IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පැයේ වැස්සෙන් කොළඹ ගංවතුර

දැඩි නියඟය හමාර කරමින් පසුගිය දින කිහිපය පුරා ඇදහැලුන මහ වැස්ස කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් පවා උද්ගත කළේය. විශේෂයෙන්ම රටේ වාණිජ අගනගරය වන කොළඹ ප්‍රදේශයට පසුගියදා ඇදහැලුන මහවැස්ස මිලිමීටර් 95ක් තරම් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

එහෙත් පැය කිහිපයක් පුරා ඇදහැලුන එම වැස්සෙන් කොළඹ නගරයේ මරදාන, තුම්මුල්ල, ආමර් වීදිය, කොටුව සහ අවට ප්‍රදේශය ඇතුළු මාර්ග රැසක් සුළු මොහොතකින් යට වී ගියේය. පැය දෙකක් තුළ මරදාන ප්‍රදේශයේ ඇතැම් වීදිවල අඩි දෙකකටත් වඩා වැඩි ගංවතුර මට්ටමක් වාර්තා විය.

මෙම ගංවතුර පැය කිහිපයකින් බැස ගියද රටේ අගනගරය මේ ආකාරයට සුළු වැස්සකටත් යටවී යාම බරපතළ පාරිසරික ප්‍රශ්නයක ප්‍රතිඵලයක් බව ප්‍රකාශ කළ හැකිය. කොළඹ 1 ප්‍රදේශයේ සිට කොළඹ 15 දක්වා නාගරික ප්‍රදේශ සියල්ල කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට අයත්ය. මෙම ප්‍රදේශයෙහි සමස්ත ජනගහනය ලක්ෂ 8ක් ඉක්මවා ඇති බව සැලකේ. පවුල් වශයෙන් ගත් කල එම සංඛ්‍යාවද ලක්ෂ ගණනකි. මෙවන් හදිසි ගංවතුර තත්ත්වයක් හට ගත් කල නගරාශ්‍රිතව වෙසෙන මුඩුක්කු හා පැල්පත්වාසීන් මෙන්ම වතුවල ජීවත්වන ජනතාවද පත්වන්නේ මහත් විපතකටය. වාර්තා වන ආකාරයට කොළඹ අවට වතු නිවාස 68,000ක් පමණ පවතී.

මෙම විපතින් ජනතාව ගලවා ගත හැක්කේ නාගරික පල්දෝරු ක්‍රමය විධිමත් ලෙස නඩත්තු කොට හදිසි වැස්සකදී වුවත් එකතුවන වැසිජලය බැසයාමට ක්‍රම සම්පාදනය තුළිනි. මෙයට වසර 8කට පමණ පෙර කොළඹ නගරයේ හදිසියේ හටගන්නා වැසි තත්ත්වයකින් එකතුවන ජලය විශාල පොම්පාගාර තුනක් මගින් වහා ඉවත් කළ හැකි වන ලෙස නව ගංවතුර පාලන සැලැස්මක් ක්‍රියාත්මක කරන්නට තීන්දු විය.ඒ සඳහා එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය මගින් අවශ්‍ය ප්‍රතිපාදනද සැලසිනි. එහෙත් ඒ කාලයේ සිදුවූ ආණ්ඩු මාරුවකින් පසු එම ගංවතුර පාලන සැලසුම මන්දගාමී වී පසුව අසම්පූර්ණ ව්‍යාපෘතියක් ලෙස අත්හිටුවා තිබිණි. ඒ ගැන ඉන්පසුව පත්වූ නගර සභා බලධරයන්වත් උනන්දු වූ බවක් නොපෙනුණි.

හැමෝම කලබල වී අගනුවර ගංවතුර බැස යාම ක්‍රමවත් කරන්නට කතා කරන්නේ හදිසියේ මහ වැසි වැස ගංවතුරින් නගරය යටවූ පසුවය. හදිසි ගංවතුරක් හෝ වෙනත් විපතක් සිදුවූ විට ආහාර පාර්සල් ටිකක් බෙදා දී ජනතාව පාසලකට ගාල්කොට ඔවුන්ට තමන්ගේ යුතුකම ඉටුකළා යැයි දේශපාලනඥයෝ උදම් අනති.

එහෙත් කිසිදු දේශපාලන භවතෙක් ගංවතුර ප්‍රශ්නය  විසඳීමට නාගරික පල්දෝරු ක්‍රම විධිමත් ලෙස සැලසුම් කර පවත්වාගෙන යාමට ක්‍රියා කරන්නේ නැත. කලකට පෙර කොළඹ බේරේ වැව හරහා ගංවතුර මහ මුහුදට පිට කිරීමට සැලසුමක් තිබූ බව එවක නාගරික සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. එහෙත් බේරේ වැවෙන් ගංවතුර පිට කිරීම තබා බේරේ වැව පිරිසුදු කර නඩත්තු කරන්නටවත් දැනට කිසිම පාර්ශ්වයකට මෙතෙක් හැකි වී නැත.

පොඩි වැස්සකටත් අගනුවර ගංවතුරෙන් යටවන්නේ නිකම්ම නොවේ. ජනතාවද ඊට සෑහෙන පමණ වගකිවයුතුය. ජනතාව අවිධිමත් ලෙස කැළිකසළ බැහැර කිරීම ජලය බැස යන භූගත කානු පද්ධතිය අවහිර වීමට බලපාන ප්‍රධානම සාධකයකි. පොලිතින් බෑග් වැනි දෑ හිතුමගේ පරිසරයට මුදාහැරීමෙන් කානු පද්ධතිය තුළ ඒවා සිරවී ජලය බැසයාම අවහිර වෙයි. මෙවර හටගත් ගංවතුරටද මෙම තත්ත්වය බලපාන ලද බව නගර සභා බලධරයන් ප්‍රකාශ කර තිබිණි.

කෙසේ හෝ පසුගිය දිනවල හටගත් මහ වැස්සෙන් වාණිජ අගනගරය පැය කිහිපයක් තුළ ජලයෙන් යටවී යාම රටේ ආර්ථිකයටද තදින්ම බලපාන ලද බව සිහිකටයුතුය. මේ දිනවල සංචාරක සමය සක්‍රිය වී ඇත. මෙරට පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරග නැරඹීමටද දහස් සංඛ්‍යාත විදේශික පිරිසක් කොළඹට හා තදාසන්න නගරවල හෝටල් වෙත පැමිණ සිටී. එසේ තිබියදී මෙබඳු බරපතළ පාරිසරික ප්‍රශ්න හටගැනීම රටේ ප්‍රතිපත්තියටද හොඳ නැත.

සමාජ මාධ්‍ය ඔස්සේ පැය කිහිපයක් තුළ කොළඹ ගංවතුර ලොකු ප්‍රවෘත්තියක් වූ ආකාරය මෙවර අපි දුටුවෙමු. එමනිසා මෙබඳු ස්වභාවික විපත් වැවෙන්නට ඉඩ නොදී විසඳා ගැනීම බලධරයන්ගේ වගකීම බව අවධාරණය කරමි.

(***)



අදහස් (3)

පැයේ වැස්සෙන් කොළඹ ගංවතුර

ජගත් ලියනගේ Friday, 08 September 2023 06:57 AM

ඉතාමත්ම හොඳ ලිපියකි. පල්දෝරු ක්‍රමය ලංකාවට ගෙනැල්ලා අවුරුදු 100කටත් වඩා වැඩි ඇති. ඒ කාලේ කොළඹ හිටිය ජනගහනයට වඩා කිහිප ගුණයකින් වැඩි වෙලාත් ඇති දැන්... බලධාරීන් කඹ ඇදඇද ඉන්නවා. ඡන්දෙ බලාගෙන වැඩ කරන්නේ..., මිනිස්සුන්ට කරදරයක් වුණාමත්...

:       0       2

සල්ලි Friday, 08 September 2023 07:25 AM

වොයිස්කට් වලට විතරනේ ලොක්කෝ එළියට බහින්නේ...

:       0       3

බද්රානි Friday, 08 September 2023 04:03 PM

මෙවන් වර්ෂාවකදී පොළව යටින් දිවෙන කානු පද්ධති වෙනුවට, පායන කාලෙට ලස්සනට පිපෙන මල් වැව්වාම, කුල්මත් වෙන ජාතියකට මෙවන් ඉරණමක් අත්වීමේ කිසිම අසාධාරණයක් නැහැ. අර උස කුලුනට නැග්ග නම් ගංවතුරෙන් බේරෙන්න පුළුවන්... ඒ වගේද කුළුනේ ලයිට් ගං වතුරට දිස් වෙද්දී, තියන අලංකාරය කොතරම් අපුරුද..? ජාතියේ ප්‍රෞඩත්වය පෙන්වන්න ඔයිට වඩා මොනවද ඕනා..?

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1979 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site