IMG-LOGO

2025 අගෝස්තු මස 26 වන අඟහරුවාදා


ඡන්දයට තියෙන උනන්දුව ආහාර ප්‍රශ්නයට දෙමු

දේශපාලන වේදිකාවල ප්‍රධාන මාතෘකාව මැතිවරණ වේ. සෑම දේශපාලන පක්ෂයක්ම තරගයට මෙන් මැතිවරණ ක්‍රියාකාරකම්හි නියැලෙනු දැකිය හැකිය. එහෙත් රටේ යථාර්ථය මැතිවරණ සිතියමට එපිටින් පිහිටියකි. ඒ බව පසක් කරන ප්‍රවෘත්තියක් අප ප්‍ුවත්පත ඉකුත් දා වාර්තා කළේය. එම ප්‍රවෘත්තියේ සිරස්තලය වූයේ ‘‘තණමල්විල කලාපයේ ප්‍රාථමික පාසල් 43න් 36ක දිවා ආහාර නවතී’’ යන්නය.

සිරස්තලය තුළම තණමල්විල ප්‍රාථමික පාසල්වල ඉගෙනුම ලබන දිළිඳු දුවා දරුවන්ගේ ඉරණම පැහැදිලිව සටහන් වී තිබේ. එම ප්‍රවෘත්තියට අනුව තණමල්විල අධ්‍යාපන කලාපයේ පිහිටි පාසල් 43න් 36ක දරු දැරියන්ට දිවා ආහාරය ලබාදීම ඉකුත් 3 වැනිදා සිට නතර කර තිබේ.

ඇතැම් විට දිවා ආහාරය ලබාදෙන නිසාම පාසල් යන දරුවෝ සිටිති. වේලෙන් වේලට අලුත්වන බඩගින්න නිවා දැමීමට තරම් සවිමත් ආර්ථියක් තම දෙමාපියන් සතුව නොමැති බව ඒ කුඩා දරුවෝ දනිති. රන් බඳුන්වල රජ බොජුන් වළදන උරුමය අහිමි ඒ දරුවන්ට පාසලෙන් ලබා දෙන දිවා භෝජනය රස මසවුලක් මෙන් දැනීම යථාර්ථය වේ. අලුත් අවුරුද්දේ අලුත් පංතිවලට පැමිණි දරුවන්ගේ ප්‍රාර්ථනය වන්නට ඇත්තේ ද ‘‘නොකඩවා තමන්ට දිවා ආහාරය ලැබේවා’’ යන්න විය හැකිය. අප ප්‍රවෘත්තියෙන් කියැවෙන්නේ දරුවන්ගේ එම සුබ සිහිනය ගලක හැපුණු වීදුරු පාත්තරයක් මෙන් සුනුවිසුණු වී ගොස් ඇති බවය.

අප ප්‍රවෘත්තියට අනුව දෙසැම්බර් නිවාඩුවෙන් පසු එළැඹුණු 2023 වසර සඳහා ගිවිසුම්ගත නොවීම හේතුවෙන් දිවා ආහාරය නවතා දමන ලෙස අධ්‍යාපන බලධාරීන් දන්වා ඇති බවය. එමෙන්ම පසුගිය වසරේ ඔක්තෝබර්, නොවැම්බර් හා දෙසැම්බර් මාසවල ලබාදුන් ආහාර වෙනුවෙන් ලැබිය යුතු මුදල් නොලැබීම නිසා ඉකුත් 3 වැනිදා සිට එය ලබා නොදීමට දිවා ආහාරය ලබාදුන් පුද්ගලයන් පියරව ගෙන ඇති බවය.

මේ මොහොතේ කාටත් ආර්ථික දුෂ්කරතා තිබේ. තරාතිරම් බේදයකින් තොරව සියල්ලන්ම එම සැහැසි ඉරණමට යටත්ය. දිවා ආහාරය සැපයූ පුද්ගලයන් එතැනදී කරන්නේ ව්‍යාපාරයකි. එහෙත් අප ප්‍රවෘත්තියේ සඳහන් වන්නේ ඉකුත් මාස තුනක කාලයක් සඳහා ඔවුන්ට හිමි විය යුතු මුදල ලබාදී නොමැති බවය. එවන් පරිසරයක් තුළ දිවා ආහාරය සැපයීම නතර කිරීම හැර වෙනත් විකල්පයක් එම පුද්ගලයන් සතුව නොමැත. මෙම පරිසරය තුළ ඊට වන්දි ගෙවන්නෝ අහිංසක දුවා දරුවෝය.

එක් සිසුවකුගේ දිවා ආහාරය වෙනුවෙන් වෙන්කර තිබෙන්නේ රුපියල් 60ක මුදලකි. එම මුදලින් සැපයිය හැකි ආහාර වේල කුමක්ද යන්න නගරයේ හෝටලයකින් ‘ප්ලේන්ටියක්’ බොන පුද්ගලයකුට පහසුවෙන් වටහාගත හැකිය. තණමල්විල අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික පාසල්වලට දිවා ආහාරය සපයන පුද්ගලයන් පවසන්නේ දැනට ලබාදෙන රුපියල් 60ක මුදලට සිසුවකුට දිවා ආහාරය සැපයිය නොහැකි බවය. ‘‘බිත්තරයක මිල රුපියල් 60ක් 70ක් වෙනවා’’ එම පුද්ගලයන් කියන බව අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

සිසුන්ට දිවා ආහාර වේල අහිමි වූ පාසල්වල ගුරුවරුන් අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ දෙමාපියන් ඉතා අසීරු ආර්ථිකයක සිටින බැවින් ඇතැම් ළමයින් පාසලෙන් ලබාදෙන ආහාර වේල බලාපොරොත්තුවෙන්ම පැමිණියත් එය නොලැබීමෙන් ඔවුන්ද අසහනකාරී තත්ත්වයක පසුවන බවයි. අප පුවත්පත ඉහළ අධ්‍යාපන බලධාරියකුගෙන් මේ සම්බන්ධයෙන් විමසූ විට පවසා ඇත්තේ ‘‘ගෙවීමට ප්‍රමාණවත් මුදල් නොමැතිකම හේතුවෙන් ගෙවීම් ප්‍රමාද වුවත් ප්‍රතිපාදන ලැබුණු විගස ගෙවීම් සිදුකරන’’ බවයි. එමෙන්ම ගිවිසුම්ගතවීමද ප්‍රමාද වූයේ මේ හේතුවෙන් බවත් ඇතැම් කරුණු හෙළිකිරීමටද නොහැකි බවත් ඔහු කියා තිබේ.

සැබැවින්ම රටේ මූලික ප්‍රශ්නය ජනතාවගේ බඩගින්නය. තණමල්විල අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික පාසල්වල දරුවන්ගේ ඉරණම රටේ පොදු දරුවන්ගේ ඉරණමේ සංකේතය වශයෙන් ගැනීම වරදක් නොවේ. සෑම දෙනාගෙම වගකීම වන්නේ මෙම ශාපලත් ඉරණම වෙනස් කිරීමට දායකවීමය. එසේ නොමැතිව ප්‍රධාන ප්‍රශ්න නොසලකා අප්‍රධාන ප්‍රශ්නවලට ගහමරා ගනිමින් කාලය ගෙවා දමන්නේ නම් රටේ ඉරණම වෙනස් නොවනු ඇත.

(***)



අදහස් (1)

ඡන්දයට තියෙන උනන්දුව ආහාර ප්‍රශ්නයට දෙමු

randil Monday, 09 January 2023 05:21 PM

කතුවරයා කතුවැකියෙන් දැක ඇත්තේ එක පැත්තක් පමණයි... ප්‍රජාතන්ත්‍රවාදයට ඡන්දයක් අවශ්‍යමයි. නැතිනම් මේ හොරු තවත් රජකරයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 12966 4
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 322 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 220 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site