IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


මැතිවරණ අභියෝගයට අපි ලෑස්තියි

පළාත් පාලන මැතිවරණයට දේශපාලන පක්ෂ ලහි ලහියේ සූදානම් වෙමින් තිබේ. පොහොට්ටුවේ මැතිවරණ සූදානම පිළිබඳව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න සමඟ ‘රජවීදිය’ සිදුකළ සංවාදයකි.

ප්‍රශ්නය:- පුංචි ඡන්දයට පොහොට්ටුව ඇප මුදල් තැන්පත් කළත් ඡන්දය කල් දැමීමට කුමක් හෝ ප්ලෑනක් ගහන බවට විපක්ෂය චෝදනා කරනවා නේද?

පිළිතුර:- ඒ චෝදනාව ඒ අයගේ මැතිවරණ ව්‍යාපාරයේ කොටසක් විදියටයි මම දකින්නේ. මැතිවරණය පැවැත්වීම පිළිබඳ නිල බලය තිබෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවට. දේශපාලන පක්ෂවලට තිබෙන්නේ මැතිවරණ පිළිබඳ ආරංචිය අපම ඊට සූදානම් වීම. පොදුජන පෙරමුණ විදියට අපි කරමින් සිටින්නේ. එ්ක මැතිවරණයක් කල් දැමීමක් පිළිබඳ කිසිදු කතාබහක් අපේ පැත්තෙන් නැහැ. 

ප්‍රශ්නය:- අරගලයේ ප්‍රතිඵලයක් විදියට ඔබ පක්ෂයේ ජනපති අගමැතිට ධුරයෙන් ඉවත් වීමට සිදුවුණා. මෙවැනි පසුබිමක ආණ්ඩුවට බයක් නැද්ද? මැතිවරණයකට ඉදිරිපත්වීමට ?

පිළිතුර:- නිසි කාලයේදී මැතිවරණයක් පැමිණියාම. ඊට ඉදිරිපත්වීම ඕනෑම දේශපාලන පක්ෂයක අපේක්ෂාව. දේශපාලන පක්ෂයක් තියෙන්නෙම මැතිවරණයකට ඉදිරිපත්වීම. එහිදී සමහර අවස්ථා තිබෙනවා දේශපාලනිකව වාසි වගේම අවාසි අවස්ථා, අපි මේ මොහොතේ මැතිවරණයට ඉදිරිපත් වෙලා මැතිවරණයට බය නැති බව ඔප්පු  කරමින් සිටිනවා. කවුරු හරි මැතිවරණයට බය නම් ඒ අය දේශපාලන පක්ෂයක් ද කියන එක ඒ අයගෙන් අහන්න වෙනවා.

ප්‍රශ්නය:- පොහොට්ටුවට වැඩිම අභියෝගය තිබෙන්නේ සජබෙන් ද? ජාතික ජන බලවේගයෙන් ද?

පිළිතුර:- පසුගිය පළාත් පාලන ඡන්දය ඔබට මතක නම් අපි කෙතරම් අභියෝග මැද්දෙ ද ඊට ඉදිරිපත් වුණේ. ඒ වෙන විට පොහොට්ටු පක්ෂය අපි හරිහැටි හදලා තිබුණෙත් නැහැ. අලුත්ම දේශපාලන පක්ෂයක් විදියට අපි ඡන්දයට ඉදිරිපත් වෙලා කොට්ඨාස 4917න් සියයට 70කට වඩා විශිෂ්ට ප්‍රතිඵලයක් ගත්තා. එදා වගේම අදත් අභියෝග  කියන දේට අපි කැමැතියි. ඒ අභියෝග එක්ක ඉස්සරහට යන්න කැමැති.

ප්‍රශ්නය:- ඔබලා තවමත් විශ්වාස කරන්නේ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට තිබෙන්නේ සියයට 3ක් පමණක් බවද?

පිළිතුර:-ජාතික ජන බලවේගයේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය සියයට 3 නෙවෙයි. හැබැයි ඒක සියයට 75ක් නෙවෙයි. පොදුජන පෙරමුණේ  දේශපාලන න්‍යාය පත්‍රය හදන්නේම ප්‍රතිවාදියා දෙස විද්‍යාත්මක ඇසකින් බලමින්. කිසිවකු සම්බන්ධ අවතක්සේරුවක් නැහැ  වගේම අපි ගැන අධිතක්සේරුවකුත් නැහැ. එහෙත් යම් යම් දේශපාලන රැලිවලට බය වෙන්නවත් මැතිවරණවලට බය වෙන්නවත් අපි කිසිවිටෙක සුදානම් නැහැ. ජාතික ජන බලවේගයට ප්‍රේක්ෂකාගාරයක් තිබුණත් ඒ අය ඡන්ද දායකයන් පිරිසක් බවට පරිවර්තනය කර ගැනීම එතරම් ලේසි නැහැ. මැතිවරණ ප්‍රතිඵලයේ ප්‍රතිශතය අපි ඡන්දයෙන් පස්සේ බලමු.

ප්‍රශ්නය:- පොහොට්ටුවේ කණ්ඩායම් කීපයක් මේ වනවිට ඔබලාගෙන් වෙන්වලා වෙනම තරඟ කරන බව කියනවා. එය ඔබලාගේ ප්‍රතිඵලයට බලපෑමක් වෙන එකක් නැති ද?

පිළිතුර:- අපි ළඟ ඉන්න අය ළඟ තියා ගන්නවා වගේම අපි ළඟ නැති අය අපි ළඟට අරගෙන මැතිවරණයට ඉදිරිපත්  වෙන්න පුළුවන් නම් අපි කැමැතියි.

අපේ කඳවුර තවත් ශක්තිමත් කර ගනිමින් පළල් දේශපාලන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. කවුරුත් එපා කියන තැනක අපි නැහැ. සන්ධානගත දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාව අපි දකිනවා. අපිත් එක්ක හිටපු කණ්ඩායම්වලින් ඒ අයගේ ප්‍රබලතාව මනින්න වෙන්නේ කොළඹ ප්‍රවෘත්ති සාකච්ඡා තියන පිරිසෙන් නෙවෙයි. අපි බලන්න ඕනි ඒ අයගේ ගමේ සාමාජිකයා ඉන්නේ කාත් එක්කද කියලා. ඒක මම මැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳ සොයා බැලීමට යෝජනා කරන දර්ශකයක්. අපේ සහෝදර පක්ෂවල ගමේ සාමාජිකයා අද ඡන්දය ඉල්ලන්න තෝරගෙන තිබෙන්නෙත් පොහෝට්ටුව. අපෙන් වෙන් වුණා කියන කණ්ඩායම්වල බිම් මට්ටම  ඒ අයගේ මතය එක්ක නැති බව එයින් හෙළි වෙනවා.

ප්‍රශ්නය:- එජාපය සහ පොහොට්ටුව කියන්නේ එකිනෙකට වෙනස් ප්‍රතිපත්තී තිබෙන පක්ෂ දෙකක්. එහෙම කණ්ඩායම් දෙකකට ඉදිරි මැතිවරණයක දී එකතු වෙලා ඡන්දය ඉල්ලන්න පුළුවන් ද? 

පිළිතුර:- ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව ටික දුරක් යන විට එක්තරා කණ්ඩායමක විරෝධය මත ආණ්ඩුවේ ප්‍රධාන තනතුරු කීපයක් අපි අත හරිනවා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වෙන්නේ. එතැන් සිට මේ දක්වා එජාපය සහ අපි අතර රාජ්‍ය පරිපාලනමය එකඟතා කීපයක් තිබෙනවා. මේ රටේ පවතින අර්බුදකාරී මොහොත සමනය කර ගැනීම වෙනුවෙන් ඇති වී තිබෙන සංහිඳියාවට බාධාවක් නොවන ආකාරයෙන් මැතිවරණයට යන්නේ කොහොමද කියන එකයි අපි බලන්න ඕන.

ගමේ ආණ්ඩුව පිළිබඳ මැතිවරණයේදී රටේ ආණ්ඩුවටත් ගැටලුවක් ඇති නොවන ආකාරයට තමයි අපි වැඩ කළ යුත්තේ. මේක එජාපය පොහොට්ටුවට යාමක් හෝ පොහොට්ටුව එජාපයට යාමක් හෝ නොවේ. ජනතාවගේ ආර්ථික අර්බුදයට උත්තර සෙවීම තමයි අපේ ප්‍රමුඛතාව විය යුත්තේ. ඒකට උත්තර හොයන්න නම් පොහොට්ටුවේ ශක්තිය පවතින රජයට ලැබිය යුතුයි. එජාප-පොහොට්ටු සංහිඳියාව නොබිදෙන ලෙස පුංචි ඡන්දයට යෑමට අපි  බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය:- පසුගිය දවසේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශයක් කළහැම රාජපක්ෂවරයම වැඩ කාරයා නෙවෙයි මහින්ද රාජපක්ෂ තමයි වැඩ කාරයා කියලා.

පිළිතුර:- ඒක නාමල් හෝ පොහොට්ටුවේ මතය පමණක් නොවෙයි. මේ රටේ සියලු ජනතාවගේ මතය, අපි සාපේක්ෂව මේ මට්ටමේ හරි ජීවිතයක් ගත කරන්නේ මහින්ද රාජපක්ෂ මේ රට බේරා ගත් නිසා. රටේ සංවර්ධන ප්‍රශ්න ගණනාවකටත් එතුමා උත්තර සැපයුවා. ඒක  අඛණ්ඩව  පවත්වාගෙන යාමට බලපෑ හේතු ගණනාවක් තියෙනවා. ඒක රටේ ජනතාව දන්නවා. එතුමාට ඡන්දය නොදිපු අයත් ඔහු වැඩ කාරයෙක් කියන එක කියනවා.

ප්‍රශ්නය:- මීට මාස ගණනාවකට පෙර ගෑස් විදුලිය තෙල් නැති රටක් බවට ලංකාව පත්වෙලා තිබුණේ. මේ ප්‍රශ්න දැන්  සම්පූර්ණයෙන් විසඳලා ද නැතිනම් ප්‍රශ්න යට ගහලද තියෙන්නේ.

පිළිතුර:- අපි දුක් විඳින ප්‍රශ්නයට හේතු දෙකක් තියෙනවා. එකක් රාජ්‍ය ආදායම හා වියදම අතර පරතරය පිළිබඳ තිබෙන ප්‍රශ්නය. අනික සංචිත පිළිබඳ ප්‍රශ්නය. මේ දෙක  අතර තිබෙන පරතරය පිළිබඳ තිබෙන ප්‍රශ්න දෙකට උත්තර හොයමින් යෑම තුළ තමයි සමාජ ආර්ථික වශයෙන් උත්තර සෙවීමට සිදුවන්නේ. හදිසි නොවන වියදම් කළමනාකරණය කර ගනිමින් රට ඉදිරියට ගෙන යා යුතුයි. 

මේ කෙටි කාලය තුළ ආදායම් වැඩි කර ගැනීම වෙනුවෙන් වැඩ පිළිවෙළක් සැකසිය යුතුයි. රාජ්‍ය ආදායම වැඩි කරනවා කියන්නෙම ජනතාවට ආර්ථික වශයෙන් පීඩාවක්, විදේශ සංචිත වැඩි කර ගැනීම කියන කාරණාවේ දී ණය සහ ආධාර කියන කොටස් ගත්තත් අපි ඒවා කළමනාකරණය කර ගැනීමට තමයි උත්සාහ කරන්නේ. ඩොලර් එන මාර්ග අතරින් ප්‍රධාන වශයෙන් දෙකක් අපි දැනට දියුණු කරගෙන යනවා.  එකක් සංචාරක කර්මාන්තය. අනික විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල්. මේවා පසුගිය කාලේ ඉතාම නරක තැනකට පත් වී තිබුණා. අපනයන කේෂ්ත්‍රයේ වගේම ආයෝජන කේෂ්ත්‍රයේත් ඉහළම දියුණුවක් 2023 වර්ෂයේ අපි අත්පත් කර ගත යුතුයි. සමහරු ජාතික සම්පත් විකුණනවා. කියලා කෑ ගහනවා. එහෙත් ඊට කලින් ජාතික සම්පත් කියන්නේ මොකක්ද කියලා අඳුරගෙන සිටිය යුතුයි.  

ප්‍රශ්නය:- ආණ්ඩුවට එරෙහිව මත ප්‍රකාශ කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් හිරේ දානවා කියලත් චෝදනාවක් එල්ල වෙනවා.

පිළිතුර:- දළදා හාමුදුරුවෝ ආණ්ඩුවේ නෙවෙයි. සම්බුද්ධ ශාසනය අයිති ආණ්ඩුවට නෙවෙයි. දළදා හාමුදුරුවන්ටත් නිදහසේ වැඩ සිටීමට බැරි සමාජයක මේ ගැන කතා කරලා තේරුමක් නැහැ. මේ පුද්ගලයා කාගේද මොන පක්ෂයේද කියලා හොයලා තේරුමක් නැහැ. රටේ  ජනතාවට මට කරන යෝජනාව තමයි දේශපාලන අරමුණු වෙනුවෙන් සංස්කෘතික වටිනාකම් තිබෙන ස්ථාන යොදා ගන්න එපා කියලයි. අලුත් පරම්පරාවේ දේශපාලනය කරන කෙනෙක් විදියට මඩ දේශපාලනය මම කිසිසේත් අනුමත කරන්නේ නැහැ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න

සාකච්ඡා කළේ  අමිල චින්තක ගමගේ



අදහස් (5)

මැතිවරණ අභියෝගයට අපි ලෑස්තියි

lalindra Thursday, 12 January 2023 07:31 PM

ලෑස්ති නොවී බැරිනිසා... නිකන් පොර වෙන්න කියන්න එපා. එහෙම පොරවල් වගේ ලෑස්ති නම් අර බන්දුලට, ප්‍රසන්නට නාඩා ඉන්න කියපල්ලා...

:       0       3

sampath Thursday, 12 January 2023 08:23 PM

මේවා වචන හරඹ සහ සංදර්ශන විතරයි... මේක ගොඩදාන්න කාටවත් බැහැ. රට ගොඩදාන්න නම් ජනතාව දේශපාලකයින් පැත්තකට කර තැබිය යුතුයි. ඔවුන්ගේ සීමාව තුළ හොට දාලා දන්න දේටත්, නොදන්න දේටත් මැදිහත් වෙලා තමයි මේ විනාශය කළේ.. අතිබහුතරයක් දෙනා වැඩබැරි බොරුකාරයින් බවනම් මොනවට පැහැදිලි වී ඇත.

:       0       5

ranjith Saturday, 14 January 2023 04:56 PM

රට බංකොළොත් කරලා තවත් මොනවනම් කරන්නද? දැන් ලෑස්තිවෙයල්ලා ගෙවල් වලට ආපහු යන්න.

:       0       5

osharaWednesday, 18 January 2023 04:21 PM

ගෙවල්වලට??, වැලිකඩ වැලිකඩ මහ ගෙදර

:       0       1

banda Tuesday, 17 January 2023 01:00 PM

රෙදි ඇඳගෙනද ගමට එන්නේ.?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site