
(ටී.කේ.ජී.කපිල )
චීන ජාතික ගුවන් සේවය වන " එයා චයිනා " (Air China ) ගුවන් සේවය ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයෙන් පසු , යළි ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කරමින් පළමු මංගල ගුවන් යානය ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
මීට වසර තුනකට පමණ පෙර මෙම චීන ජාතික ගුවන් සේවය , ශ්‍රී ලංකාව වෙත සිදු කළ ගුවන් ගමන් තාවකාලිකව නවතා දමා තිබුණි .
මෙම ප්‍රථම මංගල ගුවන් යානය සදහා ඒ.- 320 එයා බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි.
චීනයේ ෂිචුවාන් ප්‍රාන්තයේ චෙන්ඩු ( Chendu ) නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට මෙම චීන ජාතික ගුවන් සේවයේ සී.සී.ඒ.- 425 (C.C.A.- 425) දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ ගොඩබැස්සවීය .
මෙම ගුවන් යානයෙන් ගුවන් මගීන් 142 දෙනෙක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 09 දෙනෙක් ද පැමිණ සිටියහ .


2025 දෙසැම්බර් මස 16
57
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
චීන ගුවන් ගමන් යළි අරඹයි
rani Tuesday, 04 July 2023 03:20 PM
චීන්නු මේ රටට කරන විපාක මදිද , තව උන් ගෙනත් මේක අස්සේ ගහගන්න ඕනද ? අර මා ගල් කන්දේ සිව්රු හොරා කොල්ලෙක්ගේ කලිසම ගලවන්න කියපු එක ඇයි ලංකාදීප පුවත්පතේ දැම්මේ නැත්තේ ?