IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


මන්ත්‍රී සහ රංගන ශිල්පී උද්දිකට වෙඩි තබයි

(සුජිත් හේවාජුලිගේ, උපුල් හේරත් සහ රෝහණ චන්ද්‍රදාස)

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා ගමන් කළ මෝටර් රියට කිසියම් පිරිසක් අනුරාධපුර ගුවන්තොටුපොළ පාරේ ඔහුගේ පියාගේ නිවෙස අසලදී ෙ වෙඩි තබා ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් මන්ත්‍රීවරයාට හෝ වෙනත් කිසිවකුටත් අනතුරක්වී නැතැයි පොලීසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මන්ත්‍රීවරයා නිවෙසට පැමිණෙමින් සිටියදී වෑන් රියකින් පැමිණි පිරිසක් ඔහුගේ මෝටර් රියට මෙසේ වෙඩි කිහිපයක් තබා පලා ගොස් තිබිණැයි කියති.

අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීහු පිරිසක් ඒ මොහොතේම ඒ ස්ථානයට ගොස් සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළහ.

උද්දික ප්‍රේමරත්න මහතා පසුගිය මහ මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

ඔහු විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයකු වන අතර මෑතක සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.

ඔහු පසුගිය දිනවල කළ සමහර ප්‍රකාශද සමාජයේ ආන්දෝලනයට ලක්විය.

 



අදහස් (25)

මන්ත්‍රී සහ රංගන ශිල්පී උද්දිකට වෙඩි තබයි

Bamunuarachchi Monday, 18 September 2023 06:34 AM

ජෙප්පෝ වැඩ පටන් අරන් වගේ...

:       86       11

Rata PerataMonday, 18 September 2023 12:05 PM

නොදකින් මේ වගේ කාලකණ්ණි...!

:       1       24

sumanasiriMonday, 18 September 2023 05:26 PM

නිල මැස්සන්ට කවුද හලෝ වෙඩි තියන්නේ..?

:       2       2

HELAYA Monday, 18 September 2023 06:57 AM

උද්දිකටද? වාහනයටද? වෙඩි තිබ්බේ...? මේකත් රංගනයක කොටසක්ද?

:       3       50

Kamal Monday, 18 September 2023 07:12 AM

අලුත්ම රඟපෑමක් වගේ ඡන්දෙ දිනන්න...

:       4       51

ලුම්බිණි Monday, 18 September 2023 07:16 AM

තමන් දක්ෂ දෙය පමණක් කරගෙන ඉඳීම නේද හොඳ...?

:       5       37

Anil Monday, 18 September 2023 07:34 AM

කාටවත් කිසිම අනතුරක් වෙලා නැත්තම් වෙඩි තියන්න ඇත්තේ කාගේ හරි ගිණුමට බැර කරලා අනුකම්පා ඡන්ද ගන්න වෙන්න බැරිද? අපි නොදන්න දේශපාලුවෝ...

:       2       53

මැක්ස් Monday, 18 September 2023 08:03 AM

මෙම සාහසික ක්‍රියාව මැති සබයේ මෙතුමා කරන බොරු රඟපෑම් වලට එරෙහිවද? නැත්නම් මිදුණු විශ්වය චිත්‍රපටයේ ඉදිරිපත් කළ එතරම් වැදගැම්මකට නැති රඟපෑමට එරෙහිව කළ එකක්දැයි සොයා බැලිය යුතුයි...

:       4       27

සමිත සේනක අලුත්ගමගේ. Monday, 18 September 2023 08:19 AM

උද්දික පේමරත්න පසුගියදා පාර්ලිමේන්තුවේදී හොඳ හොඳ දේවල් ටිකක් කිව්වා. ඒ කතාබහ ලෝකල් හාමු මහත්වරුන්ට හා බේබි හාමුලාගේ සිත් රිදවූ දේවල් වෙන්නට ඇති. ඒ නිසා වැසිකිළි කැසිකිළි හෝදන හෙංචයියන් කිපෙන්නට ඇති...

:       22       31

ආටක නාටක Monday, 18 September 2023 08:56 AM

වාර්තා වුණු හැටියට කාර් එකෙන් බැහැලා ගේට්ටුව අරිනකොටලු වාහනේට වෙඩි තියලා තියෙන්නේ. ඒ කියන්නේ කාර් එක එක්ක තිබ්බ තරහකට කාර්එක විනාශ කරන්න කරපු වැඩක් වෙන්න ඕනේ..!

:       2       52

malsara Monday, 18 September 2023 09:16 AM

අද කාලේ අපේ රටේ සිදුවන දේවල් දිහා බැලුවහම මේකත් නට්‍යයක් වෙන්නත් බැරි නැහැ...

:       1       45

namal Monday, 18 September 2023 09:23 AM

රංගන ශිල්පියාගේ ඡන්ද ලබා ගැනීම සඳහා වූ රංගනයක් වෙන්න බැරිද? මේ වැනි ඕන තරම් චිත්‍රපට තියනවා.

:       4       37

Bunny Preena Monday, 18 September 2023 09:48 AM

නාට්‍ය ජවනිකාවක කොටසක්වත්ද?

:       4       40

ලලින්ද්‍ර Monday, 18 September 2023 10:01 AM

කොහොමද වැඩ ඇයෙ මොකුත් නැ කැලනියෙ ඇරපු නයා නාට්ටිය වාගෙම නාට්ටියක් වගෙ.

:       1       28

wedage Monday, 18 September 2023 10:03 AM

අපේ පොලිස් ඇමති මොකද කියන්නෙ මෙ ගැන. හැමතැනම වෙඩි පත්තුවෙනවනෙ

:       0       0

nilu Monday, 18 September 2023 10:05 AM

හොඳ රංගන හැකියාවක් තිබිලත් දේශපාලනයට ගිය එක අපරාධයක්.

:       0       15

සමන් Monday, 18 September 2023 11:20 AM

මේවා බොරු රඟපෑම්, ප්‍රසිද්ධ වෙන්න උත්සාහ කරන්නේ...

:       2       30

පිටිගල මිලානෝ Monday, 18 September 2023 11:42 AM

අන්ධ පුද්ගලයෙක්ලු වෙඩි තිබ්බේ. ප්‍රකාශ වැඩක් නැත.. අවශ්‍ය නම් හරි තැන හිටගන්න. එවිට ජනතාව ඔබව පිළිගනියි.

:       1       23

Shashika519 Monday, 18 September 2023 01:23 PM

බයියො වැඩ පටන් අරගෙන.. ඊයේ ඇඩ් එකෙන් ගේම පටන් ගත්තා..

:       3       21

wimal Monday, 18 September 2023 02:51 PM

ඇයි එයාගේ ගාඩ්ලා කොහේ ගිහිල්ලද? පාර්ලිමන්ට් මිනිස්ටර් කෙනෙක්නේ...!

:       1       9

බද්රානි Monday, 18 September 2023 02:58 PM

මොන තරම් ත්‍රාසජනක චිත්‍රපටියක වුණත්, අවසානයේ නළුවා බේරිලා නේද ...? ආරක්ෂාවට පිස්තෝලයක් තියනවා නේද එතුමාට..? තමතමන් තමන්ගේ ආරක්ෂාව සපයාගත යුතු රටකයි අපි මේ ජීවත් වෙන්නේ... අනෙක් අයගේ ආරක්ෂාව අපට වැදගත් නැහැ. අනික චිත්‍රපටි නරඹලා බයවෙලා අනුකම්පා කෙරුවේ අපි පොඩි කාලේ...!

:       3       15

විජේ Monday, 18 September 2023 05:11 PM

පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන ඔක්කොම තියෙන්නේ කමෙන්ට්ස්වලනේ යකෝ...

:       5       6

පැරකුම් Monday, 18 September 2023 05:25 PM

ඉතා පැහැදිලියි... හිස් කාර් එකට වෙඩිතියලා සංස්කරණය කරනලද නාටකයක්. කවුරුත් රැවටෙන්න එපා. ඡන්දෙ ලංවෙනකොට තව තව හොඳ ජවනිකා බලන්න පුළුවනි..

:       2       6

ගමේ එකාලා Monday, 18 September 2023 07:04 PM

පවුල් පාලනේ අය බලයේ හිටපු කාලේ සුදු වෑන්` ඝාතන, අතුරුදහන් කරවපු අයගේ අවතාර තවමත් හොල්මන් කරනවා ඇති...

:       0       0

Dharmasri Tuesday, 19 September 2023 12:55 PM

කාටද ඕන මේ වගේ වැඩකට නැති එකෙක්ව මරන්න.එයත් එයාගේ නායකයා විමලේ පස්සෙන් යනවා. මෝඩයා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වීඩියෝ දර්ශන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 554 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක




සැබෑ අපරාධය ජනතා මුදල් බැංකු වල හිර කර තබා සිටීමයි
2025 අප්‍රේල් මස 28 3023 32

මහජන වැඩට තියෙන මුදල් තැන්පත් ගිණුම් වල රඳවා ගෙන සිටීම අපරාධයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පෙන්වා දුන් බව හිටපු ජනාධිපති රනිල්


දළදා වන්දනාවේ දින දීර්ඝ නොකරයි
2025 අප්‍රේල් මස 25 1284 6

පුරා දින 10ක් පුරා පැවැති සිරි දළදා වන්දනාව කලින් නියම කර ගත් පරිදී අනිද්දායින් (27) අවසන් කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා අද (25) පැවැ


මහියංගන බස් අනතුරින් 28කට තුවාල
2025 අප්‍රේල් මස 25 872 1

තිරිංග අක්‍රයවීමත් සමඟ රියැදුරුගේ පාලනයෙන් ගිලිහුණු ලංගම බසයක් වියානා ඇළ දෙසට ධාවනය වෙද්දී එහි රියැදුරා අසල වේල්ලක ගැටීමට සලස්සවා බසය නවතා ගැනීමෙන්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 614 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 155 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1181 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site