IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මහ බැංකු අධිපති වැටුප ගැන කියයි

(විමුක්ති එස් රුද්‍රිගු)

අසත්‍ය ප්‍රචාරවලට රැවටී ඇතැම් දේශපාලනඥයන් සහ මන්ත්‍රීවරුන් තම මසික  වැටුප ගැන විවිධ අසත්‍ය ප්‍රකාශ කළත් තමාගේ වැටුප මසකට ලක්ෂ 4 ක් බව මහ බැංකු අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ මහතා අද(24) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

රටේ වගකිව යුතු දේශපාලනඥයන් සහ මන්ත්‍රීවරුන් අසත්‍ය ප්‍රචාරවලට රැවටී ඒවා සත්‍ය ලෙස ප්‍රචාරය කිරීම පිළිබඳ තමන් කණගාටුවට පත් වන බවත් තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශ්‍රාම වැටුපක් ලබා නොගන්නා බවත් ඔහු පැවසුවේය.

තමන්ට පෙර සිටි මහ බැංකු අධිපතිවරයා ඔහු ධුරයට පත්වන විට ලක්ෂ 1.5 කට තිබූ මහ බැංකු අධිපතිවරයෙකුගේ මාසික වැටුප රුපියල් ලක්ෂ 4 දක්වා වැඩිකර ගත් බවත් කැබිනට් මණ්ඩලයේ තනතුරක තත්ත්වයට ධුරය උසස් කරගෙන බදු ගෙවන්නන්ගේ සහ භාණ්ඩාගාරයේ මුදල්වලින් වෙනමම කාර්ය මණ්ඩලයක් සහ ආරක්ෂකයන් පත් කරගත් බවත් නන්දලාල් මහතා පෙන්වා දුන්නේය.

තමන්ට එවැනි ආරක්ෂාවක් අවශ්‍ය නොවන බවත් තමන් ලබා ගන්නේ හිමි වැටුප, නිල නිවස සහ වාහනය පමණක් බවත් තමන් මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වූ පසු විශ්‍රාම වැටුපක් ලබා ගැනීමට බලාපොරොත්තු නොවන බවත් සාමාන්‍යයෙන් රජයේ සේවකයකු වසර 10 ක කාලයක් සේවයේ නියුතු වූ පසුව පමණක් විශ්‍රාම වැටුපකට හිමිකම් කියන බවත් නන්දලාල් මහතා ප්‍රකාශ කළේය.

තමන්ට පෙර සිටි මහබැංකු අධිපති වරයාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු වූ දෙය පිළිබඳ අවබෝධයක් තිබුණාද නැද්ද පිළිබඳ තමන්ට විශ්වාසයක් නොමැති මුත් ආරක්ෂාව පිළිබඳ හොඳ අවබෝධයක් තිබී ඇති බව නන්දලාල් මහතා ප්‍රකාශ කළේය.

 



අදහස් (6)

මහ බැංකු අධිපති වැටුප ගැන කියයි

sisira Thursday, 24 November 2022 06:37 PM

බැංකු අධිපතිවරයෙකුගේ මාසික වැටුප හෙළිකර තිබේ. ඒ ආකාරයෙන්ම රටේ සියලු රාජ්‍ය ආයතන අර්ද රජ ආයතන තුල සිටිනා සියලු විධායක ශ්‍රේණියේ වැටුප් මහජනත්වට දැනගැනීමට අවස්තවක් ලබා දෙන්න.

:       0       37

nirpakshikaFriday, 25 November 2022 06:05 AM

ඕනෑම කෙනෙකුට 2006/06 සහ 2016/06 (මතක හැටියට) චක්‍රලේඛ ගත්තම ඕනෑම රජයේ සේවකයෙකු ගේ වැටුප බලන්න පුළුවනි . මේ චක්‍රලේඛ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ වෙබ් අඩවියේ තියෙනවා

:       0       0

ravin Thursday, 24 November 2022 06:52 PM

තමන්ගේ ලොව පිළිගත් දැනුම හා උගත්කම කෙරෙහි විශ්වාසය ඇති ඕනම කෙනෙක් නූගත් දේශපාලුවන් කියන කරන දේවල් ගැන තඹයකට තැකීමක් නොකළ යුතුයි.

:       1       41

JagathFriday, 25 November 2022 08:05 AM

එවන් අදහස් වලට රැවටී ඊලඟට වන්නේ මහ බැංකුව විසින් ආර්ථිකය ස්ථායී කිරීමට ගන්නා තීරණ මිනිසුන් ජාත්‍යන්තර කුමන්‍ත්‍රන වශයෙන් දැක නැවත රටම වියවුලක් වුවහොත් නන්දලාල් මහතාගේ ගේද ගිනිගැනීමට ලක් වීමයි. මෙම ලිපියේ දැක්වෙන අදහස් බොහොමයක් විමල් වීරවංශ නම් අවස්ථාවාදී දේශපාලුවා විසින් කරන ලද ප්‍රකාශ වේ .උත්තර සභාගය නම් මෝඩ මිනිසුන්ගේ ඔලු කන රැස්වීම් වල විමල් වීරවංශ විසින් දක්වන ලද අදහස් වේ. ඔහුට අනුව නන්දලාල් විසින් ලංකාවේ ව්‍යාපාර විනාශ කිරීමේ ජාත්‍යන්තර කොන්ත්‍රාත්තුවක් භාරගෙන ඇති බැවින් මහ බැංකු පොලී අනුපාතය ඉහල අගයක (~30%) තබාගෙන සිටී මෙවන් දෑ විශ්වාස කරන විශාල අඥානයින් පිරිසක් ශ්‍රී ලංකා සමාජය තුල සිටී

:       0       3

Rec8 Thursday, 24 November 2022 09:53 PM

නියමයි සර්

:       0       1

Bamunuarachchi Friday, 25 November 2022 07:02 AM

බොහොම හොඳයි තමන් ගැන කාලකන්නින් මවන දුර්මත ඉවත් කිරීම ගැන. හැම කෙනාටම එහෙම කරන්න බැහැ. නිශ්ශබ්දව සිටීම වරද පිළිගැනීමක් බව වරක් විනිසුරුවෙක් හා ආතර් සී ක්ලාක් මහතාත් ප්‍රකාෂකලා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site