(යොහාන් භාසුර)
ඕස්ට්‍රේලියාවේදී පසුගිය වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ නළු නිළියන්ට සහ හිතවතුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් වියදම් කර ඇතැයි ඔප්පු කළහොත් තනතුරුවලින් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා අද (25) පැවසීය.
එම තරගාවලියට සහභාගි වූ නළු නිළියන්ට සහ හිතවතුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලිපි නිකුත් කර ඇති බවත් එසේ වුවද ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිඳු මුදලක් වියදම් කර නොමැති බවත් සභාපතිවරයා කීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරිගැන්වීමට අදාල නළු නිළියන් සහභාගි වූ අතර එම නළු නිළියන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගවලදී ද ශ්‍රී ලංකා කණ්ඩායම දිරිගැන්වීමට පැමිණෙන බවත් සභාපතිවරයා කීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (25) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එහි සභාපති ශම්මි සිල්වා මහතා එසේ පැවසීය.
එම මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාස මහතා පැවසුවේ අදාල නළු නිළියන් සමඟ තමන් ඇතමුන් කියන ආකාරයේ ගමන් බිමන්වලට සහභාගි වී නොමැති බවත් ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මුදල් වියදම් කර නොමැති බවත්ය.
මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා, එහි භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු ද සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඇත්තමද?
අපිටත් ලෙටර් එකක් දෙන්නකෝ ඕස්ට්‍රේලියා යන්න .අපිත් දේශීය මැච් වලට එනවා ක්‍රිකටර්ස්ලව ප්‍රමෝට් කරන්න
ෂම්මි සිල්වා වෙනුවෙන් එක් කෝටි දාහත් ලක්ෂයක මුදලක් වෙන් කලේ තනිව වියදම් කරන්න නෙවේනෙ. ඔය නිළියන්ටත් එක්ක තමා. නිළියෝ වියදම් කරන එව්වත් මෙයාගෙ වියදම් විදියට තමා ගනන් හදන්නෙ.
මදෑ නිළියන්ට කියලා කරගත්තු දිරි ගැන්වීම, එකෙකුට ලංකාවේ එකාලගේ දිරිගැන්වීම මදිවෙලා, එහෙන් දිරි ගන්න ගිහින්, තාම එහේ නඩු කියනවා. මරු ක්‍රිකට් ගැහිල්ල, ඉන්දියාවේ ක්‍රිකට් බෝඩ් එකට ඕන විදිහට නැටවෙන කාලකණ්නි බෝඩ් එකේ සෙට් එක තොලොන්චි වෙනකන්, බෝර්න් අගේන් සෙට් එකත් එක්කම, ඔය ක්‍රිකට් වලට ගොඩ ඒමක් නෑ
තොපිත් අර රාජපක්ෂලා වගේ හොරු .රටම එය දන්නවා
ඔප්පු කරන්න බැරි වෙන්ඩ වියදම් කලේ
නළු නිළියන් තමන්ගෙ මුදල් වියදම් කරන් ක්‍රිකට් කණ්ඩායම දිරිමත් කරන්න ගිහින්ද :D
බලාගෙන යද්දී පෙන්නේ ලංකාවේ පරිපාලනයේ සහා රාජ්‍ය ආයතනවල ඉන්න හැම හැත්තම පල් හොරු කියලා . මේ මහජන මුදල් නේ මුන් විනාශ කරන්නේ . ශාප වේවා මුන් ඔක්කොටම !
මොන ලැජ්ජාවක්ද දර්මදාස මහත්තයෝ. ඔබ කුප්‍රකට චරිතයක්. ප්ලීස් ශලනි තාරකාට හානියක් කරන්න එපා. ප්‍රමුක-නවසීලන්තය
නලු නිලියන්ට හිතවතුන්ට ස්පොන්සර් ලෙටර් දෙන්නෙ ශ්‍රී ලංකන් ක්‍රිකට් ඔබලගෙ බුදලයක්ද? පාලකයො ඔස්ට්‍රෙලියාවෙඩි පිස්සු නටනකොට ක්‍රිඩකයො අයාලෙ යන එක පුදුමයක්ද , අද ටෙස් මැච් එක දැක්කම ලෙකුපිත වෙන ජනතව හෙට අනිද්ද පෙලපාලියකින් ඇවිත් මෙ සභාපතිලගෙ නලු නිලියන්ගෙ ගෙවල් ඉදිරිපිට උද්ගොශන නොකරන එක පුදුමයක් ,
ඔය කියන නිලිය සහ තවත් නිලියක් අවස්තා දෙකකදී ඕස්ට්‍රේලියානු තරග වලට ලංකාවේ කණ්ඩායම සංචාරය කරද්දී පැමින සිටියා අපිට මතකයි. සාමාන්‍ය කෙනෙකුට ඕස්ට්‍රේලියාවට සංචාරක වීසා ලැබෙන්න අමාරු කාලයේත් මේ නිලියන් මෙහෙ කරක් ගහන්න කොහොම වීසා ලැබුනද කියා අපි ඒ දවස්වල පුදුම වුනා.
ඔප්පුකලොත් අස්කරනවා, අස්වෙන්න උවමනා නෑ.
ඔප්පු කරන්න ඕන නෑ. දැන්ම අස්වෙලා යන්න. පළමු පන්තියේ ටිකට් අරන් නිලි වේශයෙන් ඉන්න අයත් සමග රවුම් ගහනකොට ක්‍රීඩකයින් පිට යාම කොහොමද නවත්තන්නේ...? හරියට තමන්ගේ සල්ලි වගේ මහජන මුදල් වියදම...
හරි මචන්, ඔහොම්ම වියදන් කරගෙන ඉන්න. අපි ඒවා facebook දදා ඉන්නම්. තෑන්ක්ස් විස්තර කරාට. Good හරිය! අපි මොනවා හරි කරන්න බලන්නම් Srilanka Cricket ගොඩ ගන්න.
ඕක ඔප්පු කොරලා ඉවර වෙද්දී ඔහේගේ ධූර කාලය අහවරයි නොවැ. අමෝ අමෝ පට්ට පොරොන්දුව . දේශපාලන ව්‍යවසායකයෝ හට දෙන ප්‍රසිද්ධිය කැලේ අලින්ට දුන්නා නම් සාංචාරකයෙක් හෝ වැඩිපුර එයි...
අම්මෝ මාර සත් ගුණවත් සෙට් එකක්නේ. ඒ හින්ද වෙන්න ඇති එක්කගෙන ගිය එකෙක් රහත්වෙලා හොයාගන්නත් බැරි.
අස්වෙලා වැඩක් නෑ .එහෙම කරානම් ගෙවන්න ඕනි ඒවා ආණ්ඩුවට
ඔප්පු කරන්න දෙයක් නැහැ , විගණන වාර්තාවේ සඳහන් වෙනවා ඔය කියන නිළියන්ට මොවුන් ගේ මිතුරියෝ විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔස්ට්‍ර්ලියනු වීසා ලබා දී තිබෙන බව , විසා විතරක් අරන් දීල ඒවට යන මුදල් ඒ නිලියෝන්ගේ අතින් ගෙවන්න කියන්නේ නැහැ කියල මේ රටේ පොඩි ළමයෙක් උනත් දන්නවා
අස්වෙලා විතරක් හරියන්නෙ නැහැ. සල්ලි ටිකත් ආපහු ගෙවපල්ලා
අනේ ඔයා අස්වෙන්න එපා.එතකොට වර්ල්ඩ් කප් දිනන්නේ කොහොමද.බොරු කියපු එකාට විරුද්ධව නඩු දාන්නකෝ
කලුකුමාර දිශ්ඨිය…..
මෙඑන්න පට්ට පල් බොරුවක්. නලු නිලියො නිකම්ම අතින් වියදම් කරගෙන ඇතින් කාල හඅරක් බලන්ඩ එයි. ඔය ගෙවන සල්ලි වෙන මොනව හරි දේකට කියල ගෙවල ඇති. ඒක හින්ද පට්ට බොරු කෙලින් නැතුව ඉන්නව.
වහාම හොර තක්කඩියන් රටින් පිට වෙයව්