
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඇතුළු පක්ෂ නායකයෝ පිරිසක් මහනුවරදී තිබ්ටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහ නා හිමි සහ වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි මහ නාහිමි අද(26) බැහැ දුටුවේය.
මේ වන විට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් පැන නැගී තිබෙන තත්වය සහ රටේ පවතින දේශපාලන හා ආර්ථික තත්වය පිළිබඳව එජාප නියෝජිත පිරිස මහනාහිමිවරුන් දැනුවත් කළේය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව එහිදී මහ නා හිමිවරුන් විමසිලිමත් වී ඇති අතර වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ආශිර්වාද කළේය.
පක්ෂ මහා ලේකම් නීතිඥ තලතා අතොකෝරල මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවනේ මේ අයට හොඳට කියාදෙන්න අවුරුදු 74 ක් මුළු රටම හොරකාල මේ කම්බ හොරු සේරම එකතු වෙලා රට වළපල්ලට යවලා බංකොලොත් කරල ලෝකෙන්ම දුගී දුප්පත් බවට මුළු රටම පත්කරලා මේ සුන්දර රට විනාශම කරලා දැම්මා.දැන් මාලිමා රජය නීතිය අකුරටම ක්‍රියාත්මක කරමින් මේ හොරුන් සේරටම නඩු පවරමින් නියම දඬුවම් දෙනව.නිර්භීත CID නිලධාරීන්ටත් අපේ සුබ පැතුම්, අපේ හාමුදුරුවනේ පෙර කිසිදු රජයක් යටතේ කිසි විටෙකත් එය කළ නොහැකි වූයේ මේ හොරුන් එකම කණ්ඩායමක් නිසයි.
"අස්ගිරි පාර්ශවයේ මහානායක හිමිපාණන්ට පවා මහ බැංකුව කොල්ල කෑ බවත්, ජනතාවගේ මුදල් මෙතරම් භයානක ලෙස නාස්ති කළ බවත් පැවසීමට කොන්දක් තිබිය යුතුයි."
වැඩක් නැහැ නායක උන්නාන්සේලා දැන් දන්නව ඇත්ත.නායක උන්නාන්සේලා කියපුව පයිසෙකට ගණං ගත්ත කෙනෙක් ද රනිල්? එහෙම එකේ රෙදි ඇඳගෙනද ඔය යන්නෙ?
ජනතාවගේ රීර්‍ර් මාස හූරගෙන කාපු දූෂිත නායකයෙක් වෙනුවෙන් පෙනී ඉන්න, තවත් දූෂිත ,අමන දේසපාලුවෝ ලොවේ කිසිම රටක නැතුව ඇති.වැරදි කළොත් දණ්ඩුවම් විදින්ඩම වෙනවා? එක රටක එක නීතියක් මිස දූෂිත දේසපාලුවන්ට වෙනම නීතියක් නැතිබව නොදන්න උන්..ලැජ්ජයි
මහා නාහිමියනි මොවුන්ට කියලා දෙන්න පහුගිය කාලේ අපේ රට බංකොලොත් කරේ ඔය සනුහරේම බව.