
අබ මල් රොනක තරම් හෝ මොළයක් ඇති අයකුට රට වැටී තිබෙන ප්‍රපාතයේ ගැඹුර වටහා ගැනීම අසීරු නැත. එහෙත් මහජන මුදල් කාබාසිනියා කිරීම සිය ජීවිතයේ පරම අරමුණ කරගත් තක්කඩියන්ට රටේ ඉරණම ගැන වගේ වගක් නැත. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ හා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වගකිව යුත්තෝ යනු විනාශකාරයෝ නැත්නම් තක්කඩියන් වශයෙන් හැඳින්වීම අසාධාරණදැයි අපට නොහැඟේ.

පාඩු ලබන සංස්ථා හා මණ්ඩලවලට ප්‍රසාද දීමනා නොගෙවන ලෙස මුදල් අමාත්‍යාංශය දැනුම් දී තිබුණද ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉකුත් සමයේ බෝනස් ගෙවා ඇත. ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ආයතන දෙකෙහි සභාපතිවරුන් දෙදෙනාගෙන් නිදහසට කරුණු විමසා ඇතැයි අප පුවත්පත වාර්තා කළේය.
මුදල් අමාත්‍යාංශයේ නියෝගවලට අවනත නොවීම තුළම එම ආයතනවල සභාපතිවරුන්ගේ උද්දච්ඡකම මෙන්ම දඩබ්බරකම පැහැදිලිය. රට මේ අඳුරු ආගාධයට ඇද වැටුණේද බොහෝ රාජ්‍ය ආයතන පාඩු ලබන ආයතන බවට පත්ව රටට මහා බරක් වී තිබෙන්නේද එබඳු පරිපාලනයන් නිසාමය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද දවසේ කෙතරම් පාඩුවක් ලබන්නේ ද යන්න කවුරුත් දන්නා කාරණාවකි. ඉන්ධන ඇඟට හලාගෙන ගිනි තබා ගන්නට බැරිකමට වරින්වර වැඩිවන ඉන්ධන මිල ගෙවමින් ජනයා ඉන්ධන ලබා ගනිති. එසේ ලබාගන්නා මුදලින් ආයතනය ලාභ ලබා ඇතැයි එම සමාගමේ ලොක්කන් වාර්තාවක් සකස් කර එම සංස්ථාව මාස දෙකක වැටුප් එහි සේවකයන්ට ගෙවා ඇත. අප ප්‍රවෘත්තියට අනුව ඉන්ධන සංස්ථාව ලාභ ලබන බවට දැක්වූ වාර්තාවට සංස්ථාවේ ණය ඇතුළත්වී නොමැති බව අප සඳහන්ය. මෙසේ විකෘති කරන ලද වාර්තාවෙන් ගෙවා ඇති බෝනස් මුදල රුපියල් කෝටි 120 කට අධිකය.
ඉන්ධන පෝලිම්වල සාපිපාසිතව මියගිය පුරවැසියන්ගේ වගකීම බාර ගැනීමට කිසිවකුත් නැත. ඉන්ධන නෞකාවලට ගෙවීමට ඩොලර් නොමැතිව එම නෞකා සති ගණන් නතර කර තැබීමට සිදුවේ. ඒ වෙනුවෙන් ගෙවීමට සිදුවන ප්‍රමාද ගාස්තු රුපියල් කෝටි ප්‍රකෝටි ගණනකි. එසේ තිබියදී නිවැරදි දත්ත වසන් කර සකස් කරන ලද වාර්තා උපුටා දක්වමින් රුපියල් කෝටි 1200 ක මුදලක් වැය කරමින් සේවකයන්ට බෝනස් ගෙවා ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම යන වචනය ඇසෙන විටත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ඇඟලොමු ඩැහැගැන්වෙන බව රහසක් නොවේ. ඒ තරමට එම සමාගම මෙරට ජනයාට බරක් වී ඇත. කිසිදාක ගුවන් යානයකට පය නොතැබූ අන්ත දිළිඳු මිනිසාත් ගුවන් යානයක් නොදුටු නූපන් දරුවාත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පැවැත්ම වෙනුවෙන් බදු ගෙවති. තුන් වේල එක වේලට අඩු කර ගත් දිළිඳු ජනයාගෙන් සූරා ගන්නා බදු මුදලින් එහි ලොක්කෝ සුර සැප විඳිති. අප ප්‍රවෘත්තියේ සඳහන් වන්නේ එම සමාගමේ සෑම සේවකයකුටම රුපියල් ලක්ෂයක බෝනස් මුදලක් ගෙවා ඇති බවය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවකයෝ 5800 ක් සිටිති. ඔවුන්ට 13 වැනි මස වැටුප ලෙස සඳහන් කරමින් සේවකයකුට රුපියල් ලක්ෂය බැගින් ගෙවා ඇත. ඒ වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් කෝටි 58 කි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතට පත් වාර්තාවක සඳහන්ව ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පාදක කරගනිමින් 13 වැනි මස ලෙස දක්වා ප්‍රසාද දීමනා ගෙවීම අනුමත කරගෙන ඇති බවය.
අප ප්‍රවෘත්තියේ සඳහන් වන්නේ මුදල් අමාත්‍යාංශයේ නියමයන්ට පිටුපා මෙසේ බෝනස් ලබාදුන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරුන්ගෙන් නිදහසට කරුණු විමසීමට නියමිත බවය. එසේ නිදහසට කරුණු විමසීමට පෙර මෙම සභාපතිවරුන් දෙදෙනා පියවි සිහියෙන් සිටීද යන්න පරික්ෂා කර බැලිය යුතුය. නැතහොත් මේ තරම් අසීරු අවස්ථාවක මෙතරම් වගකීම් විරහිතව තීන්දු තීරණ ගැනීමට හැකියාවක් නැති හෙයිනි.
සේවකයන්ට බෝනස් දීම සම්බන්ධයෙන් අපේ අමනාපයක් නැත. ඒ සම්බන්ධයෙන් අපට ඇත්තේ පහන් හැඟීමකි. එහෙත් මේ ආකාරයට බෝනස් දීමට යාමෙන් ඉදිරියේදී බෝනස් නොව සේවකයන්ට වැටුප හෝ ගෙවීමට නොහැකි වනු ඇත. බිමට සමතලා කර ඇති මෙම ආයතන කෙළින් කර ලාභ ලබන ආයතන බවට පත් කර බෝනස් ලබා දෙන්නේ නම් මෙරට ජනයා කිරිබත් කමින් සතුට සමරනු නියතය. මේ මොහොතේ මෙරට ජනයාට එසේ කිරිබත් කා ප්‍රීති වීමට ඇති එකම අවස්ථාව අදාළ තක්කඩි සභාපතිවරුන්ට මතක සිටින දඬුවමක් ලැබීම පමණි.
(***)
2025 දෙසැම්බර් මස 18
363
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අතමිට දිගහැර බෝනස් දුන්නේ කාගේ සල්ලිවලින්ද?
Nelumpushpasiri Saturday, 14 January 2023 11:04 AM
මේ රට විනාශ කරන කාලකන්නි අමන තකතීරු දේශපාලකයින් මෙන්ම බහුතරය රාජ්‍ය නිලධාරීන්ද කටයුතු කරන බව මෙයින් මනාව පසක් වේ. තරාතිරම නොබලා මොවුන්ට විරුද්ධව කටයුතු කිරීමට ඉහළ නිලධාරින් හට නොහැකිය. ඊට හේතුව වන්නේ ඔවුන් පහළ නිලධාරින්ගෙන් අල්ලස් ගැනීමයි. මෙවැනි දූෂිත කාර්යයන් නවතාලීමට ඇමැති වරුන්ටද නොහැකිය. හේතුව නම් ඔවුන් කොමිස් මුදලින් නඩත්තු වීමයි. රටට කෙතරම් හානිකර වුවද වර්ථමානයේ ඇත්තේ දේශපාලකයින් උඩ පිනුම්, බඩ පිනුම් ගහන ඉතිහාසයේ අසමජ්ජාතිම පාලන යුගයයි. මෙම සක්කිලි යුගය නිමා කිරීමට කාලය එළඹ ඇත...