IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


මහින්ද - මෛත්‍රී එකතු වෙනවා-මුතුහෙට්ටිගම

(අමල් වික්‍රමරත්න)

මහින්ද - මෛත්‍රී එකතු වී එක ලැයිස්තුවකින් මැතිවරණයට එන බවට තමන් විශ්වාසයෙන් ප්‍රකාශ කරන බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ට්ගම මහතා පවසයි.

“පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලැයිස්තු දෙකක් නෑ.අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ බණ්ඩාරනායක මහත්තයාගෙන් එන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.ඒකාබද්ධය කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගැලවිලා ගිය කොටසක්.අපි දෙගොල්ල එකතුවෙලා එක ලැයිස්තුවකින් මැතිවරණයට එනවා“

ඒ මහතා මේ බව පැවසුවේ අද (21) ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

“අපි දෙගොල්ල එක ලැයිස්තුවකින් ඇවිල්ලා රටේ ප්‍රාදේශීය සභා  සියල්ල ජයග්‍රහණය කරනවා.කවුරු හරි කියනවානම් ඒක බොරු කියල ඕන ඔට්ටුවකට මම ලෑස්තියි.අපි කැපවෙලා කටයුතු කරනවා.අපි ආරාධනා කරනවා අද ඉඳලා එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා හදන්න අපිට අමාරු නෑ.දෙපැත්තට බෙදිලා ගියපු අපේ  කණ්ඩායම් දෙක එක කණ්ඩායමක් විදියට ඒකරාශී කරන ඵෙතිහාසික මොහොත අද එළැඹිලා.කෙටි කාලයක් මත ගැටුම් තිබුණට අද ඒවා අවසන් කරලා අපි ලෑස්තියි තනි ලැයිස්තුවකින් තරග කරන්න.පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මේ වන විටත් සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා

අපි පැහැදිලිවම එක අම්මගේ දරුවෝ. නිදහස් පක්ෂය රැකගැනීමටයි අපිට අවශ්‍ය.අපි දෙගොල්ලන්ටම තනි තනිව ගමනක් නෑ.මහින්ද රාජපක්ෂ මහතා නොමැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාළුයි.ඒක දෙගොල්ලන්ම තේරුම් අරන් තියෙනවා.අසරණ පළාත් පාලන අපේක්ෂකයින් බිල්ලට දෙන්නේ නැතුව ඔවුන්ව ජයග්‍රහණය කරවන්න කටයුතු කරමු.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

 



අදහස් (19)

මහින්ද - මෛත්‍රී එකතු වෙනවා-මුතුහෙට්ටිගම

Waco Thursday, 21 September 2017 07:23 AM

ඔයා කොහෙද අනේ මෙච්චර කල් හිටියේ?

:       0       64

ravindra Thursday, 21 September 2017 07:31 AM

මහින්ද මහතාගේ ණය කාරයෝ.. ඇත්ත තමයි මෙයාලට මහින්ද නැතුව ගැලවීමක් නැහැ.

:       20       72

tuan Thursday, 21 September 2017 08:14 AM

ඩීල් එකක් ගහන්නයි බලන්නේ.... හා හා බලාගෙනයි.

:       0       19

jiffri Thursday, 21 September 2017 08:28 AM

එසේ නම් පොහොට්ටුවට කුමක් වේද?

:       1       68

LapayaThursday, 21 September 2017 08:54 AM

පොහොට්ටුව හොඳට පිපෙයි. දැන් යන එන මං නැහැ.

:       41       31

rama Thursday, 21 September 2017 08:33 AM

එක ලැයිස්තුවේ තමයි හිටියේ, මේ අයනේ ගිහිල්ලා අලියාගේ වල්ගේ එල්ලුණේ...

:       2       80

Senarath Thursday, 21 September 2017 08:44 AM

පසුගිය ඡන්දේදිත් අපි බලාපොරොත්තු වුණේ මහින්ද මහත්තයා වෙනම පක්ෂයකින් ඉල්ලාවි කියලා එහෙම නොකරපු එකෙන් වුණුදේ පැහැදිලිව තියෙද්දී නැවත නිකමුන් එක්ක මොනවට එකතුවෙනවද?

:       41       72

sahan Thursday, 21 September 2017 08:52 AM

හෙට්ටිගම මහතා කියනවා නම් අපි ඔන්න ඔහේ විශ්වාස කරමු. මොකද මොලේ අමාරුවක් නැහැ කියලා මෙඩිකල් ටෙස්ට් එකෙනුත් පාස් වුණානේ... එතකොට දැන් ඔය කතාව කිව්වේ අර වෙලාවකදීද?

:       1       11

mexy Thursday, 21 September 2017 08:53 AM

කවුරු එකතු වුණත් රට දියුණු වෙන්නේ නැත. ඔය පක්ෂ දෙක තියනකම් රට හැදෙන්නේ නෑ... අපිට විප්ලවයක් ඕනෑ.

:       9       27

Supun Thursday, 21 September 2017 08:58 AM

අර අහිංසකයෝ ගොඩක් එක්ක හිටපු බඩා නේද මේ? ලැජ්ජාවක් නැතුව පම්පෝරි ගහන හැටි විතරක්...

:       0       33

පිටිගල මිලානෝ Thursday, 21 September 2017 09:12 AM

බීමතින් හෝටල් කාමරයක් තුළ නටන ඡායාරූප අන්තර්ජාලයේ තිබෙනවා.

:       153       205

srimala Thursday, 21 September 2017 09:47 AM

අපහාසයක් එහෙම නෙමෙයි. නමුත් මෙතුමාට යම්කිසි ප්‍රතිකාරයක් සඳහා වෙද්‍ය නිර්දේශයක්, අධිකරණය මගින් ඉදිරිපත් කලබව මාධ්‍ය මගින් ප්‍රසිද්ධ වුණා නේද? ඉතින් එහෙම අය රජයේ ඇමති කමක් නොව සාමාන්‍ය පියන් රස්සාවක්වත් කරන්නේ කොහොමද?

:       0       110

siri Thursday, 21 September 2017 10:04 AM

"නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් තිබුනත් මදි" කියලා කියමනක් තියෙනවා. මෙයාගේ ඇඟ තිබුණට මොලේ නැහැ. නැතිනම් මේ විකාර කියවයිද?

:       0       28

mahee Thursday, 21 September 2017 10:36 AM

ඕනෑම පුද්ගලයෙකුගේ වචනයකට අපි ගරු කරන්නේ හෝ නොකරන්නේ ඔහුගේ අතීතය දිහා බලලයි. ඒ කිව්වේ අතීත හැසිරීම මහත්මයකුගේ නම් අපි එයාට කන් දෙනවා. අතීත හැසිරීම පිස්සෙකුගේ නම් අපි ඒවාට හිනා වෙනවා.

:       0       15

ravin Thursday, 21 September 2017 10:40 AM

එකට එකතුවුනේ නැත්නම් එක්කෙනෙකුට නම් වැලේ වැල් නැතුව යනවා.

:       0       12

china Thursday, 21 September 2017 11:27 AM

ආප්ප කන්නද? පිට්ටු කන්නද?

:       0       9

කසුන් Thursday, 21 September 2017 11:45 AM

මේ වගේ මිනිසුන්වත් පාර්ලිමේන්තු යවන්නත් අපේ රටේ බත් කන ගවරැලක් ඉන්නවනේ !!!

:       0       36

Lalin Thursday, 21 September 2017 12:33 PM

මම නම් මේ මහත්තය කියන එක විශ්වාස කරනවා. මොකද මොලේ අමාරුවක් නැහැ කියලා සහතිකයක් තියෙන්නේ මෙතුමාට විතරයිනේ.

:       0       0

dias Thursday, 21 September 2017 01:19 PM

මෙයාට නම් පිස්සු නෑ. හැබැයි ඡන්දෙ දෙන අයට නම් පිස්සු තමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වීඩියෝ දර්ශන


ගල්කිස්සේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 මැයි මස 05 2130 6

ගල්කිස්සේ වෙරළ පාර, ගාලු පාර අසල මීට සුළු මොහොතකට ඉහතදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.


‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 685 5

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක




සැබෑ අපරාධය ජනතා මුදල් බැංකු වල හිර කර තබා සිටීමයි
2025 අප්‍රේල් මස 28 3046 32

මහජන වැඩට තියෙන මුදල් තැන්පත් ගිණුම් වල රඳවා ගෙන සිටීම අපරාධයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පෙන්වා දුන් බව හිටපු ජනාධිපති රනිල්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 743 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 190 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1232 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site