දිට්වා සුළි කුණාටුවෙන් පසුව ඉන්දියාව, චීනය පාකිස්ථානය වැනි රටවල් ලංකාවට උදව් කිරීම සඳහා ඉදිරිපත් උනා. එහිදී යම් තරගකාරී ස්වභාවයක් දක්නට ලැබුනා. මෙම රටවල් මෙරටට උදව් කිරීමට හේතු ,ඒ හරහා ඔවුන් බලාපොරොත්තු වන දේ පිළිබදව අප යම් අවබෝධයකින් සිටිය යුතුයී . 2025 වසරේ නොවැම්බර් 27 ,28 යන දිනයන් වලදී මුලින්ම මෙරටට සුළි කුණාටු තත්ත්වය බරපතළ ආකාරයෙන් බලපා තිබෙන මොහොතේ ශ්‍රී ලංකාවට සහන සැපයීම සඳහා ඉන්දියාවෙන් මූලිකත්වය ගෙන කටයුතු කලා. එහිදී ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා වූ මෝදි සඳහන් කරනු ලැබුවා ඔවුන් මෙම සුළි කුනාටු තත්ත්වයේදී ලංකාවට සහන සැපයීම සඳහා මැදිහත් වන බවට. ඔහු පවසා සිටින්නේ ලංකාවට සහන ලබාදීම සඳහා මැදිහත් වෙන්නේ "Neighbourhood First Policy" (අසල්වැසියාට ප්‍රමුඛත්වය දීමේ ප්‍රතිපත්තිය") විදේශ ප්‍රතිපත්තිය මත බවයි. මෙය ප්‍රධාන වශයෙන් ඉන්දියාව විසින් අනුගමනය කරනු ලබන විදේශ ප්‍රතිපත්තියක්. මෙහි අරමුණ වන්නේ තම අසල්වැසි රටවල් (ශ්‍රී ලංකාව, මාලදිවයින, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, නේපාලය සහ පකිස්ථානය වැනි රටවල්) සමඟ සබඳතා ශක්තිමත් කර ගැනීම සහ එම රටවල අවශ්‍යතා වලට ප්‍රමුඛතාවය ලබා දීමයි. ප්‍රායෝගිකව කලාපීය සාමය, ආර්ථික සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ගැටලු වලදී තම අසල්වැසි මිතුරන්ට මුලින්ම උදවු කිරීම මෙයින් අදහස් වේ. මෙම ප්‍රතිපත්තිය යටතේ ලංකාවට කරදරයක් වී තිබෙන අවස්ථාවේ ඔවුන් මැදිහත් වී " Operation SAGAR Bandu" ලෙස නමකින් මෙරටට සහන සැපයීම ආරම්භ කලා. මෙය ජාත්‍යන්තර සම්බන්ධතා අතර මෘදු බලය භාවිතා කරන එක් අවස්ථාවකි. එහිදී ලංකාවට ඉන්දියාවේ නාවික හමුදාව, ගුවන් හමුදාව පැමිණ ආහාර ,ඖෂධ, උපකරණ ,ගලවා ගැනීමේ ආපදා, මේ රටට පැමිණ ගංවතුරෙන් බේරීම සඳහා පිහිට වෙන්නට කටයුතු කරනු ලැබුවා. සුළි කුනාටුව ඇති වූ පළවෙනි දවසේම ඉන්දියාව විශාල ආහාර තොගයක් ලංකාවට එවීමට කටයුතු කරනු ලැබුවා. ඒ වගේම ඉන්දියාවේ වෛද්‍ය කණ්ඩායමක්ද ලංකාවට එවීමට කටයුතු කෙරුවා. මීට කලින්ද මේ රටට බලපා තිබූ ආර්ථික අර්බුදය හමුවේ ද ඉන්දියාව "අසල්වැසියාට ප්‍රමුඛත්වය දීමේ ප්‍රතිපත්තිය" යටතේ සහනාධාර පැකේජ් එකක් හඳුන්වා දී තෙල්, ඛනිජතෙල්, ආහාර සඳහා ණය ආධාර ලබා දුන්නා. එහිදී ඉන්දියාව බලාපොරොත්තු වුණා ඉන්දියන් සාගරයේ වටිනාම කලාපයක් ලෙස ඉන්දියාව සමග ලංකාව එකට සිටිය යුතු බව. මෙම උදව් උපකාර ලබාදීම තුළින් ඔවුන් විශ්වාස කරනවා ඉන්දියාවට එරෙහිව ලංකාව විසින් ඉන්දියාවේ ආර්ථිකයට, ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට, භෞමික අඛණ්ඩතාවයට එරෙහිව ලංකාව කිසිම තීරණයක් නොගන්නා බව. ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා වන ආචාර්ය එස්. ජයශංකර් මහතා පසුගියදා මෙරටට පැමිණියා. ඔහු පැමිණ අගමැතිවරිය, ජනාධිපතිවරිය විදේශ කටයුතු ඇමතිවරයා, විපක්ෂ නායකවරයා,දෙමළ මන්ත්‍රීවරුන් මුණගැහුනා. මෙරට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ සියලු දෙනාද මුණගැසීමට කටයුතු කලා. එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි විසින් විශේෂ ලියමනක් එවා තිබී එය ඔහු විසින් මෙරටට භාර දුන්නා. එම ලියුමේ නරේන්ද්‍ර මෝදි විසින් සඳහන් කර තිබෙන්නේ "අසල්වැසියාට ප්‍රමුඛත්වය ලබා දී පළමුව ප්‍රතිචාර දැක්වීම සඳහා කැපවන බවයි" ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා වන ආචාර්ය එස්. ජයශංකර් මහතා පසුගියදා මෙරටට පැමිණෙනවාත් සමගම චීනයේ චීන කමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ඉහළම කමිටු ලේකම්වරයකු වන වැන්ග් ජුංස්ජෙක් මහතා ද මෙරටට පැමිණුනා. ඔහු පැමිණ චීනය ලබාදුන් සහනාධාරා පිළිබඳව සහ ලංකාව සමග නිතරම රැඳී සිටින බවට සඳහන් කලා. ඉන්දියාවත්, චීනයත් මේ දිට්වා සුළි කුණාටුවත් සමග ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්ති ලංකාවේ උපාය මාර්ගිකව භාවිතා කලා. ඒ වගේම පකිස්ථානයත් මේ අවස්ථාවේ ලංකාවට ලොකු සහයෝගයක් ලබා දුන්නා. මේ අවස්ථාවේ පාකිස්ථානය විසින් ලබා දෙන සහනාධාර ගුවනින් ගෙන ඒමට සිදුවූයේ ඉන්දියාව හරහායි. මෙතෙක් කාලයකට පාකිස්ථානයේ ගුවන් හමුදාවට ඉන්දීය ගුවන් සේවය හරහා ගුවනින් යෑමට අවශ්‍ය පහසුකම් විවෘත කර නැහැ. නමුත් මේ වෙලාවේදී ඉන්දියාව විසින් පාකිස්ථානයේ ගුවන් හමුදාවට ඉන්දීය ගුවන් සේවය හරහා ගුවනින් ශ්‍රී ලංකාවට පැමිණීමට අවසරය ලබා දුන්නා. මේ ක්‍රියාවලිය ඔස්සේ කලාපීය බලවතා වන ඉන්දීය අගමැතිවරයා පෙන්වා දෙනවා ලංකාව වෙනුවෙන් (තමන්ගේ අසල්වාසී රට වෙනුවෙන්) ඕනෑම දෙයකට සිටින බව. ඉන්දියාව, පකිස්ථානය, චීනය සහ ඇමරිකාව මේ සුළි කුනාටු අවස්ථාවේන් පසුව පශ්චාත් ආපදා තත්ත්වයන් තුළදී ලංකාවට ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්ති උපායශීලීව භාවිතා කිරීම දක්නට ලැබුණා. ලංකාව හැටියට අපි කළ යුත්තේ මේ රාජයන්වල ආධාර ලබාගෙන අපි නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් එක් රටකටවත් පක්ෂපාතී නොවී,අධික ගැතිභාවයක්ද ඇති නොකරගෙන මධ්‍යස්ථව විදේශ කටයුතු මෙහෙයවමින් කටයුතු කිරීමයි. මේ වන විට ලැබී තිබෙන විදේශ ආධාරය නිසි කළමනාකරණයකින් යුක්තව ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කරගැනීම සඳහා කටයුතු කිරීම වඩාත් යහපත්. ඒ වගේම මේ වන විට පීඩනයට පත් වී සිටින ජනතාවට දැනට ලැබී තිබෙන විදෙස් සාහණාධාර වලින් හොඳ වැඩ පිළිවෙලක් දියත් කර ඔවුන්ට ඉක්මනින් විසඳුම් ලබාදීමට කටයුතු කළ යුතුයි. මේ රටට පැමිණි මේ ව්‍යසන තත්ත්වය ආදර්ශයට ගනිමින් ඉදිරියේදී සිදුවිය හැකි ආපදා තත්ත්වයන් සහ රටට ඇතිවිය හැකි ව්‍යසනයන්ට මුහුණ දීමට සූදානම් වීමක් අප කළ යුතුයි. අදහස් දැක්වීම - අදහස් දැක්වීම - විවෘත විශ්ව විද්‍යාලයේ,සමාජ විද්‍යා අධ්‍යනාංශයේ,ජාත්‍යන්තර සම්බන්ධතා හා දේශපානය විද්‍යාව පිළිබදව, කථිකාචාර්ය කලණ ගයන්ත මහතා පියුමිකා වීරසූරිය
1
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.