ඉන්දික රාමනායක
සේවා ස්ථානයක් තුළ දී තරුණියකට අමානුෂීක අතින් පයින් හා පුටුවලින් පහර දුන් අඹුසැමි යුවළක් අද (15) කදාන ආනියාකන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කදාන පොලිසිය පවසයි.
සැකකාර යුවළ තරුණියට පහර දෙන අන්දම සාමාජ මාධ්‍යවල හා විද්‍යුත් නාලිකාවල පෙරේදා (13) පළවු අතර, ඒ ඔස්සේ විමර්ශන සිදුකර සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කදාන ප්‍රදේශයේ භාණ්ඩ බෙදා හැරීමේ නිරත පුද්ගලික ආයතනයක හිමිකරු හා ඔහුගේ බිරිඳ බවද පොලිසිය පවසයි.
කිසියම් රාජකාරි අතපසුවක් හේතුවෙන් සැකකරු හා සැකකාරිය එම ආයතනය තුළ ඉහත තරුණියට අතින් පයින් හා ප්ලාස්ටික් පුටුවලින් පහර දී ඇති අතර, එම සිදුවීමේ වීඩියෝ පට සාමාජ මාධ්‍ය වල ප්‍රචාරය විය.
සැකකරු හා සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවජාතකයෝ
ඒ තිරිසන් මිනිහා නම් එල්ලලා මරන්න ඕනේ, ගහපු ගැහිල්ලට... මේ වගේ තුච්ඡ ආයතන වැහෙන විදිහට කටයුතු කරන්න පාරිභෝගිකයින් වගබලාගත්තා නම් අඩුම තරමේ ආයතන තමන්ගේ සේවය ගැන සැලකිලිමත් වේවි.
නීතිපති විසින් මහාධිකරණයේ වහා අධි චෝදනා ගොනුකළ හැකි සිද්ධියකි...