IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


උඩරට දුම්රිය මාර්ගයේ පාලම අලුත්වැඩියාවට සති තුනක්

(රංජිත් රාජපක්‍ෂ )
 
උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ කොටගල අතර අඩි හැටේ පාලම මතදි ඉකුත් (13) වැනි දා රාති‍්‍ර තැපැල් දුම්රියේ මැදිරි හතරක් පීලිපැනිමෙන් අලාභ හානි වු අඩි හැටේ පාලමේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතු කුඩා දුම්රිය දොඹකරයක සහයෝගය ලබා ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු පාලම් ප‍්‍රධාන ඉංජිනේරු රංජිත් විජේසිරි පැවසීය.

යකඩ තාක්ෂණය අඩු කාලයකදි මෙම පාලම ඉදිකර ඇති බවත් වර්තමානයේ වැඩි බරකින් යුත් දුම්රිය එන්ජින් ධාවනයට එක්කර තිබිම නිසා  පාලම වෙනුවට නව යකඩ පාලමක් සවිකිරිම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තු අවධානය යොමුවී ඇති බවයි.  

අලාභ හානි වු මෙම පාලම සති තුනක් ඇතුළත අලුත්වැඩියා කර උඩරට දුම්රිය ගමනාගමනය යළි යථා තත්ත්වයට පත් කිරිමට සැලසුම් කර තිබුනද තම සේවකයන්ගේ කාර්යක්ෂම සේවය හමුවේ පාලම ප‍්‍රතිසංස්කරණය කර අවසන් කිරිමට සැලසුම් කළ කාලයට වඩා කඩිනමින් දුමිරිය මාර්ගය යථාතත්ත්වයට පත් කිරිම තම අපේක්‍ෂාව බව  රංජිත් විජේසිරි සඳහන් කළේය.

 



අදහස් (7)

උඩරට දුම්රිය මාර්ගයේ පාලම අලුත්වැඩියාවට සති තුනක්

Rex Hatton Monday, 17 July 2017 06:13 AM

අවුරුදු 150 කට කලින් ඉන්දීය කම්කරුවන්ගේ දහඩිය මහන්සියන් හා ජීවිත පූජාවෙන් බ්‍රිතාන්‍ය පාලකයන් ඉදිකළ මෙම දුම්රිය මාර්ග රටට සම්පතක්. මෙය රැක ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව දරන උත්සාහයට අපගේ ප්‍රණාමය.

:       2       73

supun maduranga Monday, 17 July 2017 07:03 AM

මේ පාලම යකඩ තාක්ෂනය නොදියුණු කාලේ හදපු එකක් කියලා අඩුවෙන් තක්සේරු කරන්න හොඳ නෑ... අද කාලේ හදන පාලමක් අවුරුදු 50ක් තියෙනවා කියලා කියන්න පුලුවන්ද?? හදල ඉවරවෙනකොට කඩාගෙන වැටෙනවා.... උඩරට දුම්රිය මාර්ගයේ තියෙන මෙවැනි පාලම් පරණ උනාට විශිෂ්ට ගනයේ නිර්මාණ.... මෙවැනි පාලම් එංගලන්තේදී සම්පුර්ණයෙන් හදල ඉවරකරලා තමා මෙහෙ ගෙනත් සවිකරලා තියෙන්නේ... සම්පුර්ණ පාලම් කොටසම තනි සැකිල්ලක්... ඒවා වෙන්කරන්න බැහැ.... ඇන ගලවන්න බෑ....රිවට් කරලා තියෙන්නේ... ඒවගේම මලකඩ ඉතාම අඩුවෙන් කන ලෝහ බාවිතා කරලා තියෙන්නේ... මෙච්චර කාලයක් පවතින්න හේතුව එක තමා... අද කාලේ පාලම්වල මෙවැනි ලක්ෂණ නෑ..

:       1       104

wedage Monday, 17 July 2017 09:17 AM

මෙවැනි දුම්රිය පාලම් ඇති ස්ථානවලදී දුම්රියවල වේගය අඩු කිරීමට පියවර ගන්න. අතිරේක වැර ගැන්නුම් යොදා ශක්තිමත් කිරීමට පියවර ගන්න.

:       0       25

නුමාMonday, 17 July 2017 10:29 PM

මෙවැනි පාලම් ඇති තැන් තැන් පමණක් නොවේ, උඩරට දුම්රිය කොතැනත් ඉබි ගමණින් තමා ගමන් කරන්නේ. මුළු දුම්රිය මාර්ගයම නවීකරණය අවශ්‍යයි. කිලෝමීටර 250-300 යන්න පැය 10 විතර තවමත් අප වැය කරනවා.

:       0       1

kumar (galf) Monday, 17 July 2017 10:32 AM

ආපෝ.., ඉන්දියන් හා චීන යකඩ එහෙම දාලා මේ පාලම් අලුත්වැඩියා කරන්න එප... කඩාවැටෙයි දිරා ගිහිල්ලා..

:       0       7

my3 Monday, 17 July 2017 11:47 AM

මේ පාලම යටිනුයි, දෙපැත්තෙනුයි, එයාර් බෑග් හයි කරා නම් නේද හොඳ?

:       301       1

ranjith bogoda Tuesday, 18 July 2017 01:02 AM

හරිම අගය කල යුතුඉ ඔවුන්ගේ උත්සාහය

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 687 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17828 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site