IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‍හෙට පැවැත්වෙන විරෝධතාවට ශ්‍රීලනිපයේත් සහය

(ඩයනා උදයංගනී)

ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙලට එරෙහිව හෙට (2) පැවැත්වෙන දැවැන්ත උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාරයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ද සහභාගී වන බව එහි මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

වෘත්තීය සමිති හා විශ්ව විද්‍යාල සිසුන් මර්දනය කරමින් සහ උද්ඝෝෂණ කිරීමට අවස්ථාව නොදෙමින් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට එරෙහිව මෙම උද්ඝෝෂණයට අනිවාර්යයෙන් සහයෝගය ලබාදෙන බවත්, අවිහිංසාවාදී උද්ඝෝෂණ කිරීම ජනතා අයිතියක් බැවින් තම පක්‍ෂය ඒවා මර්දනය කිරීමට විරුද්ධ බවත් ජයසේකර මහතා සඳහන් කළේය.

රාජපක්‍ෂ පවුල් පාලනයට හා එක්සත් ජාතික පක්‍ෂ පාලනයට විරුද්ධ බලවේග සියල්ල එක්කර දැවැන්ත දේශපාලන ව්‍යාපාරයක් බිහිකර නව ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කටයුතු කරගෙන යන බව කී මහලේකම්වරයා  රාජපක්‍ෂ පවුලේ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින පොහොට්ටුව හා ජන බලයක් නොමැති එක්සත් ජාතික පක්‍ෂය ඒකාබද්ධ රනිල් රාජපක්‍ෂ ආණ්ඩුවට සහයෝගයදීමේ හැකියාවක් තමන්ට නැතැයි ද කීවේය.

ඔහු මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේදී අද (1) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එසේ බිහිකරන නව ආණ්ඩුව අරගලය ප්‍රතික්‍ෂේප නොකරන සහ අවිහිංසාවාදී අරගලය ශක්තිමත් කරන වාම ප්‍රගතිශීලී නායකත්වයකින් යුත් එකක් බවත්,  එය ංචාවෙන්, දූෂණයෙන් තොර ජනතාව අපේක්‍ෂිත සිස්ටම් චේන්ජ් එකක් කරන ආණ්ඩුවක් බවත් ජයසේකර මහතා පැවසීය.  



අදහස් (4)

‍හෙට පැවැත්වෙන විරෝධතාවට ශ්‍රීලනිපයේත් සහය

ranjith Tuesday, 01 November 2022 04:29 PM

දැන්වත් පොදු සැලැස්මකට ඔක්කොම එකතු වෙලා මේ රට බංකළොත් කරමු තක්කඩි ටික පන්නලා නැවත රට නගා සිටුවන්න. අවුරුදු 2 කටවත් පොදු සැලැස්මකට එකග වෙලා වැටුප් වරප්‍රසාද බලාපොරොත්තු නොවී රට දියුණු කරන්න. නැතුව පුද්ගලික වාසියට දේශපාලනේ කරන්න ගියොත් රට කවදතාවත් ගොඩ ගන්න බෑ.

:       1       5

Bandara Tuesday, 01 November 2022 06:37 PM

ඔයාල දැන් කොහොමත් අවලංගුයි. රනිල් ඕනෙ දේ කරනව කියල මිනිස්සු දන්නව.

:       3       10

AkilaTuesday, 01 November 2022 07:14 PM

රනිල් පොහොට්ටුව දුෂිත ආණ්ඩුව තියන තාක් කල් IMF එක ණය දෙන්න කැමති නැහැ.

:       2       1

චන්දන Wednesday, 02 November 2022 06:51 AM

පුතානෝ ඇතුළු පිරිසක් පිදුරු ගහෙ හරි එල්ලෙන්න බලනව.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 141 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site