IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


නඩුව අවසන් වනතුරු ශෂින්ද්‍ර රිමාන්ඩ් කරන්නැයි අල්ලස් කොමිසම ඉල්ලයි

(රෝෂන් තුෂාර)

කිරිඉබ්බන්වැව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දේශපාලන කාර්යාලය අරගල කරුවන් විසින්  2022 දී ගිනිබත්  කිරීමෙන් සිදුවූ හානියට රුපියල් 8850000.00ක වන්දි මුදලක් රජයේ නිලධාරීන්ට බලපෑම් කර ලබා ගනිමින් රාජ්‍ය දේපළ  සාපරාදී සාවද්‍ය පරිහරණය කරන ලදැයි රක්ෂිත බන්ධනාගාර ගත  හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා නඩුව විභාග කර අවසාන වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම  මහතා ඉදිරියේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම අද ඉල්ලා සිටියේය.

සැකකරුට එරෙහිව සිදු කරන විමර්ශන පොදු දේපළ පනතේ වගන්ති වලට ගැනෙන වැරදි බැවින් හා දූෂණ විරෝධී පනතේ 139 වගන්තයට අයත්වන බැවින් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරන ලෙසත් නඩු විභාගය අවසාන වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසම වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

සෙවනගල, කිරිඉබ්බන් වැව,සමගි පුර පිහිටි  මහවැලි අධිකාරියට අයත් ඉඩමක අනවරසරයෙන් ඉදිකර ඇති දේශපාලන කාර්යාලය ඇතුළු දේපොළ කිහිපයක් 2022.05.09 වන දින පැවති ජනතා අරගලයේ දී හානියට පත් කිරීමෙන් අනතුරුව එම දේපළ රජයේ බව දැන දැනම වෙනත් පුද්ගලයෙකු යොදවා  වන්දි මුදල් ලබා ගැනීම සිදුකර ඇති බවට පවසමින් අල්ලස් කොමිසම ගොනු කළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම ඉල්ලීම සිදු කළේය.

අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් සැකකාර පාර්ශ්වයේ කරුණු සලකා බැලිය යුතු හෙයින්  පැමිණිල්ල පසුව කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඒ අනුව දෙපර්ශවයේ කරුණු සලකා බැලීම සඳහා පැමිණිල්ල යළි කැඳවීමට නියමිතය.

 



අදහස් (1)

නඩුව අවසන් වනතුරු ශෂින්ද්‍ර රිමාන්ඩ් කරන්නැයි අල්ලස් කොමිසම ඉල්ලයි

Perera Wednesday, 27 August 2025 01:21 AM

කොහොමහරි විජලනය හදාගන්න බලන්න. එක්කෙනුට ඒක හරිගියා ගෙදර යන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site