( තිළිණි ද සිල්වා )
දිවයිනේ පුරා පිහිටි සංචාරක කලාප වල නව සංචාරක පොලිස් ස්ථාන පිහිටුවීම සඳහා රුපියල් ලක්ෂ 300ක මුල්‍ය ප‍්‍රතිපාදන වෙන් කර ඇතැයි නීතිය හා සාමය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද (20) පැවසීය.
මේ යටතේ සංචාරක ආකර්ෂනීය ස්ථාන වශයෙන් හඳුනා ගෙන ඇති වෙරළ තීරයේ , කඳු ආශ‍්‍රිත විවිධ ස්ථාන 20 ක විදේශික සංචාරකයින්ගේ ආරක්ෂාව උදෙසා මෙලෙෂ නව සංචාරක මුරපොළවල් රැසක් පිහිටුවෙන බව ද අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා කීය.
විදේශිකයින්ට හිරිහැර කිරීම මේවනවිට දිනෙන් දිනෙම වැඩිවෙමින් පැවතීම නිසා සංචාරකයින් ආරක්ෂා කර ගැනීම හා අවශ්‍ය සහාය ලබා දීම් වෙනුවෙන් මෙම නව සංචාරක පොලිස් ස්ථාන පිහිටුවෙන බවත් , ඒ සඳහා විදේශීය භාෂා පුහුණුව සහිත නව පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කරන බවද අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා කීය.
පානදුර ,කළුතර ,බෙන්තොට ,හික්කඩුව , උණවටුන ,ආරුගම්බේ , සීගිරිය ,මීගමුව ,ප‍්‍රදේශ මීට පෙර සිටම වැඩිම සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථාන වශයෙන් හඳුනාගෙන තිබූ අතර මිරිස්ස සහ ඇල්ල ප‍්‍රදේශයද මේ අතරට අලූතින් එක්ව ඇත.
(ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක)
ගල්කිස්සේ වෙරළ පාර, ගාලු පාර අසල මීට සුළු මොහොතකට ඉහතදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
මහජන වැඩට තියෙන මුදල් තැන්පත් ගිණුම් වල රඳවා ගෙන සිටීම අපරාධයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පෙන්වා දුන් බව හිටපු ජනාධිපති රනිල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සංචාරක කලාපවල නව සංචාරක පොලිස් ස්ථාන පිහිටුවීමට පියවර
ravi Friday, 20 April 2018 01:47 PM
ඉතාමත් බුද්ධිමත් ක්‍රියාවක්... විදේශිකයන්ව දුෂණ වලින් රැකගැනීම රජයේ යුතුකමක්...
Suranga Saturday, 21 April 2018 03:20 PM
සංචාරක පොලිසි දැනටමත් තියනවා. ඒත් ඒගොල්ලන්ට විදේශ භාෂාවන් කතා කරන්න අමාරුයි. වෙනත් පොලිසි වලට මාරුවීමක් ආවොත් විදේශ භාෂාවන් කතා කරන නිලධාරීන් මාරු වුණාම මොකද කරන්නේ ??
de silva berlin Sunday, 22 April 2018 04:54 AM
ලංකාව පූරා සංචාරක මර්මස්ථාන වල බීච් බෝයි මාෆියාව පාතාල මාෆියාව සහ ප්‍රාදේශීය දේශපාලක මාෆියාව අත්වැල් ක්‍රියාත්මක බැඳගෙන ක්‍රියාත්මක වන බව පෙනේ , මොවුන් සතුව ගිනි අවි පවා ඇත , කොන්ඩ වවාගෙන තඹ පාට කරගෙන , කරාබු දමාගෙන පච්ච කොටගෙන වෙරළේ කරක් ගසන මොවුන් සංචාරකයන්ට කුඩු විකිණීමේ සිට බාල වයස්කාර දරු දැරියන් විදේශිකයන්ට ලිංගික කටයුතු සදහා විකිණීම දක්වා කරනු ලැබේ , පවතින නීති යටතේ මෙම මාෆියා වෙරල තිරයෙන් එලවා දැමීමට අපහසුය.
Nuwan Sunday, 22 April 2018 07:22 AM
වෙරළේ ලස්සනම තැන් දේශපාලුවන්ගේ අතු අල්ලාගෙන ගුබ්බැයම් අටවගෙන කිසි වැදගැම්මකට නැති රස්තියාදු කාරයෝ කැඩිච්ච ඉංග්‍රීසි වචන අහුලන Beach boy කියන පැලැන්තියක් හැදිලා ඉන්නවා. ඒ අය පහත් ගනුදෙනු කෙරෙනවා. ඒ පැත්ත වල පොලිසිය බීච් එකට එකා දෙන්නා යන්න බයයි. අඩුම වෙරල සංරක්ෂණ නිලධාරිනුත් නීතිය ක්‍රියාත්මක කරන්නේ බයෙන්. සුනාමියට තියපු මීටර් 100 කලාපයත් උලංගනය කරේ මුන්. වෙරළේ දැඩි නිතිය ක්‍රියාත්මක නොවුනොත් සංචාරක කර්මාන්තෙ විතරක් නෙමේ දේශීය අයටත් යන්න බැරිවෙයි.
Mayizoor Sunday, 22 April 2018 07:30 AM
සංචාරක කර්මාන්තය හරියට දියණු කරනවා නම් ගොඩක් විදේශ විනිමය උපයන්න පුළුවන්. එත් මේ රටේ පාලකයන්ට මේකටවත් හරි හමන් ජාතික ප්‍රතිපතියක් නැ. සංචාරක මණ්ඩලය,සංචාරක අමාත්‍යංශය කරන්නේ එක එක රටවල සංචාරක ප්‍රවර්ධන අවස්ථා වලට යන එක විතරයි. ඒවා විතරක් කලාට වැඩක් නැ. අපි බලන්න ඕන අපිට එන සංචාරකයෝ ආයෙත් මේ රටටම එන විදිහට ඒ මිනිස්සුන්ට පහසුකම් සලසන්න ,ඒ මිනිස්සුන්ට ආරක්ෂාව සලසන්න. එහෙම නුනොත් සංචාරක කර්මාන්තය මේ වගේ සිද්ධි නිසා ලංකාවෙන් නැති වෙලාම යයි. දැන්වත් සංචාරකප කර්මාන්තයේ ජාතික ප්‍රතිපතියක් හදන්න. නිකන් ව්‍යාපෘති කර කර හිටියට මේක දියුණු කරන්න බැහැ.