IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඩයනා - සුජිත් - රෝහණ මැතිසබේ ගෞරවය නැති කළා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු පරිශ්‍රයේ  ගුටිබැට හුවමාරුවට සම්බන්ධවූ රාජ්‍ය ඇමතිනී  ඩයනා ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර  යන මහත්වරුන් පාර්ලිමේන්තුවේ ගෞරවයට හානි වන ආකාරයෙන් කටයුතු කර ඇති බව මූලික පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවී ඇතැයි  මේ සම්බන්ධයෙන් විමර්ශන කිරීමට පත් කෙරුණු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව පවසයි.

කමිටුවෙන් කෙරුණු දැනුම් දීමක් අනුව රාජ්‍ය අමාත්‍යවරිය සහ එම මන්ත්‍රීවරු දෙදෙනා  කමිටුව හමුවේ අද (6) පෙනී සිටියහ.

සිද්ධිය පිළිබඳව සීසීටීවී කැමරා දර්ශන නැරඹීමෙන් පසු දෙදෙනාගෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදුවිය.

සිද්ධිය ඇසින් දුටු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාද කමිටුව හමුවට කැඳවා තිබුණද අත්‍යවශ්‍ය රාජකාරි කටයුත්තක් හේතුවෙන් ඔහු එම රැස්වීමට සහභාගී වූයේ නැත. පියල් නිශාන්ත මහතා ලබන  9 වැනිදා පැවැත්වෙන  මීළඟ කමිටුව රැස්වීමට කැඳවීමට නියමිතය.

මෙම කමිටුව අවසන් වරට රැස්වීමට නියමිතව ඇත්තේ ලබන 9 වැනිදා පෙරවරු 10.30ටය. එදින විමර්ශන කටයුතු අවසන් කිරීමෙන් පසු සිද්ධිය පිළිබඳ වාර්තාව කතානායකවරයාට බාර දෙන බව  නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පැවසීය.

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මෙම ගුටිබැට හුවමාරුව සිදු වූයේ පසුගිය 20 වැනිදාය.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ  ප්‍රසිද්ධියේ එකිනෙකාට බැන  වැදීම්, දෝෂාරෝපණය කරගැනීම්, තල්ලුකරගැනීම්, ගැටුම වීඩියෝ කර ගැනීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව කමිටුවේ විශේෂ අවධානය යොමුවී ඇත.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක කාර්යාලයේ ශ්‍රවණාගාරයේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට  සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ඉම්ටියාස් බාකීර් මාකර්, ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ  චමින්ද කුලරත්න මහත්වරුන්  ඇතුළු නිලධාරිහු පිරිසක්ද සහභාගි වූහ.



අදහස් (12)

ඩයනා - සුජිත් - රෝහණ මැතිසබේ ගෞරවය නැති කළා

Nimal Monday, 06 November 2023 04:59 PM

මොන ගෞරවයක් ගැනද කියන්නේ?

:       0       17

SAMAN Tuesday, 07 November 2023 05:24 AM

පාර්ලිමේන්තු පරිශ්‍රයේ ගුටිබැට හුවමාරුවට සම්බන්ධවූ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර පාර්ලිමේන්තුවේ ගෞරවයට හානි වන ආකාරයෙන් කටයුතු කර ඇති බව මූලික පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවී තිබේනම් කතානායකවරයා මොවුන්ට පාර්ලිමේන්තුවට පැමිණීම මාස 3 -6ක් පමණ කාලයක් තහනම් කලයුතුවේ. එවැනි තහනමකට ලක්වන අවස්ථවේ ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරනේද කියා නිතරම "විනය" ගැන කතා කරනාවූ විපක්ෂ නයක සහ SJB නායකවරයාගෙන් කැමැත්තෙමු

:       0       0

shantha Monday, 06 November 2023 06:00 PM

මැතිසබේ කොහෙද හලෝ ගෞරවයක් තියෙන අය? ඕකේ ඉන්න තරමක් ඉන්නේ හොරු, මිනීමරුවෝ, ගණිකාවෝ.... කොටින්ම පාතාලයෝ. එතකොට ඔයා? ඔයාගේ ගංජා හේන පොලිසියෙන් අල්ලපු කතාව? ඔයා බාබා නේද? මල් බබා !!!

:       0       18

fairoos Monday, 06 November 2023 06:01 PM

ගලි බවුසර්ටනම් කිසිම ගාණක් නෑ...

:       1       16

Rata Perata Monday, 06 November 2023 09:50 PM

බම්බුව තමයි. දැන් ඔකෙ ගවුරවය නැති කරන්නෙ වෙන එකෙක් නෙමෙයි කතානායක. මිනිහගෙ හැසිරීම බලන්න අප්පිරියයි.

:       0       0

බී අමවසිංහ Tuesday, 07 November 2023 12:58 AM

දඬුවමක් විදිහට ඔවුන්ගේ දීමනා වැඩි කරමු

:       0       3

de silva Tuesday, 07 November 2023 04:44 AM

ඕකේ තිබෙන ගෞරවය කුමක්ද ඕකේ ඉන්නේ වැලි , පස් , කුඩු , අරක්කු ජාවාරම් කාරයෝ , මහා බැංකු හොරු , රත්‍රන් හොරු ඩබල , උසාවියෙන් මරණ දඩුවම නියම වුන මිනීමරුවෝ , බුරුතු පිටින් සිවිල් ජනතාව සහ යටත් වුන පොලිස් නිලධාරියෝ ගාතනය කල හිටපු ත්‍රස්තවධි නායකයෝ , කොමිස් කාරයෝ , ඩිල් දාසල , පවුල් පිටින් එකතුවෙලා මුළු රටම හොරකපු හොර මෛනගේ පවුලේ සාමාජිකයෝ වැනි පුද්ගලයෝනේ , මෙවැනි පුද්ගලයන්ට ගහ මරාගන්නවා කියන්නේ සාමාන්‍ය දේවල්

:       0       2

සිරිබිරිස් Tuesday, 07 November 2023 05:48 AM

ඔහොම විමර්ශන කර වැරදි කරුවන් වෙන අයට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම තහනම් කරන්න පුළුවන් නම් ඉතාමත් හොදයි එහෙම කරන්න බැරිනම් ඇමති තනතුරු නැත්නම් උප ඇමති තනතුරු (රාජ්‍ය ඇමති නැතුව පුද්ගලික ඇමතිලා නැහැනේ පළාත් කිව්වත් ඒක පළාත් ආණ්ඩු ඇමතිලා තමයි ) සධාකාලිකව නොදීමට කටයුතු කරන්න ඕන එහෙම නැතුව කමිටු පත්කර ජනතා මුදල් නාස්ති කර සභාවේ කාලය කාදැමීම වැඩකට නැති වැඩක් තමයි

:       0       2

Anura Tuesday, 07 November 2023 08:32 AM

පාර්ලිමේන්තුව නෙමේ යකෝ කෑවේ .අපේ මව්බිම බව දන්නැති සක්කි.... හැත්ත ....

:       0       1

Pradeep Kumara Tuesday, 07 November 2023 09:24 AM

පාර්ලිමේන්තුවේ ගෞරවයට හානි කරලා තියෙන්නේ ඔය කියපු කට්ටිය විතරද? ඔය ඉන්න 225 දෙනා අතරින් කවුද එහි නිසි ගෞරවය රැක ගත්තේ?

:       0       5

wedage Tuesday, 07 November 2023 10:23 AM

රම්බා විහාරයේ ඉඩම් අල්ලාගත්තේ කව්ද දන්නේ නෑ නේද ?ගෞරවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ කීපදෙනයි ඉන්නේ

:       0       2

Bamunuarachchi Tuesday, 07 November 2023 06:35 PM

ඒක මාරකතාවක් නේ ඒ තුන්දෙනාගේ ආරවුල සිද්ද උනේ පාර්ලිමේන්තු ගැබේ නොවෙයි. පාර්ලිමේන්තුව තුල සිද්දඋන මිරිස් කුඩු ගැහිලි, රනිල්ට වාසුගෙන් ලැබුන වාග් ප්‍රහාර වලදී ඔහොම කිව්වේ නැහැ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 747 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 567 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site