IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


මිගහකිවුල ඇළක් ගිලාබැස වතුර අතුරුදන් වෙයි

(නිශාන්ත කුමාර)

මීගහකිවුල කෝමාරීක ගොවි ජනපදයට ජලය සපයන ප්‍රධාන ඇළ මාර්ගයේ වැල්ලේවෙල ඩී 02 ප්‍රධාන අතුරු ඇළ ගිලා බැස ඇති බවත් එතුළින් ජලය අතුරුදන් වන බවත් එහි නේවාසික ව්‍යාපෘති කලමණාකාර  මාධව ඉන්දික රත්නායක මහතා පවසයි.

අඩි 15 ක පමණ විෂ්කම්භයෙන් යුතු විශාල ගිලා බැසීමක් සිදුව ඇති අතර ඇළ මාර්ගය ඔස්සේ ගලා යන ජලය ඒ තුළට ගලා ගොස් අතුරුදහන් වෙයි.

මෙලෙස ගිලාබැසීමත් සමගම ඇළ මාර්ගයේ ජල සැපයුම මුලුමණීන්ම අත්හිටුවීමට පියවර ගත් අතර අද (15) ගොවීන්ගේ ඉල්ලීම මත යළිත් ජල සැපයුම යථා තත්ත්වයට පත්කළ නමුත් ගිලා බැසීම යළිත් ක්‍රමයෙන් වර්ධනය වීම නිසා නැවත වතාවක් ජල සැපයුම අත් හිටවූ බවද ව්‍යාපෘති කලමණාකාරවරයා පැවැසීය.

මේ වන විටත් එහි අවට ප්‍රදේශය කැඩී යමින් පස් කඩා වැටෙමින් පවතින අයුරු දැකගත හැකිය.

මේ වන විට ඇළ මාර්ගයේ ජල සැපයුම අත්හිටුවා ඇතත් දිගින් දිගටම ගිලා බසින අතර මේ වන විට එම ස්ථානයේ අඩි 35 ක් පමණ ගැඹුරට පස් කඩා වැටී තිබේ.



අදහස් (21)

මිගහකිවුල ඇළක් ගිලාබැස වතුර අතුරුදන් වෙයි

janatha anura Sunday, 15 October 2017 07:49 AM

ඔතැනින් ඉවත් වන්න ඇල පහල ප්‍රදේශයේ නාය යෑමක් සිදුවිය හැකිය.

:       18       1463

sathyapala Sunday, 15 October 2017 10:44 AM

බෝම්බයක් පිපිරුනාම වෙන රටවල අය ඈතට දුවනවා. අපේ රටේ අය බෝම්බේ ලඟට දුවනවා. අලි කුලප්පු වෙලා කියල ආරංචි වුණාම දරුවොත් වඩාගෙන අාත්තම්මත් එක්කගෙන බලන්න එනව. නායයන කන්ද බලන්න කන්ද පාමුලට එකතුවෙනවා. සුනාමිය බලන්න වෙරළට පිරෙනවා. ගංවතුර බලන්න බස් හයර් කරගෙන පවුල් පිටින් යනවා. නූගත්කම කියන්නත් බෑ. උගත් අයත් යනවා. උගත් වුණත් බුද්ධිමත් නෑ. එහෙව් රටක කපුවන්ට මන්තරකරයින්ට සාස්තරකාරයින්ට බලි තොවිල් කාරයන්ට බොරු තෙල් බෙහෙත් වලට රැවටෙන අය "දැඩි දඬුවම්ලට" "දඬුවම්" මුදලාලිලාට රැවටෙන අයත් තොග ගණන්. හරිම කණගාටුදායකයි. රටක ජනතාව විචක්ෂණ බුද්ධියෙන් තොර නිසා දේශපාලකයෝ හිටි පිනුම් බඩ පිනුම් ගහමින් ජනතාව රවට්ටන එක පුදුමයක් නොවෙයි.

:       2       693

Nuwan Sunday, 15 October 2017 08:08 AM

පර්සිට තමයි කියන්න ඕනේ.

:       298       250

nalin Sunday, 15 October 2017 08:37 AM

අපේ මිනිස්සුන්ට මොනවා හරි වුණාම ලඟටම වෙලා බලන්න ඕනේ. තව ටිකෙන් වටේට කැඩිලා මිනිස්සුන්ව යටවෙන්න ඉස්සෙල්ල වහාම ඉවත් කරන්න.

:       0       33

පාටලී Sunday, 15 October 2017 11:08 AM

පාලකයෝ අධාර්මික වෙනකොට බුදුදහමට ගරහනකොට ඔහොම වෙනවා, මහපොළොව කම්පා වෙනවා. ඉස්සරහට තව හොඳ හොඳ ඒවා බලමු.

:       808       1169

abaran Sunday, 15 October 2017 12:24 PM

හොරෙන්ම හම්බන්තොටට හරවාගෙනද දන්නේ නැහැ....

:       38       112

LapayaSunday, 15 October 2017 02:10 PM

වෙන්න බැහැ හම්බන්තොටත් වලවල් හෑරුවේ රත්තරන් හොයන්න හිටපු කට්ටියද? මේක මහා බැංකුවට හරවා ගෙන. ආපු හැටියේ හදපු හිල වහ ගන්න..

:       443       416

රත්න සාගර. Sunday, 15 October 2017 01:56 PM

චම්පික, ඔබට දැන් වැටහෙනවා, මමත් එකඟයි ඔබේ අදහසට. "පාලකයෝ අධාර්මික වෙනකොට බුදුදහමට ගරහනකොට ඔහොම වෙනවා, මහපොළොව කම්පා වෙනවා. ඉස්සරහට තව හොඳ හොඳ ඒවා බලමු".

:       196       331

Hiru Sunday, 15 October 2017 02:27 PM

“සින්ක් හොලේ” එකක්. සවිවර බව වැඩි පසේ හෝ පාෂාණයේ පාංශු ඛාදනය නිසා ඇතිවූ ස්වභාවික තත්වයක්. ජාල මාර්ගය වෙනස් කිරීම කල යුතු බව මගේ අදහසයි.

:       0       75

gajaba Sunday, 15 October 2017 03:23 PM

බුදු අම්මෝ .. මොකක් හරි මහා විනාශයක පෙර නිමිත්තක් ..මට දුක ඕක බලන්න ගිහින් ඉන්න අය ඕක හින්දා මොකක් හරි කරදරේකට පත් වුණත් මේ ආණ්ඩුවෙන් වන්දි ඉල්ලලා කෑ ගහයි කියලයි...

:       1       37

dhamneth Sunday, 15 October 2017 03:32 PM

පාලකයෝ අධර්මිෂ්ඨ වෙනකොට එසේ අධර්මිෂ්ඨ වන පාලකයින්ට මිසක් ජනතාවට විපත් පමුණුවලා හරියනවද? විපත් පැමිණිය යුත්තේ අධර්මිෂ්ඨ පාලකයන්ටයි. සමහර චීවරධාරීනුත් අර රාජා භවතු ධම්මිකෝ කියන එක වැරදියට විග්‍රහ කරනවා.

:       48       100

nishaSunday, 15 October 2017 04:38 PM

ඔබ පතන පාලකයා නම් මේ ආත්මෙදි ආයෙත් එන්නේ නැත .

:       36       259

dias Monday, 16 October 2017 01:06 AM

මේවට මොනවා කියන්නද..වෙල්ගම මහ්තයෝ බදුල්ලට කල අපරාදයට ලොක්කාගෙන් වන්දි අරන් දෙන්ඩ.

:       8       13

janathava Monday, 16 October 2017 03:03 AM

හාමුදුරුවන් දේසපාලනයෙන් වහාම ඉවත් විය යුතුය එසේම පරම්පාරික අපේ සිරිත් වලට ගරහන අයිතිහාසික උරුමයට අවමන් කරන බුදු දහමට වින කරන අයට අපි එරෙහි වෙනවාමය

:       1       67

විද්‍යාචක්‍ර Monday, 16 October 2017 03:49 AM

පරණ උමඟක් තුළට පස් කඩාගෙන වැටිලා. වතුර පාර නවත්තලා භූ විද්‍යා හා පතල් ඇත්තන්ට මේක පරීක්ෂා කරන්න කිව්වා නම් තමයි හොඳ.

:       0       2

Amal Monday, 16 October 2017 04:02 AM

නාය යාමේ ලක්ෂණ පහල වුණත්, රජයකට, පාලකයන්ට, හිටපු පාලකයන්ට බනින්න තරම් නුගත් උගත්තු කියාගන්න අය මේ සමාජයේ සිටීම ගැන බලවත් සතුටක්... ස්වභාවධර්මය විනාශ කරන අය, ඒ විදියටම විනාශ වෙනවා, ඒක වලක්වන්න බෑ. එදාට ඔය තරාතිරම් අදාල වෙන්නේ නැ...

:       0       1

disanayaka Monday, 16 October 2017 04:52 AM

මේ මොන මෝඩ මිනිස්සුද වෙවැනි ඇති භයානක තැනක ලංවෙලා ඉන්න හැටි. වහාම ඔවැනි තැන්වලට කිට්ටුවෙන්න එපා. මිනිස්සු සත්තුන්ටත් වඩා මොඩනේ. මෙතනට වහාම භූ විද්‍යා කාර්යාංශයේ බලධාරීන් ඇවිත් විශ්ලේෂණය කල යුතුයි. මිනිසුනේ අසාමාන්‍ය ව්‍යසනයක් දුටු විට එයින් ඇත්වී සිටින්න. නැතිනම් වටේ ඉන්න ඔක්කොම දරුවෝ වැඩිහිටියි සියල්ල එක්කම පොලොව ගිලාබහීවි. පුදුම මෝඩ මිනිස්සුනේ දෙවියනේ.

:       0       32

lal Monday, 16 October 2017 06:02 AM

බැඳුම්කර කාරයන් ඒ පැත්තේ කැරකුනාවත්ද??

:       0       1

sudarma Monday, 16 October 2017 06:09 AM

මම හිතන්නේ මේක උමගක් වෙන්න පුළුවනි , වතුර ටික යාපනේ පැත්තට යනවද දන්නේ නේ

:       2       1

sudharma Monday, 16 October 2017 06:13 AM

මට හිතෙන්නේ මේක උමගක් කියල .වතුර ටික යාපනේ පැත්තට යනවද දන්නේ නේ

:       0       2

kavantissa Wednesday, 18 October 2017 05:01 PM

උමා ඔය ව්‍යාපෘතිය අවට ඉන්න පිංගුත්තර උදවිය තව අවුරුදු හැටකින් පමණ කාලක්‍රියා කරාවි. ඉන් පසුව උමා ඔය කරගන්ට පුළුවන් වේවි. මීගහකිවුල ඇල මාර්ගය වෙනස් කිරීම පහසුම ප්‍රතිකර්මයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වීඩියෝ දර්ශන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 529 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක




සැබෑ අපරාධය ජනතා මුදල් බැංකු වල හිර කර තබා සිටීමයි
2025 අප්‍රේල් මස 28 3017 32

මහජන වැඩට තියෙන මුදල් තැන්පත් ගිණුම් වල රඳවා ගෙන සිටීම අපරාධයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පෙන්වා දුන් බව හිටපු ජනාධිපති රනිල්


දළදා වන්දනාවේ දින දීර්ඝ නොකරයි
2025 අප්‍රේල් මස 25 1284 6

පුරා දින 10ක් පුරා පැවැති සිරි දළදා වන්දනාව කලින් නියම කර ගත් පරිදී අනිද්දායින් (27) අවසන් කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා අද (25) පැවැ


මහියංගන බස් අනතුරින් 28කට තුවාල
2025 අප්‍රේල් මස 25 871 1

තිරිංග අක්‍රයවීමත් සමඟ රියැදුරුගේ පාලනයෙන් ගිලිහුණු ලංගම බසයක් වියානා ඇළ දෙසට ධාවනය වෙද්දී එහි රියැදුරා අසල වේල්ලක ගැටීමට සලස්සවා බසය නවතා ගැනීමෙන්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 586 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 152 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1177 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site