(ඩයනා උදයංගනී)
රටේ ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් සංවේදී නොවන දේශපාලකයන්ට ඡන්දය ලබාදෙන්න එපා යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
නිවාස නැති පවුල් සිටියදී නාගරික සංවර්ධන අමාත්‍යාංශය ඩොලර් සෙවීම සඳහා අධි සුඛොපභෝගී නිවාස ඒකක තුනක් ක් හදලා විදේශිකයින්ට විකුණා ඇතැයි කී කාදිනල්තුමෝ එම අමාත්‍යංශය තියෙන්නේ විදේශිකයින්ගේ ඕනෑ-එපාකම් පිරිමහන්නදැයි තමන් ප්‍රශ්න කරන බව ද සඳහන් කළහ.
එවන් අයට ඡන්දය දී නිවාස ඉදිකර දෙන්නැයි තමන්ගෙන් ඉල්ලීම් කරන්නට එපා යැයි ද කාදිනල්තුමෝ කීහ.
‘ජනතා ප්‍රශ්න විසදන්න බැරි දේශපාලනඥයෝ ගෙදර යන්න ඕනේ’ යැයි ද කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
අගරදගුරුතුමන් මේ බව මීගමුවේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතකයි... ඔබතුමා ගියපාරත් අපට උදව් කළා ඉතාම හොඳ පාලකයෙක් සොයා ගන්න. ඔබතුමා ආයෙමත්?