IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


නාමයෝජනා දෙන්න ඇවිත්

(යොහාන් භාසුර )

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන් 40 න් අපේක්ෂයන් 39 ක් නාම යෝජනා භාර දුන් බව මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙන් නිවේදනය කළේය.

ඒ අනුව ඇප තැන්පත් කළ එක අපේක්ෂකයෙක් පමණක් නාමයෝජනා මේ දක්වා ඉදිරිපත් කර නොමැති බව එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.


මෙවර ජනාධිපතිවරණයේ ජනපති අපේක්ෂකයකු ලෙස ස්වාධිනව ඉදිරිපත්වන අනුරුද්ධ පොල්ගම්පොල මහතාද සිය නාමයෝජනා බාරදුන්නේය.


ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස විජයදාස රාජපක්ෂ මහතාද සිය නාම යෝජනාපත්‍රය බාරදුන්නේය.

ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන් හතළිස්දෙනාගෙන් අපේක්ෂකයන් 31 ක් මේ වන විට නාම යෝජනා භාරදී ඇති බව මැතිවරණ ලේකම් කාර්යාලය පැවසීය. 

 


ජාතික ජනබලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර නාම යෝජනා බාරදුන්නේය.


මගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මීට සුළු මොහොතකට පෙර සිය නාමයෝජනා පත්‍රය මැතිවරණ කොමිසම වෙත භාර දුන්නේය. 

 ස්වාධින  අපේක්ෂකයකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද  නාම යෝජනා පත්‍රය බාර දුන්නේය.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර නාම යෝජනා පත්‍රයේ භාරදුන්නේය. 


ජනාධිපතිවරණය සඳහා පළමු නාම යෝජනාව පත්‍රය මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා මීට සුළු මොහොතකට පෙර බාර දුන්නේය.

නාමල් රාජපක්ෂ මහතා ඇතුළු අපේක්ෂකයන් රැසක් නාමයෝජනා පත්‍ර භාරදීමට සූදානමින් සිටිති.

 


නාමයෝජනා භාරගැනීමට සියල්ල සූදානම්

 

රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරණයට නාම යෝජනා භාරගැනීමට සියල්ල සූදානම් බව මැතිවරණ කොමිසම පැවසීය.

නාම යෝජනා භාරගැනීම පෙරවරු 9.00 ට ආරම්භ වන අතර අපේක්ෂකයන් රැසක් නාම යෝජනා භාරදීම සඳහා මේ වන විටත් මැතිවරණ ලේකම් කාර්යාලයට පැමිණ සිටිති.

ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ, සරත් ෆොන්සේකා,  සිරිතුංග ජයසූරිය, සරත් මනමේන්ද්‍ර, ඒ.එස්. පී. ලියනගේ යන අපේක්ෂකයෝ මේ වන විටත් මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණ සිටිති. 

නාම යෝජනා භාර ගැනීම පෙරවරු 11.00 ට අවසන් වීමට නියමිත අතර එම නාම යෝජනා සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට විනාඩි 30 ක කාලයක් හිමිවේ. 

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

 



අදහස් (14)

නාමයෝජනා දෙන්න ඇවිත්

වරුන Thursday, 15 August 2024 12:58 PM

නියත ජනපති සජිත්

:       86       134

කමනි Thursday, 15 August 2024 01:01 PM

සජිත් ප්‍රේමදාස වගේ හොද හදවතක් තියෙන කෙනෙක් ජනපති වුනොත් මේ රටේ දුප්පත් ජනතාව දිනුම්.

:       93       112

Raman Thursday, 15 August 2024 01:18 PM

කවුද ඒ ආවේ නැති 40 වෙනියා?

:       0       33

Pradeep Kumara Thursday, 15 August 2024 01:35 PM

2015 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයට පත් වූ පසුව බොහෝ දෙනෙකුට තේරුනා ජනාධිපති ධූරයට ඕනෑම කෙනෙකුට තරඟ කිරීමටත්, ජය ගැනීමටත් පුළුවන් කියලා. ජනාධිපති ධූරයේ ගාම්භීර බව හෑල්ලු කලේ මෛත්‍රීපාල මහතායි.

:       89       32

පිටරැටියා Thursday, 15 August 2024 03:29 PM

අනුර තමා හැම අතින්ම සුදුසු. අනික් දේසපාලුවන්ගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .

:       130       81

විජිත් Thursday, 15 August 2024 05:45 PM

අනුර කුමාරට ඡන්ද කෝටියක්..!!!

:       3       2

chandima Thursday, 15 August 2024 05:55 PM

පේනවනේ කවුද ආරක්ෂක සෙබළු පිරිවරාගෙන ඇවිත් ඉන්නේ කියලා. පාරේ බැහැලා යන්න පණ බයේ ඉන්න කෙනෙකුට රට හදන්න පුළුවන්ද? ඒ ගොල්ලෝ කොයිවෙලේ දිව්‍යෙලා්කයේ යන්න වෙයිද කියලා දින ගණන් කරනවා. අපට සෙතක් වෙන්නේ නෑ.

:       1       2

අරවින්ද මොනරවිල Thursday, 15 August 2024 06:43 PM

ජනාධිපති තනතුරට නියම සුදුස්සා අනුර කුමාර දිසානායකයි, ඔහුට වගේම ඔහු වටා සිටින පිරිසට දූෂණ චෝදනා, අපරාධ චෝදනා නැහැ. ඒ නිසා විශ්වාසයක් ඇතුව ඡන්දය දිය හැකියි...!

:       2       2

sugath Thursday, 15 August 2024 07:14 PM

මේ හුඟ දෙනෙකුගේ බලපොරොත්තුව රටට වඩා තමන්ගේ පැවැත්ම වර්ධනය කර ගැනීමයි.

:       1       3

Namal Thursday, 15 August 2024 07:22 PM

රනිල්ට ජය නියතයි...

:       2       3

ගමේ එකාලා Thursday, 15 August 2024 09:29 PM

පැරදෙන බව දැනගෙනත් මොකට ආවාද මන්දා...?

:       0       1

Gihan Friday, 16 August 2024 12:07 AM

හොරු සහ මංකොල්ලකරුවන් එක මිටට...

:       0       4

Kumara Friday, 16 August 2024 01:23 AM

දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක​

:       1       4

Sarath Kadupitige Friday, 16 August 2024 02:36 AM

අනුර පහත සඳහන් අත්‍යාවශ්‍ය දේ කරනු ඇත: 1. සැමට සමාන අවස්ථා. විශේෂයෙන් නීතියෙන්. 2. රුපියලේ විනිමය අනුපාතය අඩු කිරීම (අපනයනය වැඩි කිරීම) මේ දෙක ශ්‍රී ලංකාව එහි සංවර්ධන මාවතට ගෙන එයි.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 555 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17348 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 707 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site