ශ්‍රී ලංකාව ලාංකීය රජවරුන් යටතේ පාලනය වීම අවසන් කරමින් ඉංග්‍රීසින් 1815 මාර්තු මස දෙවැනිදා සිය බලය මුළු රට පුරා තහවුරු කර ගත්තද ඉංග්‍රීසින් මෙරට සිදු කළේද රජෙකු හෝ රැජිකක මූලික කර ගත් පාලනයකි. 1931ශ්‍රී ලාංකික ජනතාවට( නොව ජනතාවගෙන් කොටසකට) සර්ව ජන ජන්ද බලය හිමි වුවද 1972 ජනරජ ව්‍යාවස්ථාව සම්මත කරන තුරුම මෙරට පැවතියේ බ්‍රතාන්‍ය රැජිනට යටත් වූ රාජාණ්ඩු ක්‍රමයකි.
කෙසේ නමුත් මෙම ක්‍රමය තුල වුද ප්‍රජාතාන්ත්‍රවාදීව තම පාලකයිත් තෝරා පත් කර ගැනීම සඳහා මැතිවරණ ක්‍රමයක් 1931 වසරේ සිට ක්‍රියාත්මක විය. එසේ වුවත් ප්‍රජාතාන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් වන දේශපාලන පක්ෂ ක්‍රමය මෙරට බිහි වන්නේ 1935 න් පසුවයි. ඒ ශ්‍රී ලංකාවේ මුල්ම දේශපාලන පක්ෂය ලෙස ලංකා සම සමාජ පක්ෂය බිහිවීමත් සමඟයි. 1935 දෙසැම්බර් මස 18 වනදා ස්ථාපිත කරන ලද ලංකා සම සමාජ පක්ෂය විසින් මෙරටට බිහි කරන ලද ශ්‍රේෂ්ඨ ජන නායකයින් ලෙස ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, ආචාර්ය එන්.එම් පෙරේරා,පිලිප් ගුණවර්ධන, වෛද්‍ය එස් වික්‍රමසිංහ සහ ලෙස්ලි ගුණවර්ධන වැනි නායකයින් සඳහන් කළ හැකියි.
මෙරට ලියාපදිංචි සහ අලුතින් ලියාපදිංචි කිරීමට නියමිත දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත අනුව කරන ලද ඉල්ලීමකට මැතිවරණ කොමිසන් සභාව දන්වා ඇත්තේ 2026 වසරේ දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ කටයුතු තවමත් ආරම්භ කර නොමැති බවයි. මේ වන විට ලියාපදිංචි දේශපාලන පක්ෂවල විස්තර සිය වෙබ් අඩවියේ සඳහන් කර ඇති බවත් මැතිවරණ කොමිසන් සභාව සිය ලිපිය මගින් දන්වා තිබිණ. මෙම ලිපිය ඒ අනුව සකස් කෙරේ.
ශතකයට ආසන්නයි
ශ්‍රී ලංකාවේ දේශපාන පක්ෂ බිහි වීමේ ඉතිහාසය තුල මේ දක්වා මැතිවරණ දෙපාර්තමේන්තුවේ වර්තමානයේ කොමිසන් සභාවේ පිළිගත් දේශපාලන පක්ෂ 88 ක් ලියාපදිංචි කර තිබේ. මෙම පක්ෂ 88 ට 2025 වසරේ ලියාපදිංදි කර ඇති පක්ෂ පහද ඇතුලත් වෙයි. මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරන ආකාරයට මුලින් ලියාපදිංචි කර ඇති දැනට මැතිවරණ කොමිසන් සභාවේ වෙබ් අඩවියේ දක්වා ඇති දේශපාලන පක්ෂ 83 මෙසේය. මෙයට 2025 වසරේ දී ලියාපදිංචි කළ පක්ෂ 5 ඉදිරියේදී එකතු කරනු ඇත.
1,අකිල ඉලංකෙයි තමිල් කෝන්ග්‍රස්,2,අඛිල ඉලඞ්කෛ ද්‍රවිඩ මහ සභා, 3 අපේ ජන බල පක්ෂ, 4 අභිනව නිවහල් පෙරමුණ, 5 අරුණළු ජනතා පක්ෂය, 6 අකිල ඉලංගෙයි මහජන කෝන්ග්‍රසය, 7 ඉලංකයි තමිල් අරසුක් කට්චි, 8 ඊරෝස් ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණ 9 ඊලවර් ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණ, 10 ඊලාම් ජනතා ප්‍රජාතාන්ත්‍රවාදී පක්ෂය.
11 එක්සත් ප්‍රජාතාන්ත්‍රවාදී හඩ, 12 එක්සත් ජනරජ පෙරමුණ, 13 එක්සත් ජාතික නිදහස් පෙරමුණ. 14 එක්සත් ජාතික පක්ෂය, 15 එක්සත් ජාතික සන්ධානය, 16 එක්සත් ප්‍රජාතාන්ත්‍රවාදී සන්ධානය, 17 එක්සත් මහජන පක්ෂය, 18 එක්සත් වාමාංශික පෙරමුණ, 19 එක්සත් සමාජවාදි පක්ෂය, 20 එක්සත් සාම සන්ධානය, 21 කඳුරට ජනතා පෙරමුණ, 22 කම්කරු ජාතික පෙරමුණ , 23 ජනතා විමුක්ති පෙරමුණ, 24 ජනතා සේවක පක්ෂය, 25 ජනනායක තමිල් තේසිය කූට්ටනි, 26 ජනසෙත පෙරමුණ, 27 ජාතික කෝන්ග්‍රසය, 28 ජාතික ජන බලවේගය, 29 ජාතික ජනතා පක්ෂය, 30 ජාතික නිදහස් පෙරමුණ.
31 ජාතික ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණ, 32 ජාතික සංවර්ධන පෙරමුණ, 33 ( ඉවත් කර ඇත) 34 තමිල් මක්කල් කට්චි, 35 ඊලාම් ජනතා විප්ලවවාදි විමුක්ති පෙරමුණ 36 (ඉවත් කර ඇත) 37 දමිළ ප්‍රගතිශිලි සන්ධානය 38 දෙමළ සමාජ ප්‍රජාතාන්ත්‍ර පක්ෂය, 39 දෙවන පරපුර, 40 දේශප්‍රේමි ජන බලවේගය.
41 දේශ විමුක්ති ජනතා පක්ෂය, 42 ද්‍රවිඩ ඊලාම් විමුක්ති සංවිධානය, 43 ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ. 44 නව ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණ, 45 නව ප්‍රජාතාන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදි පක්ෂය, 46 නව ලංකා නිදහස් පක්ෂය. 47 නව සම සමාජ පක්ෂය, 48 නව සිහල උරුමය, 49 නිදහස් ජනතා පෙරමුණ, 50 පිවිතුරු හෙළ උරුමය.
51 පෙරටුගාමි සමාජවාදි පක්ෂය. 52 පොදු ජන එක්සත් පෙරමුණ, 53 ප්‍රජාතාන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, 54 ප්‍රජාතාන්ත්‍රවාදී ජාතික සන්ධානය, 55 ප්‍රජාතාන්ත්‍රවාදී ජනතා පෙරමුණ, 56 ප්‍රජාතාන්ත්‍රවාදී ජනතා විමුක්ති පෙරමුණ, 57 පොදු ජන එක්සත් නිදහස් සන්ධානය, 58(ඉවත් කර ඇත) 59 ප්‍රජාතාන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ 60, සර්වජන බලය.
61 මහජන එක්සත් පෙරමුණ, 62 යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ, 63 ලංකා කම්කරු කොන්ග්‍රසය, 64 ලංකා ජනතා පක්ෂය, 65 ලංකා සම සමාජ පක්ෂය, 66 ලිබරල් ප්‍රජාතාන්ත්‍රවාදි පක්ෂය, 67 ශ්‍රී ලංකා කම්කරු පක්ෂය, 68 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, 69 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, 70 ශ්‍රී ලංකා මහජන පක්ෂය.
71. ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය , 72. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, 73. ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතාන්ත්‍රවාදී පක්ෂය, 74. ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය, 75. සමගි ජන බලවේගය, 76. සමබිම පක්ෂය, 77. ජන අරගල පක්ෂය, 78. සමාජවාදී සමානතා පක්ෂය, 79. සිංහල දීප ජාතික පෙරමුණ, 80. එක්සත් ජනතා නිදහස් සන්ධානය,81. එක්සත් ලංකා පොදු ජන පක්ෂය 82. එක්සත් ජනතා මහ සභාව, සහ 83 ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ එම පක්ෂ 83 වෙයි. කෙසේ නමුත් මෙම ලැයිස්තුවේ අංක 33, 36 සහ 58 යන අංකවලට අදාළ පක්ෂයන් මැතිවරණ කොමිෂන් සභවේ වෙබ් අඩවියෙන් ඉවත් කර තිබේ.
දේශපාලන පක්ෂ වැදගත්ද?
ශ්‍රී ලංකාවේ මැතිවරණ කියාවලිය ශක්තිමත් කිරීම සඳහා දේශපාලන පක්ෂ ක්‍රමය අතිශය වැදගත් අංගයක් වෙයි. එසේ වුවත් පසුගිය මැතිවරණ දෙස බැලූ විට පෙනී යන්නේ ලියාපදිංචි වී ඇති මෙම දේශපාන පක්ෂ 83 න් මැතිවරණවලට ඉදිරිපත් වන පක්ෂ සංඛ්‍යාව බෙහෙවින් අඩු බවකි. එසේත් නැත්නම් එක් මැතිවරණයක් පමණක් ඉලක්ක කර දේශපාලන පක්ෂ ලියාපදිංචි වී ඇති බවක්ද පෙනේ. වර්තමානයේ ප්‍රධානතම දේශපාලන පක්ෂයන් මේ වන විට වෙනත් පුද්ගලයින් ලියාපදිංචි කර තිබූ දේශපාලන පක්ෂ තමන් සතු කර ගෙන තිබෙන අයුරුද දක්නට ලැබෙයි.
මැතිවරණ කොමිසන් සභාව 2025 වසරේදී නව දේශපාලන පක්ෂ පහක් ලියාපදිංචි කර ඇති බව සිය මුහුණු පොතේ සටහන් කර තිබේ. එම පක්ෂ පහ වනුයේ සමාජවාදී ජනතා පෙරමුණ,ජන සහභාගී ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණ,මලෛයහ අරසියල් අරංගම්,සමත්තුව කට්චි, සහ විප්ලවවාදී ජනතා බලය යන පක්ෂ වෙයි.
ඒ අනුව මේ වන විට ලියාපදිංචි මුළු පක්ෂ ගණන 88 ක් වන අතර එයින් පක්ෂ තුනක් ඉවත් කර තිබීම නිසා මේ වන විට වලංගුවේ පවතින මුළු පක්ෂ ගණන 85 ක් වෙයි. ඉතින් අපේ රටට මෙතරම් දේශපාලන පක්ෂ ප්‍රමාණයක් අවශ්‍යද?
මොහොමඩ් ආසික්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd