IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


නාමල් ඇතුළු පහකට ඇප

(සනත් ගමගේ)

හම්බන්තොටදී පසුගියදා කෙරුණු උද්ඝෝෂණයකදී අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් භාරයේ සිටි මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනකුට අද(16) හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඇප දීමට නියෝග කළේය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අමතරව, ඩී.වී.චානක, පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරළ ඇතුළු පස් දෙනකුට එසේ ඇප නියම කෙරිණි.

එක් අයකුට  ලක්ෂ පහ බැගින් වු ශරීර ඇප තුනක් මත ඔවුන් මෙලෙස මුදා හැරිණි.

මේ අතර එම සිදුවීමට අදාළව රිමාන්ඩ් කරනු ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී වන ප්‍රසන්න රණවීර, පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාර, මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු 29දෙනකු ලබන 30වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.



අදහස් (18)

නාමල් ඇතුළු පහකට ඇප

Ruwan Monday, 16 October 2017 06:24 AM

රටක නිතිය අනුව කටයුතු කිරීමට නොදත් ඔබවැනි පිරිස් දේශපාලනයට කෙසේවත් ගැලපෙන්නේ නැත. මෙය ඔබගේ නිතිය පිළිබඳවත් ගැටළු ඇති කරයි. නීතියට අප සැම දෙනාම එකසේ යටත් බව තේරුම් නොගෙන දේශපාලනයට පැමිණියහොත් නීතියට දෙවියන්ගේම සරණයි.

:       647       1031

one srilankan Monday, 16 October 2017 06:43 AM

රටේ නීතිය දේශපාලනීකරණය වෙලා වගේ පෙනෙන්නේ. එක එක්කෙනාට වෙනස්.

:       252       236

wije Monday, 16 October 2017 08:08 AM

නාමල් මහත්තයෝ දිට්ටධම්ම වේදනීය කර්මය කියලා එකක් තියෙනවා කියලා දැන්වත් තේරුම් ගන්න. ඔබතුමාලා බලයේ ඉන්නකොට කරපු දේවල් අපිට හොදට මතකයි.

:       67       78

Ravi Monday, 16 October 2017 08:25 AM

මම නම් කියන්නේ අපේ පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම අයින් කරලා අලුතින් පත් කරන්න ඕනෑ හොඳ මන්ත්‍රීවරුන්. රට ගොඩගන්න පුළුවන් අය. එහෙම නැතිව එයාල හොඳට සැප විදින්න. පරම්පරාවටම හම්බ කරගන්න හොරකම් කරන්න නෙවෙයි. දුප්පත් අයට ඉන්න හිටින්න තැනක් නැහැ... කන්න නැහැ. එහෙම තියෙද්දී මේ ගොල්ලෝ මෙච්චර සැප විඳින්නේ. මම එක පක්ෂයක් ගැන නෙවෙයි.... ඔක්කොමලා ගැනයි කියන්නේ...

:       0       272

rohanMonday, 16 October 2017 10:09 AM

රවී ඕකත් කියන්න දෙයක්ද? අනිවාර්යෙන් වෙන්න ඕනේ ඕක තමයි... නැත්නම් රටක් ජනතාවක් හැටියට අපට ගොඩ ඒමක් නැහැ.

:       0       10

dhamneth Monday, 16 October 2017 08:25 AM

හම්බන්තොට හා මත්තල බදුදිමෙන් රටට පාඩුවක් වෙනවා නම් ඒක පක්ෂ භේදයකින් තොරව අපි කාටත් බලපානවා. ඔයගොල්ලෝ විපක්ෂයේ සිටිද්දී විරුද්ධ වන සැමදෙයක්ම බලයට ආවට පස්සේ තමන්ගේ වගේ කරගෙන යනවා. පළාත් සභා විධායක ජනාධිපති ක්‍රමය ආදියට කොහොමද එදා විරුද්ධ වුනේ. ඒකයි අපි දැන් ඕවට සහභාගී නොවන්නේ.

:       4       63

ganesh Monday, 16 October 2017 08:27 AM

ඩීල් ලන්තයේ නිල්, කොළ, රතු දේශපාලකයන්ගේ විකට රංගන....

:       0       89

naradha Monday, 16 October 2017 10:19 AM

මේ තැනැත්තා දේශපාලනය සඳහා පරිණත පුද්ගලයෙක් යයි මා සිතන්නේ නැහැ.

:       1       193

rohan Monday, 16 October 2017 10:46 AM

හිටපු ලොක්ක අධිකරණයෙන් සාධාරණය ඉල්ලුවා. දැන් ලැබුණා නේද? එයා හිටියා නම් ඕවා ඔහොම වෙනවද? අනික එයට සදාචාරාත්මක අයිතියක් තියනවද? එහෙම අහන්න එයාගේ කාලේ අරලිය මැදුරේ නඩු තීන්දු දුන්නේ දැන් මොකටද අධිකරණයක්...?

:       1       68

ravin Monday, 16 October 2017 12:33 PM

හා !! හා !!! දැන්වත් විධායකය , ව්‍යවස්තාව සහ අධිකරණය කියල තුනක් වෙන් වෙන්ව තියනවා කියල දන්නවද?

:       27       49

ධම්මික Monday, 16 October 2017 01:03 PM

කෝ අධිකරණ නියෝග නොතකා උතුරේ උද්ඝෝෂණය කරපු අයට නඩු. ඒ අයට වෙන නීතියක් ද?

:       172       153

ajit Monday, 16 October 2017 01:50 PM

නාමල් ලොක්කගේ බොඩි ගාර්ඩ් දැක්කම පේනවා රටට ඕන නාමල්ල වගේ අය කියලා. අහිංසක මිනිස්සු පව්. නමුත් ඒ අයමයි නැවත නාමල්ලා වගේ අයව රට පාලනය කරන්න ගේන්න දඟලන්නේ. ඒ නිසා දීපු දඬුවම හොඳයි වගේ .

:       166       238

Sanjeewa Monday, 16 October 2017 03:12 PM

රවීන් විධායකය, ව්‍යවස්ථාව හා අධිකරණය කියලා තුනක් නෙවෙයි. උතුරු අධිකරණය හා දකුණු අධිකරණය කියලා දෙකකුත් තියෙනවා. ඔක්කොම 4 යි.

:       16       430

Suraweera Monday, 16 October 2017 04:47 PM

පෙරකදෝරුවා මොනවද රටේ නීතිය ගැන දන්නේ? පහුගිය කාලේ දේශපාලකයෝ නීතිය අතට අරන් කරපු හරිය දන්නවද?

:       9       18

erdi Monday, 16 October 2017 05:02 PM

නීතිය මැකී ගිය රටක අපිත් ඔහේ බලන් ඉන්නවා. රටේ තියන ජරා වැඩ සේරම කරලා ඇතුළට යනවා. පස්සේ එළියට ඇවිත් රඟපානවා.

:       55       4

Chanak Los angeles Monday, 16 October 2017 05:27 PM

මේවට වියදම් වෙන්නෙත් මහජන සල්ලි. මේ යන වියදම් අදාළ චූදිතයන්ගෙන් අයකර ගන්න ඕනේ.. මොකද රාජපක්ෂවරුන්ගේ රටේ පුරවාගත් සල්ලි ඕනෑතරම් තිබෙන නිසා ..

:       30       2

Chanak Los angeles Monday, 16 October 2017 05:35 PM

මොකටද මේ විදියට මේ හොරුන් පසුපස මිනිසුන් දුවන්නේ? පේනවද වෙන්න බැරිවුණු කුමාරය පිටුපසින් එන මිනිසුන්ට කේන්තියෙන් බනින හැටි ...? ලෝකයේ කිසිම රටක මෙවැනි දර්ශන දකින්න ලැබෙන්නේ නෑ..

:       11       2

Nandalal Tuesday, 17 October 2017 07:28 AM

මේගොල්ලෝ කිසිම වැරැද්දක් කරලා නැහැ කියන්නද මේ සංදර්ශන පවත්වන්නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වීඩියෝ දර්ශන


ගල්කිස්සේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 මැයි මස 05 2131 6

ගල්කිස්සේ වෙරළ පාර, ගාලු පාර අසල මීට සුළු මොහොතකට ඉහතදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.


‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 686 6

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක




සැබෑ අපරාධය ජනතා මුදල් බැංකු වල හිර කර තබා සිටීමයි
2025 අප්‍රේල් මස 28 3046 32

මහජන වැඩට තියෙන මුදල් තැන්පත් ගිණුම් වල රඳවා ගෙන සිටීම අපරාධයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පෙන්වා දුන් බව හිටපු ජනාධිපති රනිල්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 743 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 190 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1232 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site