IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


එජාපය මල්වතු -අස්ගිරි මහ නාහිමිවරුන් හමුවෙයි

 

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඇතුළු පක්ෂ  නායකයෝ පිරිසක් මහනුවරදී තිබ්ටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහ නා හිමි සහ වරකාගොඩ ශ්‍රී ඤාණරතන  අස්ගිරි මහ නාහිමි අද(26) බැහැ දුටුවේය.

මේ වන විට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් පැන නැගී තිබෙන  තත්වය සහ රටේ පවතින දේශපාලන හා ආර්ථික තත්වය පිළිබඳව එජාප නියෝජිත පිරිස  මහනාහිමිවරුන් දැනුවත් කළේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව එහිදී මහ නා හිමිවරුන් විමසිලිමත් වී ඇති අතර වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ආශිර්වාද කළේය.

පක්ෂ මහා ලේකම් නීතිඥ තලතා අතොකෝරල මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූවාය.

 



අදහස් (6)

එජාපය මල්වතු -අස්ගිරි මහ නාහිමිවරුන් හමුවෙයි

සංඛා Tuesday, 26 August 2025 11:19 AM

හාමුදුරුවනේ මේ අයට හොඳට කියාදෙන්න අවුරුදු 74 ක් මුළු රටම හොරකාල මේ කම්බ හොරු සේරම එකතු වෙලා රට වළපල්ලට යවලා බංකොලොත් කරල ලෝකෙන්ම දුගී දුප්පත් බවට මුළු රටම පත්කරලා මේ සුන්දර රට විනාශම කරලා දැම්මා.දැන් මාලිමා රජය නීතිය අකුරටම ක්‍රියාත්මක කරමින් මේ හොරුන් සේරටම නඩු පවරමින් නියම දඬුවම් දෙනව.නිර්භීත CID නිලධාරීන්ටත් අපේ සුබ පැතුම්, අපේ හාමුදුරුවනේ පෙර කිසිදු රජයක් යටතේ කිසි විටෙකත් එය කළ නොහැකි වූයේ මේ හොරුන් එකම කණ්ඩායමක් නිසයි.

:       8       22

මලිත්Tuesday, 26 August 2025 12:35 PM

පව් ඔයාලගෙ ජේවිපී එක ඩොලර් බිලියන 56 ක් 1971 87 88 89 වර්ශවල විනාශ කරා මතක නැද්ද ! බංකුවක් අරන් ඇවිල්ලා වාඩිවෙන්න තව ටිකක් මතක් කරලා දෙන්න

:       0       0

Achi Tuesday, 26 August 2025 11:55 AM

"අස්ගිරි පාර්ශවයේ මහානායක හිමිපාණන්ට පවා මහ බැංකුව කොල්ල කෑ බවත්, ජනතාවගේ මුදල් මෙතරම් භයානක ලෙස නාස්ති කළ බවත් පැවසීමට කොන්දක් තිබිය යුතුයි."

:       0       0

සෙනෙවිරත්න Tuesday, 26 August 2025 12:38 PM

වැඩක් නැහැ නායක උන්නාන්සේලා දැන් දන්නව ඇත්ත.නායක උන්නාන්සේලා කියපුව පයිසෙකට ගණං ගත්ත කෙනෙක් ද රනිල්? එහෙම එකේ රෙදි ඇඳගෙනද ඔය යන්නෙ?

:       0       0

ගමේ එකාලා Tuesday, 26 August 2025 01:50 PM

ජනතාවගේ රීර්‍ර් මාස හූරගෙන කාපු දූෂිත නායකයෙක් වෙනුවෙන් පෙනී ඉන්න, තවත් දූෂිත ,අමන දේසපාලුවෝ ලොවේ කිසිම රටක නැතුව ඇති.වැරදි කළොත් දණ්ඩුවම් විදින්ඩම වෙනවා? එක රටක එක නීතියක් මිස දූෂිත දේසපාලුවන්ට වෙනම නීතියක් නැතිබව නොදන්න උන්..ලැජ්ජයි

:       2       7

Jayasekara Tuesday, 26 August 2025 02:39 PM

මහා නාහිමියනි මොවුන්ට කියලා දෙන්න පහුගිය කාලේ අපේ රට බංකොලොත් කරේ ඔය සනුහරේම බව.

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 653 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 538 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 444 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site