරප්පාඩු 2850ක් පළාත් කළමනාකරණ සේවා නිලධාරී පුරප්පාඩු 2850 කට වැඩි ප්‍රමාණයක් පවතින බව රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සංගමය පවසයි. 13 March 2025
’’තුන් පරපුරක තුන් පොත් රෑණ’’ ගීත රචකයෙක්, මාධ්‍යවේදියෙක් හා කතුවරයෙක් වන සමන් අතාවුදහෙට්ටි ලියූ ’’සමන් කියයි 2’’ ඔහුගේ දියණිය වන තාරකා අතාවුදහෙට්ටි ලියූ ’’චොකොහොලික් හීන’’ සහ ඇයගේ පුත්‍රයා වන තරුසර පෙරේරා ලියූ ’’Black Dragon - කළු මකරා’’ යන කෘති ත්‍රිත්වය දොරට වැඩීමේ උත්සවයක් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්රවණාගාරයෙහි දී ඊයේ(12) පැවැත්විණි. 13 March 2025
සංවර්ධන අපේක්ෂා ජය ගන්න ජපන් සහය පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයාද ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකාවේ ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපයුමක් සහතික කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සහ ආයතන පද්ධතිය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සහාය ලබා දීමට ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායනයේ (JICA) සහ ජපාන සාධාරණ වෙළෙඳ කොමිසමේ (JFTC) සහාය පළ වී තිබේ. 13 March 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026